ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් විස්තීරණ අරමුදල් පහසුකමක් සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත. මෙය මෙම ක්‍රියාවලියෙහි පළමු පියවර සාර්ථකව නිම කිරීම සලකුණු කරන බැවින්, මෙය සුබවාදීය. නමුත් ඇතැම් පාර්ශව නොදැනුවත්කම නිසා හෝ සිතා මතාම මෙය IMF සහයෝගීතා වැඩසටහන මගින් ලබාදෙන මුදලට අවසාන අනුමැතිය හිමිවීම ලෙස වැරදියට අර්ථකථනය කිරීමට උත්සාහ කර ඇත.
මෙම විස්තීරණ අරමුදල් පහසුකම ලංකාවට හිමිවීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වයේ සහ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු අතර මෙහිදී වඩාත් තීරණාත්මක අවශතාවය වන්නේ, ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් වෙතින් ලබාගත යුතු මූල්‍යනය පිලිබඳව සහතික වීම හා පෞද්ගලික ණය හිමියන් සමඟ සද්භාවයෙන් යුතුව එළඹ ගතයුතු වන්නා වූ එකඟතා යන අභියෝගාත්මක කොන්දේසි සපුරාලීමයි.