මේක අරලගංවිල ZD8 ප්‍රදේශයේ හිටපු පනික්කියාගේ සිරිල් කියලා මනුස්සයෙක් ගැන හදපු Documentary එකක් ඇසුරෙන් හදපු සිංදුවක්. ඒ මනුස්සයාගෙ නැතිවුණ බිරිඳගේ නම ම තියෙන අලියෙක් එකදවසක් ඇළකට වැටිලා මැරිලා ඉඳලා. ඊටපස්සේ ඒ මනුස්සයා, ඒ අලියා මැරුණ එකට වගකියන්න ඕනෙ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙක්ව හොයාගෙන ගිහිල්ලා ඝාතනය කරලා. (2020 දි තමා ඒ සිද්ධිය සිද්ධවෙලා තියෙන්නේ.) ඊටපස්සේ ඒ මනුස්සයාට ජීවිතාන්තය දක්වා ම සිර දඬුවම් නියම කරලා. ඊටපස්සේ ඒ මනුස්සයා මාස 10 ක් හිර ගේ ඇතුලේ ඉඳලා අන්තිමට හිර ගේ ඇතුලෙදිම ජීවිතක්ෂයට පත් වෙලා. ඒ සීන් එක ගැන තමා ඔය සිංදුවේ තියෙන්නේ. ඒ Documentary එකේ තියෙන හැටියට ඒ මැරුම් කාපු නිලධාරියා අලි වැටවල් ගහන්න තියෙන මුදල් ටික වංචා කරලා Money Scam එකක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ අලියා මැරිලා තියෙන්නේ. අලි වැටවල් හරියට කලමණාකරණය කරන්නේ නැති නිසා එක අවුරුද්දක් ඇතුලත අරලගංවිල අලියෝ 35 කටත් අධික ප්‍රමාණයක් මැරෙනවලු. ඔයගොල්ලො මේ අරලගංවිල මිනීමැරුම් සිද්ධිය ගැන වැඩිදුර විස්තර දන්නවද? මේ සිංදුවේ තියෙන අලි වැටවල් සම්බන්ධ Money Scam එක මොකක්ද කියලා කව්රුහරි දන්නවද?
මොනව උනත් ලංකාවෙ වර්තමානයේ ඉන්න අනිත් ordinary සංගීතඥයෝ/ Producers ල/ Rap සහ සින්දු කියන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න රස්තියාදුකාරයො/ ගායකයෝ/ Rappers ල වගේ කට්ටියට වඩා චරිත අතලගේ ඉන්නෙ වෙනමම Level එකක කියන එක නම් මට මේ සින්දුව බැලුවට පස්සේ හොඳටම තේරුණා. පොරගෙ සිංදුවක තියෙන Music Theory, Consepts, Genre Thoery, Audio Quality, Uniqueness, Video Quality වගේ වගේ හැම දෙයක්ම Near Perfection Level එකේ තියෙන්නේ. මම නම් කේමදාස මාස්ටර්, අමරදේව මාස්ටර්, අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනි, කසුන් කල්හාර වගේ ලංකාවේ ප්‍රවීණ සංගීතඥයන්ට පස්සේ වැඩිපුරම ගෞරව කරන්නේ චරිත අතලගේ ට. Lyrics ලියපු කෙනත් ලස්සනට සිංදුව ලියලා තියෙනවා. Journalist ගෙ Photos ටිකත් නියමයි.
Last edited:
වීඩියෝ එක නම් හොදයි
