කඩුල්ල

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    කඩුල්ල කියන්නේ 1992 වර්ෂයේදී විකාශනය වුන ටෙලි නාට්‍යයක්. කතාව තිලක් ජයරත්න ගේ. අධ්‍යක්ෂනය ධර්මසේන පතිරාජ ගේ.
    කඩුල්ලට පසුබිම් වෙන්නේ 19 වෙනි සියවසේ අග භාගයේදී සහ 20 වෙනි සියවසේ මුල භාගයේදී බ්‍රිතාන්‍යය යටත් විජිතවාදයත් එක්ක ලංකාවේ ආර්ථික ක්‍රමයේ සහ ඒ අනුව සමාජ ක්‍රමයේ සිද්ධ වෙන වෙනස්කම්. කතාව සැකෙවින් කිව්වොත් මෙහෙමයි:
    කළුතර ප්‍රදේශයේ කළු ගඟ ආශ්‍රිතව තියෙන කුඩා ගමක "කංකානම් මහත්තයා" (සිරිල් වික්‍රමගේ) කියලා තරමක් ධනවත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ධනවත් වෙලා තියෙන්නෙ සුද්දන් ගෙ රබර් වතු වල වැඩ කරලා. ඔහු මිනිරන් පතලක් හාරනවා. මිනිරන් නොලැබෙන නිසා ඔහුට තමාගේ සියළු වතුපිටි උගස් කරන්න සිද්ධ වෙනවා. තාත්තගෙ මේ මිනිරන් බිස්නස් එකට ඔහුගේ පුතා වෙන "මනුවෙල්" (ක්ලීටස් මෙන්ඩිස්) විරුද්ධයි. අන්තිමේ මිනිරන් සෙල්ලමෙන් නට්ටං වෙන කංකානම් මහත්තයා කළු ගඟේ පැනලා දිවි නසා ගන්නවා.

    මිනිරන් පතලේ හෙඩ් බාස් "කුරුතේරිස්" (ජැක්සන් ඇන්තනී). ඔහු සුද්දන්ගෙ පාරවල් කපන්න ඉන්දියාවේ ඉඳන් ආපු මලයාලම් ජාතිකයෙක් ට සහ ගමේ සිංහල කාන්තාවකට දාව උපදින අයෙක්. මලයාලම් ජාතිකයා ආපහු ඉන්දියාවට යනවා. සිංහල කාන්තාව කුරුතේරිස් පොඩි කාලෙම මැරෙනවා. මේ නිසා ඔහු හැදෙන්නෙ අනාථයෙක් විදිහට. "කොච්චිය ගෙ පුතා" නිසා කුරුතේරිස්ට සමාජ තත්වයක් නෑ. කංකානම් මහත්තයා මැරුණට පස්සෙ කුරුතේරිස් තනියම පතල කරගෙන යනවා. ඒ කංකානම් මහත්තයෙගෙන්ම හොරකම් කරපු පවුම් 25 කින්.

    ඒ අස්සෙ කුරුතේරිස් සහ කංකානම් මහත්තයගෙ දුව "පොඩි නෝනා" (වසන්ති චතුරානි) යාළුයි. දෙන්නා පැනලා යනවා. පැනල ගීහින් පදිංචි වෙන්නෙ පතලේ වාඩියේ. පහුවදාම "පොඩි නෝනගෙ වාසනාවට" මිනිරන් හම්බෙනවා.
    මිනිරන් විකුණලා කුරුතේරිස් විශාල ධනවතෙක් වෙනවා. ලංකාව පුරාම ඉඩම් ගන්නවා. අරක්කු රේන්ද ගන්නවා. තව තව බිස්නස් කරනවා. ධනපතියෙක් වෙනවා. දානපතියෙක් වෙනවා.

