දෙවන කොටස (නියැන්ඩර්ටාල්වරු)
( පලමු කොටස මෙතනින් )
නියැන්ඩර්ටාල් මානවයන් ජීවත් වු යුගය දීර්ඝ ශිත දේශගුණික තත්වයකින් යුත් කාල සමයක් බව වඩාත් ප්‍රචලිත මතයයි. නමුත්එය එසේ නොවන බවට යුරෝපය පුරා සාධක පෙන්නුම් කරනවා. ප්ලයස්ටොසීන යුගය තුල (අදින් වසර මිලියන 2.8 ත් වසර11700 ටත් පෙර කාල පරාසය) අප හඳුන්වන්නේ ග්ලැසියර අවධියක් ලෙස. ධ්‍රැවාසන්න හිම වැස්ම පුළුල් වී සමස්ථ පෘථෘවියමසාපේක්ෂව ශීත දේශගුණික තත්වයකට පත්වීම ග්ලැසියර අවධියකදි දැකගන්න පුළුවන් ස්වාභාවය. නමුත් මේ පොදුවේ පවතිනශීත දේශගුණික තත්වය තුල විචලනය වන දේශගුණික තත්වයන් දකින්න පුළුවන්. උදාහරණයක් ලෙස උතුරු අර්ධගෝලයේදේශගුණික තත්වය අවසන් වසර 90,000 කාල පරාසය සලකා බැලුවොත් ක්ශණික උණුසුම් කාල සහ අධික ශිත කාල සමයන්අතර දෝලනය වෙන ස්වාභාවයක් පවතිනවා. මිලැන්කොවිච් දේශගුණික චක්‍ර, ඩෑන්ස්ගාර්ඩ් - ඔයිෂ්ගාර් දෝලන චක්‍ර ආදීදේශගුණික බලපෑම් ගනනාවක් මේ වෙනස්වෙන දේශගුණික තත්වයන්ට බලපෑම් ඇතිකරනවා. මේ එක් එක් චක්‍ර පිළිබඳවතාක්ෂණික කරුණු විස්තර කිරීම මේ ලිපි මාලාවට ඇතුලත් කිරීමෙන් වලකිනවා ඒවා අනවශ්‍ය ලෙස දීර්ඝ වෙන නිසා. නමුත්ඉස්මතු කිරීමට බලාපොරොත්තු වු කාරණය තමයි නියැන්ඩර්ටාල්වරුන් යුරේශියානු කලාප තුල විහිදී සිටි සමස්ථ කාලය සහභූගෝලීය වපසරිය සලකා බැලුවම එය එක් දීර්ඝ ශීත කාල පරාසයකට සීමා නොවුන බව. එනම් ඇතැම් කාල සමයන් තුලසාපේක්ෂව උණුසුම් කාල සමයන් සහ ඇතැම් සමයන් තුල අධික ශිත කාල සමයන් අතර අඛණ්ඩව දෝලනය වෙමින් පැවති කාලපරාසයක් බව. ඒවා වසර 2000, 5000 අතර විවේකයන් සමඟ සිදුවු දේශගුණික විපර්යාස බව.
අධික ශිත සමයන් තුලදි උතුරු හිම වැස්ම තමන්ගෙ වපසරිය පුළුල් කරමින් ග්ලැසියර වැස්ම දකුණු යුරෝපයේ ස්පාඥ්ඥය සහමධ්යධරණීය කලාප දක්වාම පුළුල් කරනවා. ඒ කාල සමයන් තුලදි ස්කැන්ඩික් කලාපය, බ්‍රිතාන්‍ය ආදී ප්‍රදේශ කිලෝමීටර ගනනක්ඝණ හිම තට්ටුවකින් වැසී යෑම සිදුවෙනවා. බ්‍රිතාන්‍ය වර්තමානයේදි දූපතක් නමුත් මේ කියන කාල වපසරිය තුල යුරෝපා ප්රධානමහද්වීපය සහ බ්‍රිතාන්‍ය එක් ගොඩබිමක් ලෙස දිසවන්නෙ ඝණ හිම වැස්ම හේතුවෙන්. නැවතත් උණුසුම් කාල පරාසයක්පැමිණෙද්දි මේ ග්ලැසියර ප්‍රසාරණය නැවත උතුරු යුරෝපාකරයට පසුබසිනවා. මධ්‍යධරණීය කලාප කලාප සහ ආසන්න භූමීප්රදේශ නැවත උණුසුම් කාල සමයන් තුලට ගමන් කීරීම සිදුවෙනවා.
දේශගුණික වෙනස්වීම් සමඟ මේ එක් එක් කලාප තුල ජීවත්වු සත්ව සහ ශාඛ සන්තතීන්ගෙ වෙනස්වීම් නිරීක්ෂණය කරන්නපුළුවන්. අධික ශිත කාල සමයන් තුලදි අධික ශිතලට ඔරොත්තුදෙන පිනි මුවන්,මස්ක් ඔක්ස් සත්වයන්, බයිසන් ගවයන්, මැමත්සතුන් උතුරු යුරෝපයේ සිට දක්ශින යුරෝපය දක්වා අඛණ්ඩ පැතිරීමක් පෙන්නුම් කරනවා. නැවත උණුසුම් කාල සමයන් ලබද්දිමේ සතුන් හමුවන්නෙ උතුරු යුරෝපා ප්‍රදේශ තුල පමණයි. ශිත කාල සමයන් තුලදි පයින්, බර්ච් කේතුධර වනාන්තර , ටයිගාතත්වයන් දක්ශින යුරෝපය දක්වාම විහිදීම දකින්න පුළුවන් නමුත් නැවතත් උණුසුම් තත්වයන් වලදි ටයිගා වනාන්තර උතුරුයුරෝපය දක්වා නැවත පසුබසිනවා. උණුසම් කාල සමයන් තුලදි තෘණ භූමි ඉහල අක්ෂාංශ දක්වා විහිදීම සිදුවෙනවා නමුත්නැවත ශිත දේශගුණික තත්වයන් තුලදි යුරේශියානු කලාප වල දක්ෂින කෙලවර දක්වා මේ තෘණ භූමි පසුබැසීම සිදුවෙනවා.
මේ ලිපි මාලාවේ පළමු කොටස්වල කතා නායක නියැන්ඩර්ටාලයන් තමන්ගෙ ජීවිතය ගතකරන්නෙ ශීත දේශගුණිකතත්වයන් තුල. නමුත් ඔවුන්ගෙ පරම්පරාවන් කිහිපයකට පසු එළඹෙන නියැන්ඩර්ටාලයන් ගතකරන්නෙ ඊට හාත්පසින්ම වෙනස්උණුසුම් කාල සමයක්. තවත් නියැන්ඩර්ටාල් පරම්පරා ඔස්සේ ඉදිරියට යද්දි මේ විචලන නැවත නැවතත් දකින්න පුළුවන්. එක් එක්කාල සමයන් තුලදි ඒ ඒ පාරිසරික තත්වයන්ට ගැලපෙන පරිදි හැසිරීම් රටා පෙන්නුම්කරන නියැන්ඩර්ටාල් සමාජවල අවශේෂ, සාධක යුරෝපය තුලින් අපට හමුවෙනවා. ඒවා නිරීක්ෂණය කිරීමේදි පාරිසක බලපෑම්වලට සියුම් ලෙස සිදුකල චර්යා වෙනස්කම්දැකගන්න පුළුවන්.
පයින්, බර්ච් වනාන්තර තුල ශීතාධික දේශගුණික තත්වක දඩයම්කල නියැන්ඩර්ටාලයන් ජීවත්වු සමය අවසන් වී වසර ගනනාවක්ගතව අවසන්. සාපේක්ෂව උණුසුම් යුරේශියාව තුල තෘණබිම් පැතිරෙන කාල සමයක ඔවුන්ගෙ මී මුණුපුරන් දඩයමේ. මේගතවන්නේ අදින් වසර 40,000 පෙර අවධිය. වසර ලක්ෂ දෙකකට ආසන්න කාලයක් නියැන්ඩර්ටාලයන් යුරේශියාව තුල තමසුපුරුදු දඩබිම්වල අණසක පැතිරුවද ඔවුන් යුරේශියාව තුල ඉතාමත් තුනී ලෙස විහිදී ඇති ජනගහනයක්. ඈතින් ඈතින් පිහටන ඔවුන්ගෙ වාසස්ථාන නිසා එක් නියැන්ඩර්ටාලයෙක් තමන්ගෙ සමස්ථ ජීවිත කාලය පුරාවටම තමන්ගෙ රැහේ නොවන තවත්නියැන්ඩර්ටාලයන් දකින්නට ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩු සංඛ්‍යාවක්. සෘතු වෙනස්වීම්,දේශගුණික විපර්යාස, වෙනස්වන දඩබිම් හමුවේ නොනැසී ජීවන අරගලය ඉදිරියට ගෙන යෑමට නියැන්ඩර්ටාල් පරම්පරාවන් පදම්වී අවසන්. කර්කශ පරිසර තුල මේ අපුරු මිනිසුන් ගැහැණුන් එදිනෙදා වේල සොයා ගැනීමට පිඹුරුපත් සකසන්නට ඇති. ලෙන් ගුහා අබියස සිට පෙර දින තමුන්නිරීක්ෂණය කල දඩමං පිලිබඳව අදහස් හුවමාරු කරගන්නට ඇති. අත්ලේ රේඛා මෙන් තමුන්ට හුරුපුරුදු වන පියස තුල නාදරටා, ශබ්දයන් විඳින්නට ඇති. නමුත් වසර 40000 පෙර ඔවුන්ට නව අභියෝගයක ඉදිරපත් වෙනවා. ඒ ගැන ඉදිරියේදි සාකඡ්ඡාකරමු.
නියැන්ඩර්ටාල්වරුන් යුරේශියානු භූමි තුල පැතිරී මේවන විට වසර ලක්ෂ කිහිපයක්. මේ අපූරු මානව වර්ගයේ පරිණාමය ප්රකටවන්නෙ අප්‍රිකානු මහද්වීපයෙන් පිටතදි. අප්‍රිකානු පූර්වජ ශාඛාවක් මහද්වීපයෙන් පිටතදි ක්රමික පරිවර්තන අත්කරගනිමින්නියැන්ඩර්ටාල් ස්වරූපය අතකරගන්නවා. නියැන්ඩර්ටාල් පූර්වජ ලක්ෂණ දරන මානව ආකාරය වෙන්නෙ හෝමෝහයිඩ්ල්බ්ර්ගෙන්සිස් මානව ආකාරය. නමුත් රේඛීය පරිණාමික මොඩලයෙන් ඔබ්බට ගොස් ශාඛනය වු මානව විශේෂ කිහිපයක්මේ නියැන්ඩර්ටාල් පූර්වජ ලක්ෂන දරමින් නියැන්ඩර්ටාල්වරුනට පෙර සමයන් තුල දැකගත හැකිවෙනවා. නියැන්ඩර්ටාල් පූර්වජආකාර ගැන කතාව දීර්ඝ සහ සංකීර්ණ තාක්ෂණික කාරණා වලින් යුක්ත බැවින් ඒවා ගැන සාකඡ්ඡා කිරීම වෙනම අවස්ථාවකටඉඩ තියලා මෙතනදි ඉස්මතු කිරීමට බලාපොරොත්තු වෙන්නෙ නියැන්ඩර්ටාල්වරුන් යනු අප්‍රිකාව තුල හටගත් මානව ප්රභේදයක්නොවන බව. පූර්වජ සම්භවය අප්‍රිකාව තුල පැවතියත් 'නියැන්ඩර්ටාල්' නැමැති විශේෂය ප්‍රකට වීම සිදුවන්නේ අප්‍රිකාවෙන් පිටතදි.
උතුරු අප්‍රිකාව තුල වේදිකාව විවෘත වෙනවා තවත් මානව ආකාරයකට. හෝමෝ සේපියන්ස් නමින් හඳුන්වන මේ මානවආකාරයේ මුල් වාර්තා සටහන් වන්නෙ අදින් වසර ලක්ෂ තුනක පමණ කාලයකට ප්‍රථම. මේ කතා කරන හෝමෝ සේපියානුවන්වනාහි ඔබ මම අද දන්නා කියන හෝමෝ සේපියානුවන් නොවෙයි. ඔවුන් අපි දන්නා හොමෝ සේපියානුවන්ගෙ හැඩරුවටසමානකම් දැරුවත් සංජානන හැකියාවන් මෙන්ම ව්යුහීයවත් යම් යම් වෙනස්කම් දැරූ මානවයන් කොට්ඨාසයක්. භෞතික මානවවිද්යාඥයන්ට අනුව මේ මිනිස් කොට්ඨාසයට අප වර්තමානයේදි දන්නා භාෂා හැකියාවක් නැහැ. ඔවුන් ඔවුන්ට පෙර සිටි පූර්වජමානව ආකාර වලින් හැසිරීම් සහ තාක්ෂණික භාවිතාව අතින් සැලකියයුතු ආකාරයේ සාපේක්ෂව විශාල වෙනස්කම් දැරීමක්සිදුවන්නෙ නැහැ. සරලවම ඔවුන් අප්‍රිකානු මව් මහද්වීපය තුල ඇතිවු තවත් එක් මානව ආකාරයක් පමණයි. මොවුන්ව භෞතිකමානව විද්‍යාව තුල හඳුන්වනවා Archaic Homo sapiens ලෙස. සිංහලෙන් කිව්වොත් ආදී හෝමෝ සේපියානුවන්.
