😂😂😂😂

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,239
    21,097
    113
    සැමියෙකුට තම බිරිඳව අමතකව කිලෝමීටර් 160කට ආසන්න දුරක් රථය පදවාගෙන ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    මෙම සිදුවීම වාර්තාවන්නේ තායිලන්තයෙනි.

    අදාළ සිදුවීමට මුහුණදී ඇත්තේ 55 හැවිරිදි වියේ පුද්ගලයෙකු සහ ඔහුගේ 49 හැවිරිදි වියේ පසුවන බිරිඳයි.

    එහිදී ඔවුන් සිය බිරිඳගේ උපන් ගමට යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණදී ඇති බව එම වාර්තා පවසයි.

    සිය ගමන අතරමගදී සැමියා ශරීර කෘත්‍ය කිරීම සඳහා කැලයක් ආසන්නයේ සිය රථය නවතා ගොස් නැවත පැමිණ රථය පණගන්වා ඉදිරියට ධාවනය කර ඇත.

    ඒ වනවිටත් රථයේ පසුපස අසුනේ නිදා සිටි බිරිඳද සිය ශරීර කෘත්‍ය සිදුකිරීම සඳහා රථයෙන් බැස ගොස් තිබේ.

    අදාළ සැමියා මේ බව නොදැන රථය ඉදිරියට ධාවනය කර ඇත.

    ඔහු පවසා ඇත්තේ සිය බිරිඳ පසුපස අසුනේ නිදා සිටින බවට තමන් සිතූ බවය.

    කෙසේ වෙතත් කැලය ආසන්නයේ තනිවූ බිරිඳ මුදල් හෝ ජංගම දුරකථනයක් නොමැතිව දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

    කෙසේ වෙතත් ඇය එම ස්ථානයේ සිට කිලෝමීටර් 13ක දුරක් ඉදිරියට ඇවිදගොස් පොලිස් ස්ථානයක් වෙත පැමිණ තමන්ට සිදුවූ දේ පවසා ඇත.

    අනතුරුව ඒ වනවිටත් කිලෝමීටර් 160ක පමණ දුරක් සිය රථය ඉදිරියට ධාවනය කර සිටි අදාළ සැමියා තම බිරිඳ රථයේ නොමැති බව දැනගැනීමෙන් පසුව ඇය සොයා නැවත පැමිණ තිබේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,322
    113
    Colombo, Sri Lanka
    රසවත්ම ටික දාලා නැහැනේ බිරිඳට තම සැමියා මුනගසුනන් පස්සේ මොකද උනේ ..... 😁
    අපේ @Solo Rider මාමි ගෙදර දිනපතා දවස ගෙවෙන විදිහට ගුටි පුජාවකින් වැඩේ යන්න ඇති ........ 😛
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,901
    99,191
    113
    රසවත්ම ටික දාලා නැහැනේ බිරිඳට තම සැමියා මුනගසුනන් පස්සේ මොකද උනේ ..... 😁
    අපේ @Solo Rider මාමි ගෙදර දිනපතා දවස ගෙවෙන විදිහට ගුටි පුජාවකින් වැඩේ යන්න ඇති ........ 😛
    @Solo Rider හැමදාම අලුත් කොස්සක් ගෙදර ගෙනියව කියල කට කතා නන් තියෙනව බොරුවට ඉරිසියාකාරයො හදන කතා වෙන්න ඇති නෙ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,322
    113
    Colombo, Sri Lanka
    @Solo Rider හැමදාම අලුත් කොස්සක් ගෙදර ගෙනියව කියල කට කතා නන් තියෙනව බොරුවට ඉරිසියාකාරයො හදන කතා වෙන්න ඇති නෙ.
    ඕක සම්පුර ඇත්ත. ආ තව සිද්ධාලේප කුප්පියකුත් ගෙනියනවලු. කඩේ ගාවට යනකොට මුදලාලියා ඈත තියාම කොස්සයි, සිද්ධාලේප කුප්පියයි එළියෙන් තියනවලු.. 😛
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    @Solo Rider හැමදාම අලුත් කොස්සක් ගෙදර ගෙනියව කියල කට කතා නන් තියෙනව බොරුවට ඉරිසියාකාරයො හදන කතා වෙන්න ඇති නෙ.
    කොස්සක මිල - රු. 400/=
    ඒ අනුව වාර්-ෂිකව කොසු 365ක් ගැනීමට යන වියදම - රු. 146,000/=

    බිරිඳකගේ මේකප් වල මාසික වියදම - රු. 165,430/=
    ඒ අනුව වාර්-ෂිකව මේකප් 12ක් කිරීමට යන වියදම - රු. 1,985,160/=

    ප්‍රතිලාභ පිරිවැය විශ්ලේෂණය අනුව බිරිඳක් අලුතින් ගැනීමට වඩා දිනපතා කොසු මිලදී ගැනීම වාසිදායක වන බැවින් සෝලෝ රයිඩර් නිවැරදි වේ.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපේ ගෑන්ට ඕම කරානම් උබලට මගෙ මලගෙදර එන්න වෙනව.

    @Solo Rider හැමදාම අලුත් කොස්සක් ගෙදර ගෙනියව කියල කට කතා නන් තියෙනව බොරුවට ඉරිසියාකාරයො හදන කතා වෙන්න ඇති නෙ.
    කොස්සක මිල - රු. 400/=
    ඒ අනුව වාර්-ෂිකව කොසු 365ක් ගැනීමට යන වියදම - රු. 146,000/=

    බිරිඳකගේ මේකප් වල මාසික වියදම - රු. 165,430/=
    ඒ අනුව වාර්-ෂිකව මේකප් 12ක් කිරීමට යන වියදම - රු. 1,985,160/=

    ප්‍රතිලාභ පිරිවැය විශ්ලේෂණය අනුව බිරිඳක් අලුතින් ගැනීමට වඩා දිනපතා කොසු මිලදී ගැනීම වාසිදායක වන බැවින් සෝලෝ රයිඩර් නිවැරදි වේ.

    කොස්සෙන් ගුටිකන එක පාඩුයි බන්. මම වගේ ගෙදරට වන්ගෙඩියයි මෝල් ගහයි එකපාර ගනින්. මෝල්ගහ කැඩෙන්නෑ
    ------ Post added on Jan 5, 2023 at 9:25 AM

    ඕක සම්පුර ඇත්ත. ආ තව සිද්ධාලේප කුප්පියකුත් ගෙනියනවලු. කඩේ ගාවට යනකොට මුදලාලියා ඈත තියාම කොස්සයි, සිද්ධාලේප කුප්පියයි එළියෙන් තියනවලු.. 😛
    සිද්දාලේප වලට හරියන්නෑ බන්. වෙනිවැල්ගැට බීල බුදියෑවම උදේට දැනෙන්නෑ. ෆ්‍රෙශ් පිට ගුටිකෑවෑකි.
    ------ Post added on Jan 5, 2023 at 9:27 AM
     
    • Haha
    Reactions: PHBhagya and NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අපෝ ඌට මැරෙනකම් ම දැන් ඔය අඳෝනාව අහන්න වෙනවා...:lol:

    ඒ යකා කාර් එක අරන් ගිහින් එහෙමම ප්‍රපාතයකට පැන්නා නම් ලේසියි :lol:
     
    • Like
    • Haha
    Reactions: kinkon and NRTG