    කුරුතේරිස්ට බිස්නස් කරන්න උපදෙස් දෙන්නේ බැස්ටියන් කුරේ. ඔහු යුරෝපීය ඇඳුම් අඳින, ඉංග්‍රීසි දන්න, ක්‍රිස්තියානි ආගම වැළඳගත්ත බටහිරකරණය වුන සිංහලයෙක්. බැස්ටියන් කුරේ ගේ උපදෙස් පිට කුරුතේරිසුත් ක්‍රිස්තියානි ආගමට හැරෙනවා. ආණ්ඩුකාරයා එක්ක එක මේසෙ කෑම ගන්න ලෙවල් එකටම එනවා.
    කුරුතේරිස්ගෙ පුතා "රිචඩ්" (පීටර් අල්මේදා) ඉගෙන ගන්නෙ එංගලන්තෙ. එංගලන්තෙ ඉඳන් ලංකාවට එන රිචඩ් තාත්තගෙ බිස්නස් එක බාර ගන්නවා. රිචඩ් ධර්මපාල තුමාගේ අදහස් අනුව ජාතිකවාදී දේශපාලනයක නිරත වෙනවා. අනුරාධපුරයේ වංශවත් පවුලකින් විවාහ වෙනවා. බුද්ධාගමට හැරෙනවා.
    ඒත් කුරුතේරිස් සහ ඔහු වටේට ඉන්න හැමෝම ජීවත් වෙන්නේ ඉතාම අතෘප්තිකර ජීවිතයක්. පොඩි නෝනා දිවි නසා ගන්නවා. එක පුතෙක් එංගලන්තේ නවතිනවා. අන්තිමේදී කුරුතේරිසුත් අතෘප්තිමත් මිනිහෙක් විදිහට මැරෙනවා.

    කලාත්මක සහ තාක්ෂනික පැත්තෙන් ගත්තම කඩුල්ල නාට්‍යයෙ අඩුපාඩු ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම සමකාලීන වෙද හාමිනේ, දඬුබස්නාමානය වගේ නාට්‍යය එක්ක බැලුවම. පළිඟු මැණිකේ වගේ නාට්‍යයක් වුනත් කලාත්මකව වඩා උසස් කියල කියන්න පුළුවන්.
    කුරුතේරිස්ට මිනිරන් හම්බවෙන තැනට එනකං කොටස සහ ඊට පස්සෙ කොටස ගලා යන්නෙ රිද්මයන් දෙකකට. මුල කොටස ඉතාම හෙමින් යන අතර, දෙවෙනි කොටස ඉතාම වේගවත්. අවුරුදු තුන හතරක කෑලි ස්කිප් කරල තියෙනවා. දෙවෙනි කොටසේ දී මුල් තැන දීලා තියෙන්නෙ කතාවේ අදහස කියන්න මිස කලාත්මක ඉදිරිපත් කිරීමට නෙවෙයි.

    පොසිටිව් දේවල් කිව්වොත් ජැක්සන් ඇන්තනී ඉතාම විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා. මම හිතන්නේ ඔහුගේ හොඳම ටෙලි නාට්‍යය රංගනය කියල කියන්න පුළුවන්. සමස්තයක් වශයෙන් සියළුම නළු නිළියන් ගේ රඟපෑම් උසස් මට්ටමක තියෙනව කියන්න පුළුවන්.
    කඩුල්ලේ සුවිශේෂී බව තියෙන්නෙ කලාත්මක පැත්තට වඩා සමාජ විග්‍රහයේදී. ලංකාවේ 19 වෙනි සියවසේ අග සහ 20 වෙනි සියවසේ මුල දේශීය ධනපති පන්තියක් වර්ධනය වුනා. ඒ වර්ධනය වීම තමයි කඩුල්ලේ කතාවට පදනම් වෙන්නේ.