වසර ලක්ෂ දෙකකට අදික කාලයක් මේ ආදී හෝමෝ සේපියානුවන් සාපේක්ෂව විශාල වෙනස්කම් නොපෙන්වමින් අප්‍රිකාවත්, අප්‍රිකාවෙන් පිටටත් සංක්‍රමණය වීම සිදුවෙනවා. අප්‍රිකාවෙන් පිටතට සංක්‍රමණය වු බොහෝ රැළි ලෙවාන්ට් චන්ද්‍රවංකයෙන් එපිටටගමන් කිරීමට පෙර නශ්ඨවීම සිදුවෙනවා. මේ බොහො මුල් හෝමෝ සේපියානු රැළි නැවත පසුබසිනවා. අප්‍රිකාවත් යුරේශියාවත්අතර පවතින මැදපෙරදිග කොරිඩෝවන් විවිධ දේශගුණික විචල්‍යතාවන් හේතුවෙන් ඇතැම් කාලවල දක්වන මනුෂ්‍ය වාසයටනුසුදුසු තත්වයනුත්, වෙනත් විවිධ හේතුන් නිසාත් ආදී හෝමෝ සේපියානුවන් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවෙනවා. ඇතැම්සංක්රමණ අප්‍රිකාවෙන් පිටතට ගමන් කිරීම සාර්ථක වෙනවා. මේ ආදී හෝමෝ සේපියානුවන් සහ නියැන්ඩර්ටාල්වරුන් සංසන්දනයකලොත් තාක්ෂණික සහ සංජානන හැකියාවන් අතින් වැඩි වෙනසක් නොපෙන්වන විශේෂ ද්විත්වයක්. තරාදිය බොහෝ දුරටසමබරයි. ශක්තිමත් බව සහ අප්‍රිකාවෙන් පිටත වැඩි කාලයක් නොනැසි ජීවත්වු නියැන්ඩර්ටාලයන් ඇතැම් විට ඉදිරියෙන් සිටියායැයි කියන්නට වුනත් පුළුවන්.
අදින් වසර 70000 පෙර අප්‍රිකානු මහද්වීපය තුල විශාල පරිවර්තනයක් ඇරඹීම සිදුවෙනවා. හොමෝ සේපියානු ව්‍යූහය සහසංජානන හැකියාවන් දැවැන්ත පිම්මක් අරඹා තිබීම එයට හේතුවයි. වසර 70000 එපිට ප්රාග්ඓතිහාසික සංදර්භ තුලින් දැකගතනොහැකි තාක්ෂණික දියුණුවක් සහ සංස්කෘතික දියුණුවක් වසර 70000 මෙපිටින් වු හෝමෝ සේපියානු සංදර්භයන් ප්‍රචලිතකිරීම ඇරඹෙනවා. චිත්‍ර සටහන්, ප්‍රක්ශිප්ත අවි පිළිබඳව සාධක ගෙනහැර දක්වන්නෙ ආදී හෝමෝ සේපියානුවන්ට වඩා රැඩිකල්වෙනසක් අත්කරගත් නූතන හොමෝ සේපියානුවෙක්. ආදී හොමෝ සේපියානුවකු සහ නූතන හෝමෝ සේපියානුවකු සලකාබැලුවොත් මොවුන් දෙදෙනා අතර එකම සමාන කම ව්‍යූහීය සමානකම පමණයි. ඉන් ඔබ්බට මොවුන් සහමුලින්ම වෙනස් ජීවීන්. (එහෙම වුනේ ඇයි ?, ඒවාට හේතු මොනවාද ?, වෙනස්කම් මොනවාද ? වගේ ගැටලු මේ ලිපි මාලාවේ සාකඡ්ඡා කරන්නෙ නෑ. මේක නියැන්ඩර්ටාල්වරුන් ගැන නිසා)
වසර 70000 පසුව එළඹෙන නූතන හෝමෝ සේපියානුවන් සතුවු තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් තමයි ඒවන විට ඔවුන් සතුවු භාෂා හැකියාව. වසර 40000 පමණ පෙර යුරේශියානු හිම බිම් තුලට අතුලුවන මේ නූතන හොමෝ සේපියානුවන් තමයි වසරදෙලක්ෂයකට අධික කාලයක් යුරේශියාව තුල සිය පැවැත්ම තහවුරු කරගත් නියැන්ඩර්ටාල්වරුනට එල්ලවන අභියෝගය.
ඉදිරියේදි මේ හමුවීම ගැන සාකඡ්ඡා කරමු.
Diary Of Evolution

Last edited: