ඔය වැඩේම අනික් පැත්ත උනා 1962 දි සෝවියට් දේශය කියුබාවෙ මිසයිල ස්තානගත් කරන්න ගිහිල්ලා යන්තම් නියුක්ලියර් යුද්දෙකින් බේරුනෙ. ඒවෙලේ ඇමරිකාවට කිට්ටුවෙන් තිබුන සෝවියට් දේශයේ සබ්මැරීන් එකකින් යුද්දයක් පටන්ගත්තා කියලා රැවටිලා ( ඇමරිකාවෙන් මුහුදට දාපු ටෝපිඩෝ වලට සහ සෝවියට් නිලදාරීන් සමග සම්බන්ද වීමට තිබුන නොහැකියාව මත ) ඇමරිකාවට නියුක්ලියර් ස්ට්රයික් එකක් කරන්න සූදානම් උනා. මට මතක හැටියට ඒකට සබ්මැරීන් එකේ ඉහල නිලදාරීන් තුන් දෙනෙකුගේ අනුමැතිය ඕනෙ... කොහොම හරි එක්කෙනෙක් විරුද්ද උනා ඒක නිසා ඇමරිකාවට පරමානු බෝම්බය දාන්න එදා බැරි උනා