බයිබලය කියන්නේ ශුද්ධ පොත් 66ක එකතුවක්. ඒක ලියන්න අවුරුදු 1,600කටත් වඩා වැඩි කාලයක් ගිහින් තියෙනවා. ඒකේ තියෙන්නේ “දෙවිගෙන් ලැබුණු පණිවිඩයක්.”
- බයිබලය ලිව්වේ කවුද? බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්. හැබැයි ඒක ලියන්න ඔහු මිනිසුන් 40දෙනෙක්ව විතර පාවිච්චි කළා. මෝසෙස්, දාවිත් රජ, මතෙව්, මාක්, ලූක්, යොහන් ඒ අතරින් කීපදෙනෙක්. බයිබලයට ඇතුළත් කරන්න ඕනෙ මොනවාද කියලා දෙවියන් ඒ අයට දැනුම් දුන්නා.—2 තිමෝති 3:16.
ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. ආයතනයක ප්‍රධානියෙක්ට ලියුමක් ලියන්න ඕනෙ වෙනවා. ඒ ලියුමේ තියෙන්න ඕන මූලික අදහස් ටික එයා ලේකම්ට කියනවා. ලේකම් ඒ ලියුම ලිව්වත් ඒකේ ඇත්තටම තියෙන්නේ ආයතනයේ ප්‍රධානියාගේ අදහස්. ඒ වගේ, බයිබලය ලියන්න දෙවියන් මිනිසුන්ව පාවිච්චි කළත් ඇත්තටම ඒකේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්. - “බයිබලය” කියන වචනයේ තේරුම මොකක්ද? “බයිබලය” කියන වචනය හැදිලා තියෙන්නේ “බිබ්ලියා” කියන ග්‍රීක වචනයෙන්. ඒ වචනයේ තේරුම “කුඩා පොත්” කියන එකයි.
- බයිබලය ලිව්වේ කොයි කාලෙද? බයිබලය ලියන්න පටන්ගත්තේ ක්‍රි.පූ. 1513දී. ඒක ලියලා ඉවර කළේ ක්‍රි.ව. 98දී විතර. ඒ කියන්නේ බයිබලය ලියලා ඉවර කරන්න අවුරුදු 1,600කට වඩා වැඩි කාලයක් ගිහින් තියෙනවා.
- බයිබලයේ මුල් ලියවිලි තියෙනවාද? බයිබලයේ මුල් ලියවිලි හොයාගන්න නැහැ. මොකද බයිබල් ලේඛකයන් ඒවා ලියලා තියෙන්නේ පැපිරස් කියන ජලජ පැළෑටියෙන් හදාගත්ත කඩදාසිවල සහ පදම් කළ සම්වලින් හදාගත්ත කඩදාසිවලයි. ඒවා ඉක්මනින්ම දිරලා යන නිසා වැඩි කාලයක් පවතින්නේ නැහැ. හැබැයි දක්ෂ පිටපත්කරුවෝ බයිබලයේ මුල් ලියවිලිවල තොරතුරු සියවස් ගාණක් තිස්සේ ආයෙ ආයෙ පිටපත් කරලා තියෙනවා. එයාලා එහෙම කළේ අනාගතයේදී මිනිසුන්ට කියවලා ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නයි.
- “පැරණි ගිවිසුම” සහ “අලුත් ගිවිසුම” කියන්නේ මොනවාටද? පැරණි ගිවිසුම විදිහට හඳුන්වන්නේ බයිබලේ හෙබ්‍රෙව් භාෂාවෙන් ලියලා තියෙන කොටස. ඒකට හෙබ්‍රෙව් ලියවිලි කියලත් කියනවා. අලුත් ගිවිසුම විදිහට හදුන්වන්නේ ග්‍රීක භාෂාවෙන් ලියලා තියෙන කොටස. ඒකට ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ල කියලත් කියනවා. මේ කොටස් දෙක එකතු වෙලා හැදුණු සම්පූර්ණ පොත ශුද්ධ ලියවිල්ල කියලත් හඳුන්වනවා.
- බයිබලයේ තියෙන්නේ මොන වගේ තොරතුරුද? බයිබලයේ ඉතිහාස වාර්තා, නීති, අනාවැකි, හිතෝපදේශ, ගීතිකා, ලිපි සහ කාව්‍යමය තොරතුරු සඳහන් වෙනවා.—“ බයිබලයේ පොත්වල ලැයිස්තුව” කියන කොටස බලන්න.
THE HOLY BIBLE
TRANSLATED FROM THE LATIN VULGATE
DILIGENTLY COMPARED WITH THE HEBREW, GREEK, AND OTHER EDITIONS IN DIVERS LANGUAGES
DOUAY-RHEIMS VERSION 1609, 1582
Download - https://www.mediafire.com/file/iper0k3pu4swvzz/bial.pdf/fileTRANSLATED FROM THE LATIN VULGATE
DILIGENTLY COMPARED WITH THE HEBREW, GREEK, AND OTHER EDITIONS IN DIVERS LANGUAGES
DOUAY-RHEIMS VERSION 1609, 1582
Last edited: