කවුරු හරි එකෙක් මැරුණා උගේ ලඟම නෑදෑයෝ අඬන්නේ මැරිච්ච එකා මැරෙන්න ආසන්න මොහොතේ අන්තිමට කිව්ව, කරපු දෙයක් මතක් කරමින් ය..
"අනේ අද උදේ ලොකූ පුතා කෝ කියලත් ඇහුවා "
"මැරෙන්න පැයකට කලින් කඩේ ගාවටත් ගිහින් ආව"
ඒ උදාහරණ කීපයක් ය..
මේ විදියට වයසක ඩබලක් නිදාගෙන ඉද්දි මහ රෑ සද්දයක් ඇසී සීයා ට ඇහැරුනා ලු..
බලද්දී පත ඌරු මීයෙක් ඇඳ ළග බිම හාරනවා ය..
සීයා ආච්චි ට ඇහැරවා සිද්දිය පෙන්නුවේය..
පසුව මීයා එලවා දමා දෙන්නම නිදා ගත්තේ ය...
උදේ ඇහැරී බලන විට සීයා පරලොව ගිහිල්ලා තිබ්බේ ය..
දැන් ආච්චි අඬමින් එන උන්ට විස්තරේ කියන්න පටන් ගන්නේ මෙහෙමලු....
"අනේ දෙය්යනේ ඊයේ රෑ දොළහට විතර මට මීයත් පෙන්නුවා.."
කටින් පිටවෙන වචන පරිස්සමින් කරගන්න කියන්නේ ඔය හින්දා ය.. නැත්නම් මැරිලත් නවනින්ගිරා විදින්නට වෙන්නේය...
මුල් රචකයා ට ස්තුතිය ..කැලුම් විජේවර්ධන ගේ පිටුවෙන්..