🏴 London Bridge is Down 🏴

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,869
    11,619
    113
    F203B5C0-F808-43B9-9C19-F3F855CDF750.jpeg
    දෙවන එලිසබෙත් මහ රැජිණගේ මරණය සම්බන්ධ සැලැස්ම හැඳින්වෙන්නේ “Operation London Bridge “ කියන නමිනි. ඒ සැලැස්ම තුලට ඇයගේ මරණය නිවේදනය කරන ආකාරය, රැජිණ මරණයට පත්වීම නිසා ප්‍රකාශ කෙරෙන ශෝක කාලය සහ රැජිණගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය ආදී පියවරයන් ගනනාවක් ඇතුලත් වෙයි.

    රැජිණගේ මරණය සිදුවූ වහාම ඇයගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ඒ බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දියයුතු වනවා. ඒ " London Bridge is Down” යන වචන කාණ්ඩය භාවිතා කරමින් රැජිණ මිය යාම නිසා ඇතිවන අනවශ්‍ය මහජන කලබලය නැති කිරීම සඳහා, ඇයගේ මරණය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන තෙක් රැජිණගේ මරණය පිලිබඳව සංනිවේදනය කිරීම සඳහා " London Bridge is Down” යන වාක්‍යය භාවිතා කෙරෙනු ඇති.

    බ්‍රිතාන්‍ය අගමැතිවරයා සහ බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු කාර්‍ය්ලය විසින් ඇයගේ මරණය පිළිබඳව වහාම ඇය රාජ්‍යත්වය උසුලන ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව ඇතුළු රාජ්‍යන් 15කටද ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 36කටද රැජිණගේ මරණය නිළ වශයෙන් දැනුම් දිය යුතු වනවා. ඉන් පසුව බ්‍රිතාන්‍ය රැජිණගේ අභාවය පිලිබඳව ගෝලීය වශයෙන් නිවේදනය කරනු ඇති.

    සාම්ප්‍රදායිකව බකිංහැම් මාලිගයේ දොරටුවෙහි එල්ලනු ලබන නිවේදනයක් මගින් බකිංහැම් මාලිගය විසින් රැජිනගේ අභාවය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන අතර එදා සිටම සාම්ප්‍රධායක් ලෙස රාජකීය නිවේදන නිකුත් කිරීම් අයිතිය ලද BBC ගුවන් විදුලිය මගින් එම පුවත ලොව පුරා බෙදාහරිනු ඇත. මීට අමතරව වර්තමාන ක්‍රමයන්ට අනුව මාලිගාවේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ගිණුම් මගින් අඳුරු පැහැ පසුබිමක ඇයගේ මරණය සංනිවේදනය කරන අතර සියළු ගිණුම් කළු පැහැ බැනරයකින් සංකේතවත් කරනු ඇති.

    රැජිණ මියගිය වහාම චාල්ස් කුමරු රාජ්‍යත්වයට පත්වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ඔහුව රජු ලෙස පිලිගනු ඇති. පසු දිනක පැවැත් වෙන අභිශේක මංගල්‍යයේදී චාල්ස් රජු විසින් වෙනත් නමක් තොරා නොගතහොත් ඔහු 'III වන චාල්ස් රජු' නමින් හැදින් වෙනු ඇති. චාල්ස් රජතුමන් විසින් රැජිණ මියගිය දිනට පසුදින සවස ජාතිය ඇමතීමට නියමිතයි.

    රැජිණ ලොව කුමන ස්ථානයකදී මිය ගියද ඇයගේ මරණය බකිංහැම් මාලිගයේ සිංහාසන කාමරය වෙත ගෙන ආයුතු බව සැලසුමේ සඳහන් වේ. විදේශ රටකදී රැජිණ මියගියහොත් Royal Air Force අංක 32 බලඝණයට අයත් අංක 146 දරණ ගුවන් යානයෙන් ලංඩන් වෙත රැගෙන එනු ඇති. ඇය ස්කොට්ලන්තයේදී හෝ වෙනත් මාලිගාවකදී අභාවයට පත් උවහොත් ඇයගේ දේහය රැගත් දෙන රාජකීය දුම්රිය මගින් ලන්ඩන් සෙනට්ෆැන්කරාස් දුම්රිය පලට ප්‍රවාහනය කෙරෙන අතර එහිදී බ්‍රිතාන්‍ය ආග්‍රාමාත්‍යවරයා විසින් දේහය පිලිගැනීමට නියමිත වේ.

