මේක මෙතනට අදාළ නෑ. නමුත් පරණ සිදුවීමක් මතක් උනා...
අපේ ඉස්කෝලේ උන්නා ක්රීඩා වලට සම්බන්ද සර් කෙනෙක්. මිනිහා කොටයි. අඩි 5ක් විතර ඇති උපරිම. මිනිහා අදින්නේ සුදු දිග කලිසම, බෙල්ට් එක, කළු සපත්තු, සුදු අත්කොට ෂර්ට් එක. හරියට බැලුවේ නැති නම් මිනිහා ඒ ලෙවල් ළමයෙක් වගේ පෙන්නේ.
මිනිහා පන්තියේ උගන්නවා. ළමයි මනිහා වටකරෙගෙන කෑ ගගහා කාලගෝට්ටියක්. (පාලනේ මිනිහාගේ අතේ නමුත් කෑගහනවා වටකරගෙන)
නිලමුනි සෑර් කියලා පොරක් හිටියා එන්නේ සුදු සරම ඇදලා, සුදු නැෂනල් එක ඇදලා, වේවැල බෑග් එක දෙකම මිනිහාගේ අතේ.
පොර එනකොට කෑගහන මැරෑටි කොල්ලෝ හිටියොත් දුන්නා වේවැල් කසාය හොයලා බැලිල්ලක් නෑ.... කුණුහරුප ආයේ අහන්න දෙයක් නෑ පොරට සෙට් උනොත්.
එදත් අර කාලගෝට්ටිය අස්සේ මිනිහා ඔතනින් ගිහින්. පොරට පෙනිලා නෑ XXXXX කොටා සර්.
පැන්නා, වේවැල් කසාය දෙනවා හතර අතේ. ඒ අස්සේ එක කොල්ලෙක් කෑගහනවා මම නිලමුනි මේ මම මම කිය කියා....
කොල්ලොත් කෑ ගහනවා වේවැල් කසාය නිසා. නිලමුනි කෑ ගහලා බනිනවා මොකද මගේ නම කියන්නේ කියා කියා තව දෙනවා...
ආ මේ XXXXX සර් නේ. මට අදුනගන්න බැරි උනා, සමාවෙන්න සමාවෙන්න.... ඒ වෙනකොටත් අහුවෙච්ච කොටා සෑර් ට හොදට නෙලලා....
ඔන්න ඔහොම එකකුත් උනා එකදාස් නවසිය අනු ගණන් වල අග බාගේ.