Mobile Development Study Guide

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ආයුබෝවන් මචන්ලා.. මේ ත්‍රෙඩ් එක open කරේ කිරියේ mobile app development ඉගෙනගන්න කැමති අයට study resources share කරගන්න සහ industry එකේ mobile dev specialists ලගේ අත්දැකීම් උපදෙස් හුවමාරු කරගන්න....ඔයා mobile dev කෙනෙක් වෙන්න කැමති නම් යන්න ඕනෙ path එක, study resources, coupons, latest updates වගේ දේවල් තමා මේකේ අපි කතා කරන්නේ..

    මේකට ගිහින් අනික් දේවලුත් බලාගන්න. https://elakiri.com/threads/break-into-it-industry-mega-thread.2053495/

    පළවෙනි resource එක මම ම දාන්නම් :D ඔයා android development ඉගෙනගන්න කැමති කෙනෙක් නම් මේ course එකෙන් ඉක්මනටම basics ටික අල්ලගන්න පුළුවන් වෙයි..programming වලට අලුත්ම කෙනෙකුට උනත් මුල ඉදන් follow කරන්න පුළුවන් course එකක් .. (මේ course එක සම්පුර්ණයෙන් ම free..:) )

    https://www.udemy.com/course/learn-android-application-development-y/

    P.S: @Solo Rider and @NEMISIS also will be here to help us :)
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Mobile කරනව නන් ලොකුවටම තියෙන්නෙ මේ ටික

    Native - Android( Java/Kotlin ), IOS ( Swift/ Ob C )
    Hybrid - ReactNative/ Flutter

    තව ටික කාලෙකට කලින් හිට් වෙලා තිබ්බ Xamarin/PhoneGap/ Cordova/ BlackBerry OS/ Symbian වගේ එව. දැන් නන් එච්චර මාකට් ශෙයා එකක් නෑ, ඒ කාලෙ පටන් ගත්ත ප්‍රොජෙක්ට් ඇදගෙන යන විතරක් කට්ටිය කරනව. අලුත් වලට එන කෙනෙකුට මේවා ඉගන ගන්න එක ලොකුවට වැදගත් වෙන්නෙ නෑ ( මගෙ මතය, BlackBerry OS/ Symbian totally out dated )

    Native කිව්ව්ම ඒ ඒ OS වලට වෙන වෙනම කෝඩ් ලියන්න ඕන
    Hybrid නන් තනි කෝඩ් එකක් ලිව්වම, OS 2ම run කරන්න පුලුවන් ( සරලව )


    01. Android ( world market dominance )
    මුලින් කරෙ Java වලින්, පහුගිය අවුරුදු 5 වගෙ ඉදන් Kotlin වලට switch වීගෙන එන්නෙ. දැන් ගොඩක්ම කරන්නෙ Kotlin වලින්.
    පරන app එකක් නන්, Java වලින් ලියපුව එහෙම්ම තියෙදිදි, අලුත් module Kotlin වලින් ලියනව, දැන් පටන් ගන්න කෙනෙකුට ටිකක් අවාසියි, මේ 2ම ඉගන ගන්න වෙනව. මම සජෙස් කරන්නෙ, at first, Kotlin ඉගන ගන්න කියල

    https://developer.android.com/docs?hl=en

    මෙතන තම offical guide එක, මෙතන හැම දෙයක්ම තියනව, මේක හැමදාම අප්ඩේට් වෙනව.
    ඒ වගෙම මෙතන sample codes ( Java/Kotlin ) 2ම තියනව
    පටන් ගන්න කෙනෙකුට එක පාරට මෙතනින් තමන්ට ඕන දේ හොයාගන්න බැරි වෙන්න පුලුවන්.

    ඇප් හදන්න කලින්, මුලින්ම ඕන වෙනව
    Kotlin basics - https://kotlinlang.org/docs/basic-syntax.html

    ඊට පස්සෙ,
    App Development with Kotlin - https://learn.udacity.com/courses/ud9012

    මේක free, හොදම කෝස් එකක් by Udacity/Google ( totally recommended )



    to be continued...
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    බ්‍රෝ flutter වගේ යන එකයි native developmentuyi ගැන ඔයාලගේ ඉන්දස්ට්‍රි එක්ස්පිරියන්ස් එකෙන් ගුණ දොස් ටිකක් කියාගන යන්නකෝ. මොකක්ද හොඳ?


    @siri_ayya @Solo Rider
    මට mobile dev ගැන industry expereince නෑ bro.. සොලෝ මැතිතුමා තමයි දන්නේ ඒවා :)
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මට mobile dev ගැන industry expereince නෑ bro.. සොලෝ මැතිතුමා තමයි දන්නේ ඒවා :)
    එලම තමයි. මමත් හැමදාම මොබයිල් dev බලන්නම් බලන්නම් කියල ඉන්නවා දැන් අවරුදු ගානක ඉඳන්. තාම හරියට පටන් ගන්න බැරි උනානේ. මේ වැඩේ මාරු. :love:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,022
    72,143
    113
    මාලඹේ
    මට mobile dev ගැන industry expereince නෑ bro.. සොලෝ මැතිතුමා තමයි දන්නේ ඒවා :)

    මෙන්න Point එක කොහෙන් හරි Link එකක් දෙකක් හොයාගෙන Thread එකක් දානවා Thread එක දාපු එකා වත් දන්නේ නැහැ Thread එකේ තියෙන්නෙ මොනවා ද කියලා
    🤣🤣🤣🤣
    🤣 🤣🤣🤣🤣🤣
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මෙන්න Point එක කොහෙන් හරි Link එකක් දෙකක් හොයාගෙන Thread එකක් දානවා Thread එක දාපු එකා වත් දන්නේ නැහැ Thread එකේ තියෙන්නෙ මොනවා ද කියලා
    🤣🤣🤣🤣
    🤣 🤣🤣🤣🤣🤣
    Industry experience ගැන කියන්න නම් ඌ company එකක mobile app හදන්න ඕන.. මං web dev side එකේ වැඩ කරන්නේ..එ නිසා තමයි mobile dev ගැන industry experience නෑ කියල තියෙන්නෙ
    ... ඕන නම් net ඒකෙන් බලලත් කිව්වැකි industry trends... ඒත් එහෙම නොකිව්වේ මේ field එකේ daily ඉන්න එකෙක්ගේ opinions ගන්න ඕනේ නිසා..