    රැජිණගේ අභාවයෙන් පසු ගෙවෙන සිව් වන දිනයේදී ඇයගේ දේහය රාජකීය හමුදා ගෞරවාචාර සහිත විශාල පෙරහැරක් මගින්‍ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහිටි වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත ගෙන යන අතර දින 4 ක් එම ස්ථානයේ දේහය තැම්පත් කෙරෙනු ඇත. ඒ අතර පාර්ලිමේන්තුව රැස්වී රැජිණගේ අභාවය පිලිබඳව ශෝක ප්‍රකාශයක් සිදු කරන අතර චාල්ස් රජු රාජ්‍යත්වයට පත්වීම පාර්ලිමේන්තුව විසින් පිලිගනු ඇත. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව දින 10 ක් සඳහා කල්තැබීමට නියමිත වේ.

    රැජිණගේ අවසන් කටයුතු සිදුකෙරෙන දින ජාතික ශෝක දිනයක් වශයෙන් නම් කෙර. එදින පෙරවරු 9ට බිග් බෙන් සීනුව නාද කරමින් ශෝකය ප්‍රකාශ කරන අතර පෙරවරු 11ට ඇයගේ දේහය වෙස්මින්ස්ටර් ඇබේ දේවස්ථානය වෙත ගෙනයනු ඇති. එහිදී රැජිණගේ දේහය පිලිබඳව අවසන් දේව මෙහෙය සිදුකිරීමට නියමිත අතර පසුව රැජිණගේ දේහය වින්සර් මාලිගාව පරිශ්‍රයේ ඇති රාජකීය සොහොන් ගැබ තුල තැම්පත් කෙරෙනු ඇති.

    උපුටාගැනීම | ලන්ඩන් නුවර සිටින තිලාන් ජයසේකර මහතාගෙනි
    Thilan Jayasekara Thilan Jayasekara 🇬🇧💔

    Meanwhile in Sri Lanka 🤦🏽‍♂️
    C83FD32D-C046-451B-AB95-0A94ABFC9E99.jpeg
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha
    👉සිංහල වෙදකම යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස නොකරන කලුසුද්දන්ගේ මහ එකී මැරිලා...

    👉1818 කැරැල්ලේදී ඌව වෙල්ලස්සේ මිනිස්සුගේ කිරි සප්පයෝ ගෙවල් දොරවල් මරලා විනාශ කරලා දාපු එවුන්ගේ මහ එකී මැරිලා.

    👉ලංකාවේ පුරාවස්තු සහ ධනය කොල්ල කෑ මහ හෙර මැරිලා..

    👉පුස්කොලපොත් ලංකාවට නොදී තාම හංගගෙන ඉන්න එවුන්ගේ මහ එකී මැරිලා..