    ලංකාවේ සාම්ප්‍රදායික සිංහල ගැමියා නිරූපනය වෙන්නේ මනුවෙල්ගෙන්. මනුවෙල් ආඩම්බරයි. කාටවත් අත පන්න කැමති නෑ. "සුද්දගෙ වැඩ" ඔහුට අල්ලනෙ නෑ. ව්‍යාපාර කරන්න තේරෙන්නෙ නෑ. ව්‍යාපාර කරන හැටි ඉගෙන ගන්න ආසාවකුත් නෑ. කළු ගඟේ ඔරුවක් පැදගෙන නිවිහැනහිල්ලෙ ඉන්න තමයි මනුවෙල් ආස. කුරුතේරිස් ගේ නැගීමත් එක්ක මනුවෙල් විනාශ වෙලා යනවා.

    නැගී එන ධනපති පන්තිය නිරූපනය කෙරෙන්නේ කුරුතේරිස්ගෙන්. කුරුතේරිස් සාම්ප්‍රදයික වංශවතෙක් නෙවෙයි. කොච්චියගෙ පුතෙක්. අනාථයෙක්. දුප්පතෙක්. ඒත් වැඩට සූරයෙක්. සරළ භාෂාවෙන් කිව්වොත් "ගේමක් ගහල" ඉන්න දන්න කෙනෙක්. කුරුතේරිස්ට සමාජ අත්දැකීම් වලින් ආපු ව්‍යාපාර ඉවක් තියෙනවා. ඒක මනුවෙල්ට නෑ. සුද්දා එක්ක වෙනස් වෙන රැල්ලට එකතු වෙලා තමාගේ ගමන යන්න කුරුතේරිස් දන්නවා. ඒ ගමන යද්දි ඕනම කුපාඩි වැඩක් කරන්න කුරුතේරිස් පසුබට වෙන්නෙ නෑ. ඒත් කුරුතේරිස්ට සුද්දගෙ ධනවාදය හරියටම තේරෙන්නෙ නෑ. කුරුතේරිස් ව්‍යාපාර කරන්නෙ තමාට අහිමි වුන සමාජ තත්වය ලබා ගැනීමේ අරමුණෙන්.

    සුද්දගෙ ධනවාදයේ නාඩි හරියටම අල්ලගෙන ඉන්නෙ බැස්ටියන් කුරේ. සල්ලිකාරයෙක් නොවෙන බැස්ටියන් කුරේට බිස්නස් කරන්න ප්‍රාග්ධනයක් නෑ. ඒත් කුරුතේරිස් ගෙ බිස්නස් එක මෙහෙයවන්නෙ ඔහු. බටහිර පන්නයට හැදුනු, බටහිර පන්නයට ජීවත් වෙන, ක්‍රිස්තියානි ආගම අදනය බැස්ටියන් කුරේට ධනවාදය හොඳටම තේරෙනවා. ඔහු කුරුතේරිස්ට දෙන එක උපදෙසක් මෙහෙමයි : "මුදලාලි මහත්තයෝ, සල්ලි හම්බකරාට මදි. සල්ලි වලට නීදහසේ හැසිරෙන්න දෙන්න ඕනෙ. නැත්තම් සල්ලි කැරලි ගහනවා."
    රිචඩ් ගෙන් නිරූපනය වෙන්නේ දේශීය ධනපති පන්තියේ දෙවෙනි පරම්පරාව. රිචඩ් හැදෙන්නෙ වැඩෙන්නෙ සුද්දෙක් වගේ. ඒත් ඔහු දේශපාලනිකව සිංහල ජාතිකවාදියෙක්. ඔහු බිස්නස් කරන්නේ දේශපාලන බලය ලබා ගැනීමේ අරමුණෙන්. ඔහු දේශපාලනය කරන්න වංශවත් පවුලකින් විවාහ වෙනවා. බුද්ධාගම වැළඳගන්නවා. ඒ වගේම කුරුතේරිස්ගේ නිෂ්පාදනය මත පදනම් වුන (මිනිරන්, පොල්, රබර්, තේ, දේශීය මත්පැන්) බිස්නස් වෙනුවට ඔහු අත ගහන්නෙ ආනයන අපනයන ව්‍යාපාරවලට. ලංකාවෙ නිෂ්පාදන ආර්ථිකයක් දියුණු නොවෙන්න හේතුව මේකද?

    වාමාංශික අදහස් තියෙන ධර්මසේන පතිරාජ මේක දිහා බලන්නෙ වාමාංශික සමාජවාදී කෝණයකින්. ධනවාදයට වගේම ජාතිකවාදයටත් ඔහු සියුම් ව පහර දෙනවා. කුරුතේරිස් මැරෙන්නෙ අතෘප්තිකර මිනිහෙක් විදිහට. සිංහල ජාතිකවාදියෙක් වෙන රිචඩ් ගෙ සීයා කොච්චියෙක්. රිචඩ් ජීවත් වෙන්නෙ සුද්දෙක් වගේ. ඇත්තම සිංහල සංස්කෘතිය ඔහුට ආගන්තුකයි.

    ලංකාවේ නිදහසෙන් පස්සෙ දේශපාලනය කළ/කරන බොහෝ දේශපාලකයන් ගෙ මුල් තියෙන්නේ කුරුතේලිස්ලා ගාව.
    ලංකාවේ බිහිවුන විශිෂ්ඨතම ටෙලි නාට්‍යය කීපයෙක් එකක් විදිහට කඩුල්ල නම් කරන්න පුළුවන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    පට්ට නාට්‍යක් කඩුල්ල කියන්නේ.. මේ පහල තියන දේට නම් මට එකග වෙන්න බැ.

    කලාත්මක සහ තාක්ෂනික පැත්තෙන් ගත්තම කඩුල්ල නාට්‍යයෙ අඩුපාඩු ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම සමකාලීන වෙද හාමිනේ, දඬුබස්නාමානය වගේ නාට්‍යය එක්ක බැලුවම. පළිඟු මැණිකේ වගේ නාට්‍යයක් වුනත් කලාත්මකව වඩා උසස් කියල කියන්න පුළුවන්.
    කුරුතේරිස්ට මිනිරන් හම්බවෙන තැනට එනකං කොටස සහ ඊට පස්සෙ කොටස ගලා යන්නෙ රිද්මයන් දෙකකට. මුල කොටස ඉතාම හෙමින් යන අතර, දෙවෙනි කොටස ඉතාම වේගවත්. අවුරුදු තුන හතරක කෑලි ස්කිප් කරල තියෙනවා. දෙවෙනි කොටසේ දී මුල් තැන දීලා තියෙන්නෙ කතාවේ අදහස කියන්න මිස කලාත්මක ඉදිරිපත් කිරීමට නෙවෙයි.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කුරුතෙරිස්ගේ තාත්තා ඉන්දියාවේ කොචින් කියන පළාතෙන් ආපු කෙනෙක් නිසා කොච්චියෝ කියන්නේ.
    ඔය කතාව දොන් කරෝලිස් කියන ප්‍රසිද්ධ ලී බඩු විකුණන සමාගම පටන් ගත්ත කෙනාගේ ඇත්ත ජීවිත කතාව කියලා අහලා තියෙනවා. ජැක්සන්ගේ රගපෑම උපරිමයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    කුරුතෙරිස් කියන්නෙ ඇත්ත මනුස්සයෙක්ගේ කතාවක්,කුරුතෙරිස්ගේ නැ කෙනෙක් මගේ හොඳම යාලුවෙක්.මගේ යාලුවගේ අම්මාගේ පැත්තෙන් සම්බන්ධය තියෙන්නෙ,දොන් කරොලිස් හේවාවිතාරණ (ධර් මපාලතුමාගේ පියාට) ඔකේ කිසි සම්බන්ධයක් නැ...

    මේ තියෙන්නෙ දොන් කරොලිස් ලගේ පොඩි ගැජට් එකක් :Pගෙදර තිබ්බ පරණ පු‍ටුවක ඇන්දක්....කම්පියු ටරේ උඩින් බලන්න...

    D5e7RE5.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    කුරුතෙරිස් කියන්නෙ ඇත්ත මනුස්සයෙක්ගේ කතාවක්,කුරුතෙරිස්ගේ නැ කෙනෙක් මගේ හොඳම යාලුවෙක්.මගේ යාලුවගේ අම්මාගේ පැත්තෙන් සම්බන්ධය තියෙන්නෙ,දොන් කරොලිස් හේවාවිතාරණ (ධර් මපාලතුමාගේ පියාට) ඔකේ කිසි සම්බන්ධයක් නැ...

    මේ තියෙන්නෙ දොන් කරොලිස් ලගේ පොඩි ගැජට් එකක් :Pගෙදර තිබ්බ පරණ පු‍ටුවක ඇන්දක්....කම්පියු ටරේ උඩින් බලන්න...

    D5e7RE5.jpg
    පට්ට නේ බන්. ඒ කියන්නේ ඒ මිහිහ ඒ විදියටම ලොකු සල්ලි කාරයෙක් වෙළද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    overall එකඟයි

    හැබැයි පලිඟු මැණිකේ කියන පට්ට බෝරින්ග් ඇරියස් script එකකට කරපු කතාව කඩුල්ලට වඩා හොඳයි කියන එකනම් කොහෙත්ම පිළිගන්න බෑ. ඔය රිචඩ්ගේ කතාව තමයි ලංකාවේ so called ජාතිකවාදී නායකයෝ 99% ගේ කතාව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    සොක්කන් ලොක්කන් වූ වගයි කියලා පොතක් ලියලා තියෙනවා නෙ කුමාරි ජයවර්ධන කියල කෙනෙක් .ඔය ලන්කාවෙ ඔය අවධියෙ ධනපතියො ගැන කියලා තියෙනවා මන් හිතන්නෙ .
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    පට්ට නේ බන්. ඒ කියන්නේ ඒ මිහිහ ඒ විදියටම ලොකු සල්ලි කාරයෙක් වෙළද?
    ow machan,mata mage yaluwa kalaketa kalin oya gana kiyala thiyanawa,mama ayeth meke snap ekak gahala yawwa hee,eyata pudumayi wage mata mathake thibba eka e gana ........:P

    oy55gyJ.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ලංකාවේ නිදහසෙන් පස්සෙ දේශපාලනය කළ/කරන බොහෝ දේශපාලකයන් ගෙ මුල් තියෙන්නේ කුරුතේලිස්ලා ගාව.
    මේක නම් ඇත්තම ඇත්ත. මම ළඟින්ම දන්න ඇමති කෙනෙක් ඉන්නවා මුල මේ වගේම කතාවක්.

    ඩී. ඇස් ලගෙ මූලාරම්භයත් මේ වගේ අහලා තියෙන විදිහට.

    තාත්තලා සීයලා අරක්කු රේන්ද කරලා සල්ලිකාරයෝ උනාට පස්සෙ දරුවො මුණුබුරෝ අමද්‍යප ව්‍යාපාර කරලා දේශපාලනේට එනවා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කුරුතෙරිස් කියන්නෙ ඇත්ත මනුස්සයෙක්ගේ කතාවක්,කුරුතෙරිස්ගේ නැ කෙනෙක් මගේ හොඳම යාලුවෙක්.මගේ යාලුවගේ අම්මාගේ පැත්තෙන් සම්බන්ධය තියෙන්නෙ,දොන් කරොලිස් හේවාවිතාරණ (ධර් මපාලතුමාගේ පියාට) ඔකේ කිසි සම්බන්ධයක් නැ...

    මේ තියෙන්නෙ දොන් කරොලිස් ලගේ පොඩි ගැජට් එකක් :Pගෙදර තිබ්බ පරණ පු‍ටුවක ඇන්දක්....කම්පියු ටරේ උඩින් බලන්න...

    D5e7RE5.jpg
    හරි මචන්. කොහොමහරි මට හිතෙන්නේ ඉස්සර සමාජයේ ලොකු බිස්නස් කාරයෙක්ගේ සත්‍ය කතාවක් කියලා. අර මිණිගංදෑළ කියලා නාට්‍යක් ගියේ ඒකත් ඔය වගේ සීන් එකක්.
     
    • Like
    Reactions: NRTG and 001flyD

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මේක නම් ඇත්තම ඇත්ත. මම ළඟින්ම දන්න ඇමති කෙනෙක් ඉන්නවා මුල මේ වගේම කතාවක්.

    ඩී. ඇස් ලගෙ මූලාරම්භයත් මේ වගේ අහලා තියෙන විදිහට.

    තාත්තලා සීයලා අරක්කු රේන්ද කරලා සල්ලිකාරයෝ උනාට පස්සෙ දරුවො මුණුබුරෝ අමද්‍යප ව්‍යාපාර කරලා දේශපාලනේට එනවා.
    Ds dadge kathawa kiyala ahala thiyenwa
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Ds dadge kathawa kiyala ahala thiyenwa
    ඩි.එස් ලා ගේ බොතලේ ගෙදරට මම ගිහින් තියනවා.ඩි.එස් ලා සහ බොතලේ අතර ලොකු ඉතිහාසයක් තියනවා,බොතලේ උනේ බෝධි + තලේ කියන වචන දෙක එකතු වෙලා කියනවා.එ කාලේ ශ්‍රි මහා බෝධියෙන් අංකුරයක් ගෙනත් තියනවා ඔය පැත්තට එක වඩම්මනකොට විඩා මහන්සිය නිමා ගන්න පැලය ගලක් ලඟ තියලා උදේ වෙනකොට මුල් ටිකක් ඇදලා තිබ්බා කියලා තමයි කතාව යන්නෙ...එ ආපු පෙරහැරේ සේනාවට නායකාත්වය දුන්නෙ සේනා නායකලලු...සේනානායක වළව්වට පහල තියනවා බෝධි පක්ෂ වළව්ව කියලා,අන්න එ අය බෝධිය පිටිපස්සෙන් ආව කියලා කියන්නෙ..ඔන්න ඔය කතාව ටිකක් මේ පොතේ තියනවා,අරක්කු රෙන්දය කරලා ගොඩක් දියුණු උන එක නම් ඇත්ත....නමුත් එ මිනිස්සුන්ට යම් කිසි ඉතිහාසයක් තියනවා...

    pd6szLo.jpg

    හරි මචන්. කොහොමහරි මට හිතෙන්නේ ඉස්සර සමාජයේ ලොකු බිස්නස් කාරයෙක්ගේ සත්‍ය කතාවක් කියලා. අර මිණිගංදෑළ කියලා නාට්‍යක් ගියේ ඒකත් ඔය වගේ සීන් එකක්.
    ඔව් ඇත්ත කතාවක් තමයි මචං..
    ------ Post added on Jan 27, 2023 at 1:34 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    සමාජයේ ලොකු බිස්නස් කාරයෙක්ගේ සත්‍ය කතාවක්
    බිස්නස් කාරයෝ එකෙක්ගේ කියන්න බෑ බන් ඔය කතාවම අදාළ වෙන මිනිස්සුන්ගේ කතා කීපයක්ම මම අහලා තියෙනවා.

    ගොඩක් වෙලේට රස්තියාදුවෙ යන ආතක් පාතක් නැති එකෙක් මුදලාලි කෙනෙක් ගාව වැඩට හේත්තු වෙලා සල්ලි ටිකක් හොයා ගන්නවා. ගොඩක් වෙලේට හොරකමින්. ඊටපස්සෙ ඒක දාලා අරක්කු රා බිස්නස් පටන් ගන්නවා. ඊටපස්සෙ සල්ලි හොයන් වලව් පැලැන්තියෙන් කාවහරි බැඳගෙන වංශක්කාර කමත් එකතු කරගන්නවා.