බයියෝ කියනවා නේ නෙලුම් කුළුණු ගහලා රට ගොඩ දාන්න පුළුවන් කියලා. ගොඩක් උන් මේ මතේ තමයි ඉන්නේ.
අංක එක, බයියෝ ආවා කියලා උන් කොච්චර හොරු උනත් ලංකාවේ උන් එක පාර බෝධිසත්වයෝ වෙයි කියන එක අමු ෆැන්ටසි එකක්. ෂෙඩ් එකේ එකාගේ ඉඳල හොස්පිටල් එකේ අටෙන්ඩන්ට් ඉඳන් ඉස්කෝලෙක ප්රින්සිපල්ගේ ඉඳන් රජයේ කන්තෝරුව වෙනකන් ඔක්කොම බයියෝ දාපු උන් . දේශපාලුවෝ විතරක් නෙමෙයි. ඇත්තටම උන් මේ ජරා සිස්ටම් එකෙන් පොඩි පංගුවක්. ඉතින් හොරකම් නැති කරන එක කෙසේ වෙතත් අඩු කරන්නත් අමාරු වෙයි.
අපි හිතමුකෝ හොරකම කොහොමහරි 0 කරා කියලා. ඊට පස්සේ? අදටත් රජයේ ආදායම මදි සේවකයෝන්ගේ පඩි ටිකයි පෙන්ෂන් ටිකයි ගෙවන්න. ඉතින් හොරකම 0 උනත් රට දුවන්න සල්ලි නැහැ. සංවර්ධන වැඩ මුකුත් කරන්න සල්ලි නැහැ හොරකම් 0 උනත් නාස්තිකාර වියදන් 0 උනත්. කිව්වා වගේ පඩි ගෙවාගන්නත් මදි. ඉතින් කරන්න වෙන්නේ එක්කෝ ආදායම වැඩි කරගන්න. මේ කියන්නේ ඉතින් ආයේ චීනෙට ඉඩම් ටිකක් විකුනලා බයියන්ට සැපක් දෙන එක තමයි. මේක කරන්න පුළුවන් වෙයිද දැනටත් සේරම ඉඩම් ටිකයි දේපල ටිකයි විකුණලා තියෙන එකේ? අනික් පැත්තෙන් ඇවිදින බයිතීරු ගහන්නත් වෙනවා. හොරකම් නාස්තිය නොකර රට හදන්න බැරි එකේ කරන්න වෙන්නේ රජයේ සේවකයෝ තව ටිකක් අරගන්න එක. බයියන්ගේ ප්රතිපත්ති වලට මේක සැහෙන පරස්පරයි නේද?
ඉතින් මේ දෙක කරේ නැත්තන් කොහොමත් නන්දසේන වගේ රනිලුත් ෆේල් වෙනවා. කරොත් උන්ට චන්දේ දුන්න මිනිස්සු ගොඩක් උන් තරහ වෙනවා. ගෙදර ගියොත් ශිරන්ති මග හිටියොත් මයිත්රී වගේ සීන් එකක්. මේකට බයියන්ගේ විසඳුම පැහැදිලි මදි.
සංවාසයට විවුර්තයි.
Last edited:
