පහ වසරේ සිසුන්ට පොලීසියෙන් අමානුෂික පහරදීමක්

monson

Well-known member
  • May 7, 2007
    25,828
    29,063
    113
    හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක පස්වන වසරේ සිසුන් පිරිසකට පොලීසිය පහරදුන් බව පැවසෙන සිද්ධියට අදාළව උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පවසයි.

    පොලීසිය පැවසුවේ සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් පාර්ශ්වයෙන් ක්‍රියාත්මක බවය.

    හොරණ මිල්ලනිය ප්‍රදේශයේ කනිෂ්ඨ පාසලක පස්වන ශ්‍රේණියේ සිසුන් පිරිසකට විද්‍යාලයේ ගුරුවරියක් සහ විදුහල්පතිනිය පසුගිය දෙවැනිදා පහරදීමක් සිදුකර තිබුණි.

    ඒ, ගුරුවරියකගේ අත්බෑගයේ තිබූ පසුම්බියක් සොරකම් කිරීමේ සිදුවීමකට අදාළවය.

    පහරකෑමට ලක්වූ සිසුවෙක්,

    "විද්‍යා මිස් කතා කරලා ඇහුවා කවුද බෝතල්වලට චූ කළේ, පර්ස් ගත්තේ කියලා ඇහුවා. අපි කිව්වා අපි ගත්තේ නැහැ කියලා. මේගොල්ලෝ තමයි ගත්තේ කියලා, ඊට පස්සේ විද්‍යා මිස් ගැහුවා. ඊට පස්සේ අපිට මැඩම් කතා කළා. මැඩම් කතා කරලා දණ ගැස්සුවා. පස්සේ ඇත්ත කියන්න කියලා ගහපු පාර ළමයෙක්ගේ ඔළුව වැදුණා අල්මාරියේ. අල්මාරියේ වැදුණට පස්සේ එයගේ ඔලුව පොඩ්ඩක් තුවාල වුණා."

    අනතුරුව විදුහල්පතිනිය මිල්ලනිය පොලීසියට මේ පිළිබඳව දැනුම්දී පොලිස් නිලධාරීන් පිරිසක් පාසලට කැඳවා තිබුණි.

    පහරකෑමට ලක්වූ සිසුවෙක්,

    "පොලීසිය ගෙන්නලා අපිට ගැහුවා. පොලීසිය ඊට පස්සේ දණ ගස්සලා කූඩැල්ලෝ එහෙම දාලා කරන්ට් එක වද්දලා. ගහලා ජීප් එකේ මාංචු දාලා එක්කන් ගිහිල්ලා, දණ ගස්සලා කරන්ට් වැද්දුවා ආයේ. එක ළමයෙක්ගේ කකුලේ තුවාලයක් තිබිලා හම ගිහින් ලේ ආවා එයාගේ."

    ප්‍රශ්නය - ඔයාටත් ගැහුව ද ?

    "ඔව්.."

    ප්‍රශ්නය - කොහෙමද ගැහුවේ ?

    "පහරකෑමට ලක්වූ සිසුවෙක් - බැටන් පොල්ලෙන් ගැහුවා"

    ප්‍රශ්නය - කොහෙටද ගැහුවේ ?

    "යටිපතුලට.. දෙවනි පාරට ගහද්දි ඔළුවට වැදුණේ."

    ප්‍රශ්නය - ජීප් එකේ ගෙනිච්චේ කොහොමද පුතේ ?

    "ජීප් එකේ ගෙනිච්චේ පොලිස් මාමලා තුන්දෙනෙක්"

    ප්‍රශ්නය - ජීප් එකේ යනකොටත් ගැහුවද ?

    "ඔව්..."

    ප්‍රශ්නය - පොලීසියට අරගෙන ගියාද ?

    "නැහැ බැල්ලන්තුඩාව පැත්තෙත් දාගෙන ආයේ හරවගෙන ආවා.."

    ප්‍රශ්නය - මොනවා කියලද ගැහුවේ?

    "කුණුහරුපෙන් කිය කිය ගැහුවේ.. කරන්ට් එක අල්ලනවා කිව්වා ඇත්ත කියන්න කිව්වා. පොලීසියෙන් තමයි කරන්ට එක ඇල්ලුවේ."