    👉👉කලුසුද්දන්ගේ මහ එකා රනිලා ලංකාව ශෝක දිනයක් කරලා ජාතික කොඩියත් අඩකුඹු කරලා නවතින එකක් නෑ 🤭
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha
    ලංකාවේ විතරක් නෙමේ..යටත් විජිත වල රජවරුන් ලඟ තිබ්බ ධනය ගණන් කරන්නවත් බෑ.. ඒතරමට සුද්දෝ කොල්ල කෑවා.. පුරා විද්යාව කියලා අටවාගෙන කලේ ඔය කොල්ලකන එක තමයි... බුදුන් උපන්නේ ඉන්දියාවේ කියලා ටොම් පචත් කිව්වා...අදටත් ලංකාවේ තියන නිධන් වලට ඩොලර් අර්බුධේ විසඳන එක කජ්ජක් නෙමේ.. රජවරු නිධන් හදන කොට අනාගත රජාට හෙවත් අදකාලේනම් ජනාධිපතිට ගන්න අවසර ලැබෙන පරිදි තමයි බහිරවයෝ දාලා නිධන් ආරක්ෂා කරලා තියෙන්නේ.. :yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,991
    6,901
    113
    Nawala
    ලංකාවේ විතරක් නෙමේ..යටත් විජිත වල රජවරුන් ලඟ තිබ්බ ධනය ගණන් කරන්නවත් බෑ.. ඒතරමට සුද්දෝ කොල්ල කෑවා.. පුරා විද්යාව කියලා අටවාගෙන කලේ ඔය කොල්ලකන එක තමයි... බුදුන් උපන්නේ ඉන්දියාවේ කියලා ටොම් පචත් කිව්වා...අදටත් ලංකාවේ තියන නිධන් වලට ඩොලර් අර්බුධේ විසඳන එක කජ්ජක් නෙමේ.. රජවරු නිධන් හදන කොට අනාගත රජාට හෙවත් අදකාලේනම් ජනාධිපතිට ගන්න අවසර ලැබෙන පරිදි තමයි බහිරවයෝ දාලා නිධන් ආරක්ෂා කරලා තියෙන්නේ.. :yes:
    "රාවනා" කියන කෑල්ල මිස්වෙලා බං
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    ඇය ස්කොට්ලන්තයේදී හෝ වෙනත් මාලිගාවකදී අභාවයට පත් උවහොත් ඇයගේ දේහය රැගත් දෙන රාජකීය දුම්රිය මගින් ලන්ඩන් සෙනට්ෆැන්කරාස් දුම්රිය පලට ප්‍රවාහනය කෙරෙන අතර එහිදී බ්‍රිතාන්‍ය ආග්‍රාමාත්‍යවරයා විසින් දේහය පිලිගැනීමට නියමිත වේ

    ඒකට කෙරි මයින ට්‍රින්කො ඉදන් එන්නෙත් උඩින්
    ඕක මල දාට ඉන්න හම්බෙන්නෙ නෑ, හැමතැණම කලු පාට ගාවි.

    ටීවි එකක් දාන්න බෑ, අදොනාව තියෙයි මාසයක්
    බාරුත් වහයිද දන්නෙ නෑ, පිස්සු හුට්ටා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    Colombo නෙලුම් කුලුන is Down

    කියන්න පුලුවන් මයිනාගේ දවසට 😂
     
    • Haha
    Reactions: ruchira55

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    mi
    View attachment 183726දෙවන එලිසබෙත් මහ රැජිණගේ මරණය සම්බන්ධ සැලැස්ම හැඳින්වෙන්නේ “Operation London Bridge “ කියන නමිනි. ඒ සැලැස්ම තුලට ඇයගේ මරණය නිවේදනය කරන ආකාරය, රැජිණ මරණයට පත්වීම නිසා ප්‍රකාශ කෙරෙන ශෝක කාලය සහ රැජිණගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය ආදී පියවරයන් ගනනාවක් ඇතුලත් වෙයි.

    රැජිණගේ මරණය සිදුවූ වහාම ඇයගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ඒ බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දියයුතු වනවා. ඒ " London Bridge is Down” යන වචන කාණ්ඩය භාවිතා කරමින් රැජිණ මිය යාම නිසා ඇතිවන අනවශ්‍ය මහජන කලබලය නැති කිරීම සඳහා, ඇයගේ මරණය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන තෙක් රැජිණගේ මරණය පිලිබඳව සංනිවේදනය කිරීම සඳහා " London Bridge is Down” යන වාක්‍යය භාවිතා කෙරෙනු ඇති.

    බ්‍රිතාන්‍ය අගමැතිවරයා සහ බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු කාර්‍ය්ලය විසින් ඇයගේ මරණය පිළිබඳව වහාම ඇය රාජ්‍යත්වය උසුලන ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව ඇතුළු රාජ්‍යන් 15කටද ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 36කටද රැජිණගේ මරණය නිළ වශයෙන් දැනුම් දිය යුතු වනවා. ඉන් පසුව බ්‍රිතාන්‍ය රැජිණගේ අභාවය පිලිබඳව ගෝලීය වශයෙන් නිවේදනය කරනු ඇති.

