මචං මේකයි ප්රශ්නය. මං රෑට හීනෙන් එහෙට මෙහෙට දඟලනවා. අත පය එහෙම ඉබේම විසික් වෙනවා. ඉතිං ඊයෙ ඔහොම වෙලා වැලමිට වැදුනා වයිෆ්ගේ මූණේ. මං දන්නේ අද උදේ නැගිට්ටම. වෙනදත් ඔහොම පාරක් දෙකක් වැදිලා තියෙනවා.ඒත් ඊයේ වැදුණු වැලමිටි පාරට ඇහැට යටින් දම් පාට වෙලා. මං උදේ රස්නේ බත් ටිකක් පොට්ටනියකට දාලා තැවුවා. වයිෆ් ටිකක් සූදු නිසා මේක හොදට පේනවා.
ප්රශ්නේ කියන්නේ අද වයිලගේ පැත්තේ බණ ගෙදරක් තියෙනවා. ඒකට අපි දෙන්නටම යන්න වෙනවා. මේ පැල්ලම එක්ක යන්නේ කොහොමද කියලා මං කල්පනා කරන්නේ. මිනිස්සු හිතයි මං ගහලා කියලා.
අනික තමා වයිෆ්ගේ තාත්තා මැණික් මුදලාලි කෙනෙක්. අපි රත්නපුරේ. තාත්තා ටිකක් වසයි. වයිෆ්ට අයියල දෙන්නෙකුත් ඉන්නවා. එක්කෙනෙක් නම් රට. එයා මාත් එක්ක ෂේප්.අනිත් එකා නම් යකා වගේ. මට දැං බයයි මෙහෙම ගිහිං ඒ මිනිස්සු මට ගහයි කියලා. මොකද මායි වයිෆුයි ටිකක් රණ්ඩු වෙන බව ඒ අය දන්නවා. අද මේ පැල්ලම දැක්ක ගමන් හිතන්නේ මං වයිෆ්ට ගහලා කියලා.ඒ ගොල්ලෝ කොහොමත් ගන්නේ වයිෆ්ගේ පැත්ත.
ලව් කරන කාලෙත් මට ඒ අයගෙන් අඩත්තේට්ටම් උනා. මං එයාලා තරම් පොහොසත් නැති නිසා මේ සම්බන්ඳේ කඩන්නමයි එයාලා බැලුවේ. වයිෆ්ගේ අයියා එක පාරක් කඩුවක් ගෙනත් මගේ බෙල්ලට තියලා තරජනය පවා කරා.තව එක පාරක් මගේ බයික් එක ගිනි තිබ්බා එයාලා.
බැරිම තැන අපි දෙන්නා පැනලා ගියා. මං මාස 6ක් ගල් වැඩ පලක වැඩ කරා.ඒත් එයාලා කොහොම හරි අපිව හොයා ගත්තා. මං පොලීසියට දුවල තමා බේරුණේ. ඒක දිග කතාවක්.
දැන් නම් ටිකක් හොදයි එයාලා මාත් එක්ක. අවුරුද්දට වගේ එනවා. ඒත් මාව එයාලගේ පවුලෙන් ඇත් කරලා තියන්නේ. ගෙදර මොකක් හරි විශේෂ දෙයක් තිබිලා ෆැමිලි ෆොටෝ එකක් ගත්තත් මට එන්න කියන්නේ නැහැ. වයිෆ් නම් කියන්නේ ඕක ටික කාලෙකින් හරි යයි කියලා.
එයා කියන්නේ පැල්ලමට මේක් අප් ටිකක් දාගෙන යන්නම් කියලා. ඒත් බණ ගෙදරට මේක් අප් දාන්න බැහැනේ.අනික අද අපිට එහේ ඉන්න උනොත් වැඩේ අහු වෙනවා.
මගේ අදහස උනේ නං එතන වැහෙන්න ප්ලාස්ටර් එකක් ගහන් යන් කියලා. හැබැයි පැල්ලම ටිකක් ලොකු නිසා ප්ලාස්ටර් ගැහුවත් ගෙදර අය බය වෙයි. මේ පැල්ලම වහා ගන්න ලේසි ක්රමයක් නැත්ද?