කතාව නම් ඇත්ත. හැබැයි උබ හිතන්න එපා එහේ උන් උබව ශ්‍රි ලංකන් කියල අදුනගනි කියල. උන් ඔක්කොම හිතන්නේ ඉන්දියන් ඕ බංගලි කියල අපිත්

උබ තාම ගිහින් වැඩි කල් නැනේ. යුරෝප් ගියපු මුල් දවස්වල හැමෝටම මැජික්. පොඩ්ඩක් බලාගෙන ඉදපංකෝ ආතල් ටික. රටේ අවුලක් නැ. හැබැයි අපි ඉතින් දෙවැනි පුරවැසි කොහේ ගියත්

මම කියන දේ පස්සේ තේරෙයි.
ඔව් උබ කියන එක හරි මම ඉන්දියන් කියල තමා යන්නේ පිටින් දැක්කොත්. දැන් ෆිලන්ඩ් වලට ඉන්දියන් බංගලි උන්ට දෙන්නේ නැ ස්ටුඩන්ට්. හොදට බලලා ගන්නේ.
මම හිතන්නේ මෙහෙමයි. අපි වදුරගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනේ. එතන Idagena ඉන්න ගියාම තමා වදුරට එපා වෙන්නේ. උබ දන්නවද මෙහෙට එනවා රයිස් කුකර් අරගෙන හාල් හිටන් අරගෙන මිනිස්සු. යකෝ ෆේල් කල්චර් එකක් ඇයි මේ වගේ දියුණු රටකට ගේන්නේ? අනික් එක ෆින්ලන්ඩ් මිනිස්සු සැහෙන්න නිහඩ මිනිස්සු. කතා කරන්නේ හරිම අඩුවෙන්. හැබැයි මෙහෙ ඉන්න උන් කියන්නේ රට උන්ට ලොකු සින් දානවා කියල. එහෙම නැ උන් උන්ගේ එවන් එක්ක වත් කතා නැනේ. අපේ උන් මෙහෙ ආපු ගමන් කරන්නේ කාර් එකක් ගන්නවා. එක තමා උන් කරන ලොකුම හේනේ. මෙහෙ උන් එක්ක සෙට් වෙන්න යන්න ඕනේ ට්‍රෑම් එකේ බස් එකේ. මෙහෙ තියන පොඩි පබ් එකකට යන්න ඕනේ. උබලම හිතපන් සුද්දෙක් අපේ රටට අවාම අපි මොකද කරන්නේ කියල? ඒ වගේ තමා. මම මේ දවස් ටිකට ඔය මෙතඩ් වලින් අදුරගත්තා 4 දෙනෙක්.
අද මම අලුත් අපාර්ට්මන්ට් එකට ගියා. එකට ටේබල් එකයි පුටුවයි ගත්තේ මෙහෙ තියන FB ගෘප් එකකින්. ඌ වැඩ ඉවර වෙලා මට ඒ දෙකම උගේ වාහනේ ගෙනත් දුන්නා. සතයක් වැඩියෙන් ගත්තේ න. උ මගේ අපර්මන්ට් එක උඩටම එනකන් ඒ ටික ගෙන්න උදව් කළා. මම ඌ එක්ක සැහෙන වෙලා කතා කරලා තමා ඌ ගියේ. උගේ නම්බර් එක තියනවා ඕනේ වෙලේක කෝල් එකක් දෙන්න කියලා ගියේ. මේ වගේ තැන් වල අපි ලොකු ලයින් දාන්න හොද නැ අපියි කතා කරලා සෙට් කරගන්න ඕනේ. නැතුව උන් අපිට දෙන්නේ එන්නේ නැනේ.
ඔන්න ඔය වගේ හේතු නිසා තමා හුගක් දෙනෙක්ට අපි එහෙ දෙවෙනි පුරවැසියෝ කියලා හිතෙන්නේ. එහෙම නොවෙන්න ඕනේ කරන හැම වැඩක්ම මම නම් කරනවා