    පහරකෑමෙන් තුවාල ලැබූ දරුවන් හොරණ මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර එක් දරුවකුට එහි නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ද සිදුව තිබුණි.

    මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කිරීමට දරුවන්ගේ මව්පියන් පියවර ගෙන තිබූ අතර සැණින් ක්‍රියාත්මක වූ එම අධිකාරිය මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතාගෙන් අප විමසීමක් කළේය.

    ඔහු පැවසුවේ පොලිසිය දරුවන්ට පහරදුන් බව පැවසෙන සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් ක්‍රියාත්මක බවය.

    - https://sinhala.adaderana.lk/news/174631/පහ-වසරේ-සිසුන්ට-පොලීසියෙන්-අමානුෂික-පහරදීමක්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,486
    36,436
    113
    මැදමහනුවර
    dFfLIS8.gif
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :confused: ටහිකෙයි.. 5වසරෙ පොඩි උන්ට මෙහෙම ගනවද බන්?? එක්කො මේ පොඩි පගයො ටික බොරු කියන්නෙ, නැත්නම් උගන්නල කතාවක් කියන්නෙ.. කරන්ට් අල්ල අල්ල ගහන්න පොලීසියෙ උන්ට වයර් වෙන්නෝන එහෙනම්.. හරිම කුරිරුයි එකෙන්ම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    සිගිති පාතාලෙට නියමෙට සලකලා. පොලිසිය මෙහෙම සෘජුව ඉන්නවනම් අනාගතේ අපරාධ දුශණ අඩුවෙයි . එකෙක්ගේ දෙන්නෙක්ගේ ඔලුවට පිස්තෝලේ තියලා තව බය කරානම් හුජ්ජ දාපු උන් ටික නිකම්ම එලියට එනවා . අපිට සරුවා සුනිල්ලා , රණතුංගලා, පුත්තලමේ නිශාන්තලා, මවින් සිල්වලා වගේ අය හදාගන්න දැන් බැරි උනත් අනාගතේ ඒම උන් බිහි නොවෙයි . ලමා ආරක්සක අධිකාරිය බලන්න ඕනේ පොලිසිය නෙමෙයි හුජ්ජ බොතල් වල දාපු උන්

    මොනාද මේ වෙලා තියෙන්නේ රටට
    නීතිය ක්‍රියාත්මක කිරීම ඇයි වැරදිද. ලමයි කියලා හුරතල් කරලා වැඩක් නෑ නිතිය හැමෝටම පොදුයි
    ------ Post added on Nov 7, 2022 at 1:47 AM

    :confused: ටහිකෙයි.. 5වසරෙ පොඩි උන්ට මෙහෙම ගනවද බන්?? එක්කො මේ පොඩි පගයො ටික බොරු කියන්නෙ, නැත්නම් උගන්නල කතාවක් කියන්නෙ.. කරන්ට් අල්ල අල්ල ගහන්න පොලීසියෙ උන්ට වයර් වෙන්නෝන එහෙනම්.. හරිම කුරිරුයි එකෙන්ම
    අනිවාර්‍යෙන් බොරු , පොලිසියේ ගෞරවය නැති කරන්න කරපු වැඩක්
    ------ Post added on Nov 7, 2022 at 1:48 AM
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,637
    6,186
    113
    හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක පස්වන වසරේ සිසුන් පිරිසකට පොලීසිය පහරදුන් බව පැවසෙන සිද්ධියට අදාළව උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පවසයි.

    පොලීසිය පැවසුවේ සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් පාර්ශ්වයෙන් ක්‍රියාත්මක බවය.

    හොරණ මිල්ලනිය ප්‍රදේශයේ කනිෂ්ඨ පාසලක පස්වන ශ්‍රේණියේ සිසුන් පිරිසකට විද්‍යාලයේ ගුරුවරියක් සහ විදුහල්පතිනිය පසුගිය දෙවැනිදා පහරදීමක් සිදුකර තිබුණි.

    ඒ, ගුරුවරියකගේ අත්බෑගයේ තිබූ පසුම්බියක් සොරකම් කිරීමේ සිදුවීමකට අදාළවය.

