Mitsubishi - End of an Era

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    ජපාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන මිට්සුබිෂි සමාගම මෙරට මෙහෙයුම් ලබන මස අවසන් කිරීමට තීරණය කර ඇත.

    ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සහ

    සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය,


    ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය ඇතුළු ජපාන නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරිමත්,

    අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්මත්


    මිට්සුබිෂි සමාගම වසර හැටකට පසු ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට ගත් තීරණයට හේතු වූ කාරණා අතර තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.



    ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශික සබඳතා වල ප්‍රධාන හවුල්කරුවකු වූ මිට්සුබිෂි සමාගම වසර හැටකට ආසන්න කාලයක් මෙරට ඇතැම් යටිතල පහසුකම් ව්‍යාපෘති වල ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කර තිබේ.

    මිට්සුබිෂි සමාගමේ කොළඹ කාර්යාලය මාර්තු 31 වසා දැමීමට තීරණය කිරීම පුද්ගලික අංශයට දැඩි කම්පනයක් ගෙන දෙන ආරංචියක් වූ අතර දේශීය හා විදේශීය සමාගම් මිට්සුබිෂි සමාගමේ මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව ලොකු පසුබෑමකට ලක් වනු ඇතැයි පවසා තිබේ.

    ජපානය ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා වන අතර පසුගිය වසරේ සැප්තැම්බර් මස වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.46 ක මුදලක් ශ්‍රී ලංකාව ජපානයට ගෙවීමට තිබුණි.


    https://www.lankadeepa.lk/news/මිට්සුබිෂි-සමාගම-මෙරට-මෙහෙයුම්-අවසන්-කරයි/101-628393

    රනිල් කුලියාපිටියේ වොක්ස්වැගන් එකක් දාපු නිසා හොදට ගියා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    හොදයි. ජපන් කොරිඩෝවක් හදල තව ටිකෙන් රට අපිට නැති වෙනව. ගෝටා සර් නොහිටින්න අද ඉන්න රටක් නෑ අපිට

    මුන් අඩුම තරමෙ කුරගල ශින්හයා හදන්න ගඩොලක්වත් දීල නැතුව ඇති

    #ඩොලර් කාක්කො

    #LTTE බලල් අත්

    #කොටි නඩ

    #විජාතික බලවේග
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,480
    124,411
    113
    දෙහිවල
    හ්ම්.. වසර ගනනක මතකය..

    කොත්මලේ අදියර 4
    යාපනය විශ්වවිද්‍යාල Agricultural පීටය
    සබරගමු විශ්වවිද්‍යාල Lab එක..
    LRT ( bid කරා )

    මම MC එක්ක කරපු වියාප්‍රති ☹️
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,909
    1
    28,085
    113
    මේ news එකට අදාල ප්‍රශ්නයක් නම් නෙවෙය් අහන්නේ. Mitsubishi වාහන වලට දාන CVT transmission එක අර JATCO දහජරාවද? මොකද මම අහලා තියෙන විදියට JATCO එකේ ownership එක Nissan, Mitsubishi and Suzuki
     

    Similar threads