ලංකාවේ චිචිගේ රොකට්ටුව සම්බන්ධයෙන් ඇමරිකාවේ නාසා ආයතනයේ කිසිවකු දන්නේ නැතැයි පැවසූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.
මේ දිනවල ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටින ඒ මහතා නාසා ආයතනය නැරඹීමට ගිය අවස්ථාවේ තමන් මේ ගැන විමසූ බවද හෙතෙම පවසයි.
හිටපු මන්ත්රීවරයා මේ පිළිබඳව තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

