වීඩියෝ එක නම් බැලුවේ නෑ. ඒත් මේ විස්තර ටික වටී කියල හිතුනා.
FOSSIL - ලෝකේ ලොකුම watch manufacturer කෙනෙක්. FOSSIL බ්‍රෑන්ඩ් එකට අමතරව ගොඩක් ඩිසයිනර් බ්‍රෑන්ඩ් වලට වොච් හදනවා. ගොඩක් වෙලාවට Sea-Gull movement දාන්නේ. මීට අමතරව FOSSIL කොම්පැනියට Swiss movement factory එකක් තියෙනවා.
https://www.swisstp.com/en/home
FOSSIL කියන්නේ සාමාන්‍ය හොඳ බ්‍රෑන්ඩ් එකක්. Seiko, Citizen තරම් නැතිවුනත්. QC පැත්ත හොදයි.
Emporio Armani - Emporio Armani බ්‍රෑන්ඩ් එකට වොච් හදන්නේ FOSSIL එකෙන්.
Tommy Hilfiger - Tommy බ්‍රෑන්ඩ් එකට වොච් හදන්නේ Movado එකෙන්. Movado කියන්නේ ඉස්සර හොඳම Swiss වොච් හදපු කොම්පැනියක්. තාමත් Movado Museum series එකට හොඳ ඉල්ලුමක් තියෙනවා. නමුත් මෑතකදී ඉඳන් (2010න් පස්සේ වගේ) ගොඩක් Movado හදන්නේ චීනේ. ඒ වගේම quality ekath අන්තෙටම බැහැල තියෙන්නේ.
Hugo Boss - ඉස්සර ඉඳන් ම හැදුවේ Movado එකෙන්. පරණ Hugo Boss වොච් හොදයි. දැන් එන ඒවා අන්තිමයි.
Scuderia Ferrari - තව movado බ්‍රෑන්ඩ් එකක්.
CK - CK බ්‍රෑන්ඩ් එකට ඉස්සර (2010ට කලින් වගේ) වොච් manufacture කලේ Swatch Group එකෙන්. Tissot, Hamilton, CK තුනම එකම factory එකේ හැදුවේ. පස්සේ පොඩ්ඩ පොඩ්ඩ quality අඩු වුනා. දැන් CK හදන්නේ Movado එකෙන්. quality අන්තිමයි.
Louis Vuitton - බය නැතුව ගන්න. Tag Heuer, Zenith, Hublot වගේ බ්‍රෑන්ඩ් අයිති LVMH (Louis Vuitton Moet Hennessy). ඔක්කොම Swiss Made. Quality සුපිරියි.
Ralph Lauren - හදන්නේ Richemont Group එකෙන්. Richemont Group එකේ අනිත් බ්‍රෑන්ඩ් ලිස්ට් එක - Piaget, Panerai, Cartier, Vacheron Constantin.... තව විස්තර කියන්න ඕන නෑ නේ. - එත් Ralph Lauren low end බ්‍රෑන්ඩ් එකක්. Quality ගැන නම් බයවෙන්න එපා.
Gucci - own factory එකක් තියෙනවා. Gucci වලට අමතරව Girard Perregaux, Ulysse Nardin බ්‍රෑන්ඩ් දෙකත් අයිති Gucci කොම්පැනියට.
Adidas - no idea
DW - no idea
Michael Kors - Fossil