    සාම්ප්‍රදායිකව බකිංහැම් මාලිගයේ දොරටුවෙහි එල්ලනු ලබන නිවේදනයක් මගින් බකිංහැම් මාලිගය විසින් රැජිනගේ අභාවය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන අතර එදා සිටම සාම්ප්‍රධායක් ලෙස රාජකීය නිවේදන නිකුත් කිරීම් අයිතිය ලද BBC ගුවන් විදුලිය මගින් එම පුවත ලොව පුරා බෙදාහරිනු ඇත. මීට අමතරව වර්තමාන ක්‍රමයන්ට අනුව මාලිගාවේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ගිණුම් මගින් අඳුරු පැහැ පසුබිමක ඇයගේ මරණය සංනිවේදනය කරන අතර සියළු ගිණුම් කළු පැහැ බැනරයකින් සංකේතවත් කරනු ඇති.

    රැජිණ මියගිය වහාම චාල්ස් කුමරු රාජ්‍යත්වයට පත්වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ඔහුව රජු ලෙස පිලිගනු ඇති. පසු දිනක පැවැත් වෙන අභිශේක මංගල්‍යයේදී චාල්ස් රජු විසින් වෙනත් නමක් තොරා නොගතහොත් ඔහු 'III වන චාල්ස් රජු' නමින් හැදින් වෙනු ඇති. චාල්ස් රජතුමන් විසින් රැජිණ මියගිය දිනට පසුදින සවස ජාතිය ඇමතීමට නියමිතයි.

    රැජිණ ලොව කුමන ස්ථානයකදී මිය ගියද ඇයගේ මරණය බකිංහැම් මාලිගයේ සිංහාසන කාමරය වෙත ගෙන ආයුතු බව සැලසුමේ සඳහන් වේ. විදේශ රටකදී රැජිණ මියගියහොත් Royal Air Force අංක 32 බලඝණයට අයත් අංක 146 දරණ ගුවන් යානයෙන් ලංඩන් වෙත රැගෙන එනු ඇති. ඇය ස්කොට්ලන්තයේදී හෝ වෙනත් මාලිගාවකදී අභාවයට පත් උවහොත් ඇයගේ දේහය රැගත් දෙන රාජකීය දුම්රිය මගින් ලන්ඩන් සෙනට්ෆැන්කරාස් දුම්රිය පලට ප්‍රවාහනය කෙරෙන අතර එහිදී බ්‍රිතාන්‍ය ආග්‍රාමාත්‍යවරයා විසින් දේහය පිලිගැනීමට නියමිත වේ.

    රැජිණගේ අභාවයෙන් පසු ගෙවෙන සිව් වන දිනයේදී ඇයගේ දේහය රාජකීය හමුදා ගෞරවාචාර සහිත විශාල පෙරහැරක් මගින්‍ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහිටි වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත ගෙන යන අතර දින 4 ක් එම ස්ථානයේ දේහය තැම්පත් කෙරෙනු ඇත. ඒ අතර පාර්ලිමේන්තුව රැස්වී රැජිණගේ අභාවය පිලිබඳව ශෝක ප්‍රකාශයක් සිදු කරන අතර චාල්ස් රජු රාජ්‍යත්වයට පත්වීම පාර්ලිමේන්තුව විසින් පිලිගනු ඇත. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව දින 10 ක් සඳහා කල්තැබීමට නියමිත වේ.

    රැජිණගේ අවසන් කටයුතු සිදුකෙරෙන දින ජාතික ශෝක දිනයක් වශයෙන් නම් කෙර. එදින පෙරවරු 9ට බිග් බෙන් සීනුව නාද කරමින් ශෝකය ප්‍රකාශ කරන අතර පෙරවරු 11ට ඇයගේ දේහය වෙස්මින්ස්ටර් ඇබේ දේවස්ථානය වෙත ගෙනයනු ඇති. එහිදී රැජිණගේ දේහය පිලිබඳව අවසන් දේව මෙහෙය සිදුකිරීමට නියමිත අතර පසුව රැජිණගේ දේහය වින්සර් මාලිගාව පරිශ්‍රයේ ඇති රාජකීය සොහොන් ගැබ තුල තැම්පත් කෙරෙනු ඇති.

    උපුටාගැනීම | ලන්ඩන් නුවර සිටින තිලාන් ජයසේකර මහතාගෙනි
    Thilan Jayasekara Thilan Jayasekara 🇬🇧💔

    Meanwhile in Sri Lanka 🤦🏽‍♂️View attachment 183769
    mona gon part da yakoo......dan nam oya raja paule ewunwa pade kata ganan ganne naa...🤣