1 Kingsbury variety එක හොඳයි කෑමත් රසයි.
5 Cinnamon Grand මේකෙ චීස් තියෙන කෑම කන්නෙපා පරණ චීස් ගොඩක් වෙලාවට. විශේෂයෙන්ම offers තියෙන වෙලාවට. ලාබම මෙතන.
4 Galadari බැටලු මස් නිකම් හම් කෑලි වේලිලා හපනව වගේ
3 Shangri La ඌරු මස් හොද්ද එතකොට හරක් මස් ස්ටූ එක පට්ට. සූෂී නම් කන්නෙපා බඩ යනවා.
2 Mount Lavinia Hotel මේකෙ කෑම නම් පට්ට. ක්‍රොසන්ට් එකේ ඉඳන් සුපිරි.
කොළඹ අවට නම් කින්ග්ස්බරි හෝ ගලදාරි නැත්නම් ගල්කිස්සේ මහ හෝටලේ.
මම රෙකමන්ඩ් කරන්නේ කෑමකට යනවනම් රූම් එකක් අරන් නැවතිලාම කාල බලන්න.
ඔය මොකේ ගියත් ඉස්සර සුද්දෝ හිටපු කාලෙ වගේ වේරියේෂන් එක්ස්පෙන්සිව් කෑම නෑ. අඩු ගානේ shangri la එකේ අහපං දොඩම් වීදුරුවක් බොන්න. පහුගිය ටිකේම උන්ට දොඩම්වත් නෑ බීම හදන්න. සමහර කෑම බුෆේ වල උන් බෙදන්නේ. (shangri la, ගලදාරි)
මම යන්නේ ආප්පයක් කන්නවත් ඉඳිආප්ප 40ක් මස් හොදි එක්ක කාල එන්නවත් නෙමෙයි. ඒක මම ගෙවලා ගියත් ගොඩක් වෙලාවට ආරාධනාවකට ගියත් අපි නිතර නොකන කෑම බොහෝ විට කනවා.
බුෆේ ගියොත් බය නැතුව බඩ පැලෙන්න කාපං. ෆෝමල් යනවනම් ඩයිනින් එටිකට් එක පොඩ්ඩක් පුරුදු වෙන්න පොෂ් කමකට නෙමෙයි ඒත් තමුන්ට වටිනවා. අනික එහෙම යනව නම් වෙබ් එකෙන් හරි කෝල් එකක් දීල හරි මෙනූ එකේ අපබ්‍රන්ස නම් වලින් තියෙන කෑම කොයි විදියද මොන වගේද කියල දැනගෙන යන්න. මොකද සමහර කෑම ගණන් උනත් අපිට සෙට් නෑ. සූෂි ගැන කිව්වොත් රස්නෙ ලාවට තියා ගොඩක් වෙලාවට ෆ්‍රීසර් එකෙන් එලියට අරන් වගේ. අනික මෙහේ සෝයා සෝස් හරි මදි සමහරු වසාබි වලට මිංචි කොලත් කොටල දාලා.