    පහරකෑමට ලක්වූ සිසුවෙක්,

    "විද්‍යා මිස් කතා කරලා ඇහුවා කවුද බෝතල්වලට චූ කළේ, පර්ස් ගත්තේ කියලා ඇහුවා. අපි කිව්වා අපි ගත්තේ නැහැ කියලා. මේගොල්ලෝ තමයි ගත්තේ කියලා, ඊට පස්සේ විද්‍යා මිස් ගැහුවා. ඊට පස්සේ අපිට මැඩම් කතා කළා. මැඩම් කතා කරලා දණ ගැස්සුවා. පස්සේ ඇත්ත කියන්න කියලා ගහපු පාර ළමයෙක්ගේ ඔළුව වැදුණා අල්මාරියේ. අල්මාරියේ වැදුණට පස්සේ එයගේ ඔලුව පොඩ්ඩක් තුවාල වුණා."

    අනතුරුව විදුහල්පතිනිය මිල්ලනිය පොලීසියට මේ පිළිබඳව දැනුම්දී පොලිස් නිලධාරීන් පිරිසක් පාසලට කැඳවා තිබුණි.

    පහරකෑමට ලක්වූ සිසුවෙක්,

    "පොලීසිය ගෙන්නලා අපිට ගැහුවා. පොලීසිය ඊට පස්සේ දණ ගස්සලා කූඩැල්ලෝ එහෙම දාලා කරන්ට් එක වද්දලා. ගහලා ජීප් එකේ මාංචු දාලා එක්කන් ගිහිල්ලා, දණ ගස්සලා කරන්ට් වැද්දුවා ආයේ. එක ළමයෙක්ගේ කකුලේ තුවාලයක් තිබිලා හම ගිහින් ලේ ආවා එයාගේ."

    ප්‍රශ්නය - ඔයාටත් ගැහුව ද ?

    "ඔව්.."

    ප්‍රශ්නය - කොහෙමද ගැහුවේ ?

    "පහරකෑමට ලක්වූ සිසුවෙක් - බැටන් පොල්ලෙන් ගැහුවා"

    ප්‍රශ්නය - කොහෙටද ගැහුවේ ?

    "යටිපතුලට.. දෙවනි පාරට ගහද්දි ඔළුවට වැදුණේ."

    ප්‍රශ්නය - ජීප් එකේ ගෙනිච්චේ කොහොමද පුතේ ?

    "ජීප් එකේ ගෙනිච්චේ පොලිස් මාමලා තුන්දෙනෙක්"

    ප්‍රශ්නය - ජීප් එකේ යනකොටත් ගැහුවද ?

    "ඔව්..."

    ප්‍රශ්නය - පොලීසියට අරගෙන ගියාද ?

    "නැහැ බැල්ලන්තුඩාව පැත්තෙත් දාගෙන ආයේ හරවගෙන ආවා.."

    ප්‍රශ්නය - මොනවා කියලද ගැහුවේ?

    "කුණුහරුපෙන් කිය කිය ගැහුවේ.. කරන්ට් එක අල්ලනවා කිව්වා ඇත්ත කියන්න කිව්වා. පොලීසියෙන් තමයි කරන්ට එක ඇල්ලුවේ."

    පහරකෑමෙන් තුවාල ලැබූ දරුවන් හොරණ මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර එක් දරුවකුට එහි නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ද සිදුව තිබුණි.

    මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කිරීමට දරුවන්ගේ මව්පියන් පියවර ගෙන තිබූ අතර සැණින් ක්‍රියාත්මක වූ එම අධිකාරිය මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතාගෙන් අප විමසීමක් කළේය.

    ඔහු පැවසුවේ පොලිසිය දරුවන්ට පහරදුන් බව පැවසෙන සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් ක්‍රියාත්මක බවය.

    - https://sinhala.adaderana.lk/news/174631/පහ-වසරේ-සිසුන්ට-පොලීසියෙන්-අමානුෂික-පහරදීමක්
    Bump
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    සේරටම වඩා මේ ගුරු වේසියො දෙන්නගෙ සාරි ගලවලා මහපාරේ බල්ලෝ දාලා rape කරන්ඩ ඕනේ
    හා හා මේක සංකෘතිය සභ්යත්වය තියන රටක් බුදුන් තෙවරක් වැඩිය .
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේ ළමයි කියන්නේ ඇත්තක් නම් මුන්ට නීතියෙන් කොහොම වෙතත් මේ පාසලයි පොලිසියයි අයිති පළාතේ මිනිස්සු එකතුවෙලා මුන්ට දුවනකන් ගහන්න ඕන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    මේ ළමයි කියන්නේ ඇත්තක් නම් මුන්ට නීතියෙන් කොහොම වෙතත් මේ පාසලයි පොලිසියයි අයිති පළාතේ මිනිස්සු එකතුවෙලා මුන්ට දුවනකන් ගහන්න ඕන
    ලමයි කියන්නේ බොරු , එත් ඇත්ත කරන් ගම්මු ගහන්න ආවොත් රනිල් සගේ ආන්ඩුව ජනතාවට ලෙසටම සලකනවා එච්චරයි .
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,828
    29,063
    113

    මිල්ලණියේ 5 වසර සිසුන්ට පොලිසිය විදුලිසැර වද්දාලා - ජීප් රථය ළමාරක්ෂක අධිකාරිය භාරයට​

    Monday, 07 November 2022 - 7:47

    හොරණ - මිල්ලණිය ප්‍රදේශයේ පාසලක 5 වන ශ්‍රේණියේ සිසුන් තුන්දෙනෙකු පොලිස් ජිප් රථයක් තුළ දී පහර දී විදුලි සැර වැදීමට සලස්වා වධ හිංසාවට ලක් කර ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය සිදුකළ මූලික විමර්ශණවල දී අනාවරණ වී තිබෙනවා.

    පසුගිය දෙවනදා එම අධිකාරියට ලද පැමිණිල්ලක් අනුව එහි විශේෂ විමර්ශණ ඒකකය විසින් මේ පිළිබඳ විමර්ශණ ආරම්භ කළ බවයි එහි සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ සඳහන් කළේ.

    ගුරුවරියකගේ පසුම්බියක් සොරකම් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල කරමින් අදාළ පාසලේ විදුහල්පතිවරිය විසින් 5 ශ්‍රේණියේ ළමයින් 12 දෙනෙකු පුස්තකාල කාමරය තුළ රඳවාගෙන පහර දී පසුව මිල්ලණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පාසල වෙත කැඳවීමට ද පියවර ගෙන තිබුණා.

    එහිදී පොලිසිය ද දරුවන්ට පහර දී කෘරත්වයට හා වද හිංසාවට ලක්කර ඇති බවයි ජාතික ළමාරක්ෂක අධිකාරිය සිදුකළ මූලික විමර්ශණවල දී අනාවරණ වී ඇත්තේ.

    ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන් පැමිණි මිල්ලණිය පොලිසියේ ජිප් රථයක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය භාරයට ගෙන තිබෙනවා.

    ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරිය සිදු කළ විමර්ශනවල දී ආනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

    - https://www.hirunews.lk/319804/මිල්...ිසැර-වද්දාලා-ජීප්-රථය-ළමාරක්ෂක-අධිකාරිය-භාරයට
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,344
    113
    පිස්සු බල්ලොන්ට වැඩි බලයක් දුන්නේ උඹලමනේ..

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් එහා යන පොලිස් ආඥා පනත​

    police-1.jpg

    පොලිස් ආඥා පනත සහ එහි බලතල සම්බන්ධව මේ දිනවල වෙනත් කවර වකවානුවකටත් වඩා මහජනතාව අතර මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය අතර ද කතිකාවක් ගොඩ නැගෙමින් පවතී. වර්තමාන රජයේ දරදඬු මර්දනකාරී පිළිවෙතට එරෙහිව මහජනතාව සිය විරෝධය පළකිරීම සඳහා වීදි බසින බොහෝ අවස්ථාවල පොලිස් නිලධාරීන් එම විරෝධතා මර්දනය කිරීම සඳහා පොලිස් ආඥා පනතේ සඳහන් සමහර වගන්ති පුන පුනා පවසමින් එම නීතිය ක්‍රියාත්මක කර මහජනතාව මර්දනය කිරීමට තැත් කිරීමේ තත්ත්වයක් බොහෝ අවස්ථාවල නිරීක්ෂණය වේ.

    “ජනතා අරගලය” ආරම්භ වූ පසුගිය අප්‍රේල් සහ මැයි මාසයන් තුළ පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ගය අසල විරෝධතා දැක්වූ පිරිස් මර්දනය සඳහා ක්‍රියාකළ සුප්‍රකට “water melon” සිද්ධියට මුල් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා විරෝධතාකරුවන් අභිමුඛව පොලිස් ආඥා පනතේ මහජන සාමය පවත්වාගෙන යෑමට අදාළව ඇති යම් යම් නෛතික ප්‍රතිපාදනයන් සම්බන්ධව පවසන අවස්ථාවන් රූපවාහිනිය මගින් නිරීක්ෂණය කළ මේ ලියුම්කරු මෙරට උත්තරීතර නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති “භාෂණයේ, සහ සාමකාමීව රැස්වීමේ නිදහස” යල්පැන ගිය නීතියක් ලෙස සැලකෙන පොලිස් ආඥා පනත භාවිතා කර වළලා දැමිය නොහැකි බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට මතක් කිරීමේ සටහනක් ලියුම්කරුගේ මුහුණු පොතට එක් කරන ලදී. එම අවස්ථාවට මාස පහක් ගත වීමෙන් පසුව එම ස්ථාවරයේම පිහිටමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම විසින් පසුගිය දා පොලිස්පතිවරයා අමතා නිකුත් කළ නිවේදනයක් මගින් පොලිස් ආඥා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යා නොහැකි බව තහවුරු කර තිබීම ඉතා සාධනීය තත්ත්වයක් බව අප විසින් වඩාත් සැලකිල්ලට ගතයුතු කරුණක් ලෙස සැලකිය යුතුය.

    සංවිධානාත්මක පොලිස් සේවාවක් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙරට ස්ථාපිත කර ඇත්තේ 1866 සැප්තැම්බර් 03 වන දිනය. එම පොලිස් බළකාය පිහිටුවීම සඳහා ඔවුන් පදනම් කරගනු ලැබූ නෛතික ප්‍රතිපාදනය වී ඇත්තේ 1865 අංක 16 දරන මෙම පොලිස් ආඥා පනතයි. 1866 ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි පනවන ලද මෙම පොලිස් ආඥා පනත මේ වන විට 36 වතාවක් සංශෝධනය වී ඇති අතර අවසන් සංශෝධනය සිදු කර ඇත්තේ මීට වසර 38 ක ට පෙර 1987 අංක 42 දරන සංශෝධනය මගිනි. බ්‍රිතාන්‍ය පාලන සමය තුළ පනත විසි නම වතාවක් සංශෝධනය වී ඇති අතර පශ්චාත් නිදහස් යුගය තුළ එය සංශෝධනය විය යුත්තේ 7 වතාවක් පමණි. මෙම තත්ත්වය තුළ මෙම පනත බ්‍රිතාන්‍යයන් ස්වදේශිකයන් පාලනය කිරීම සඳහා කෙතෙක් දුරට භාවිත කර ඇද්ද යන්න වටහා ගැනීම බ්‍රිතාන්‍ය පාලන සමය තුළ පනතට එක් කර ඇති සංශෝධන විශාල සංඛ්‍යාව හේතුවෙන් අපහසු නොවන කරුණකි.වගන්ති 104 කින් සමන්විත පොලිස් ආඥා පනතේ බහුතරයක් නෛතික ප්‍රතිපාදනයන් වෙන්වී ඇත්තේ පොලිස් සේවාවේ පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා ය.

    ප්‍රධාන පරිච්ඡේද හතරකින් සමන්විත පොලිස් ආඥා පනතේ මුල් වගන්ති 28 ම පොලිස් පරිපාලනයට අදාළ සකස් කර ඇති අතර වගන්ති 29 සිට 54 දක්වා සඳහන් කර ඇත්තේ පොලිසියේ මූල්‍ය කටයුතු මෙන්ම යටත්විජිත පාලකයන් සතුව පැවති බදු එකතු කිරීමට අවශ්‍ය පොලිස් සහාය ලබාගැනීමට සම්බන්ධව නෛතික වගන්තිවලිනි.

    https://divaina.lk/ආණ්ඩුක්රම-ව්යවස්ථාවටත/
     
    Last edited: