බලු පැටවුන් මෝටර් රියට යටකළ කෝටිපති කාන්තාව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සාක්ෂි සහිත වීඩියෝවක් මගින් හෙළිදරව් කර තිබුනේ සුනඛ පැටවුන් දෙදෙනකු හිතාමතා යටකර ඝාතනය කරමින් පදවා යන මෝටර් රථයක් ගැනයි.

    මෙම රථය පදවා තිබුනේ කෝටිපති වයාපාරික කාන්තාවක බව පසුව හෙළි විය.
    සිද්ධියකට අදාළ සැකකාරිය පෙරේදා (20දා) අත්අඩංගුවට ගන්නට මතුරට පොලිසිය කටයුතු කළ අතර ඇයව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


    සමාජ මාධ්‍ය වීඩියෝව ඔස්සේ කළ පොලිස් විමර්ශනයේදී පසුගිය 17දා සවස් කාලයේ පදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ කඳුරකඩේ ප්‍රදේශයේදී මෝටර් රථයක ඉදිරිපස හා පිටුපස රෝදවලට මාස 2ක් පමණ වයසැති සුනඛ පැටවුන් දෙදෙනකු යටවන ආකාරය අසල නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇත.
    මියගිය සුනඛ පැටවුන් දෙදෙනා පුද්ගලයකු විසින් මාර්ගයට ගෙනැවිත් දමා ඇති බවත්, දින කීපයක් ඒ අවට සිටි බවටත් ඒ අසල සිටි වැඩිහිටි සුනඛයා අසල්වැසි නිවසක පිරිමි සුනඛයකු බවත් එම සුනඛයා සුනඛ පැටවුන්ට ලෙන්ගතුව සිට ඇති බවටත් අනාවරණය වී තිබේ.
    මෙම සුනඛ පැටවුන් යටකළ මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශනයේදී එම මෝටර් රථයේ හිමිකරු මතුරට ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, සුනඛයන් යටකරන අවස්ථාවේ එහි රියැදුරු ලෙස මෝටර් රථයේ හිමිකරුගේ වැඩිමල් සහෝදරයාගේ බිරිඳ සිට ඇති බවත් හෙළිවූ බව පොලිසිය පවසයි.



    මෝටර් රථය පැදවූ කාන්තාව පදියපැලැල්ල ප්‍රදේශයට ගොස් නැවත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ සිය නිවසට යන අතරතුර මෙම අනතුර සිදු කර ඇත. මතුරට පොලිසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මෝටර් රථයේ හිමිකරුට දැනුම්දීමෙන් පසු මෝටර් රථය පැදවූ 27 හැවිරිදි මතුරට, ඇහැලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව, සැමියා සමග මතුරට පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර සත්ත්ව හිංසන පනතේ වගන්තියට අනුව ඇය අත්අඩංගුවට ගෙන ඇත.
    කාන්තාවගේ සැමියා කෝටිපති ව්‍යාපාරිකයෙකු බව පැවසේ.
    සැකකාරිය වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දසදහසක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ. ඇය අධිකරණයේදී වරද පිළිගත් අතර තමා කළ වරද පිළිබඳව පසුතැවිලි වන බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය., එම නඩුව ජුනි මස 01 වනදා යළි කැඳවීමට තීරණය කර ඇප මත නිදහස් කර ඇත.
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    ඇයි බන් මිනිස්සු මීට කලින් වාහනේකට බල්ලෙක් යටවෙනවා දැකලා නෑ වගේ හැසිරෙන්නෙ
    (බැනුන් අහන replay :D)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඇයි බන් මිනිස්සු මීට කලින් වාහනේකට බල්ලෙක් යටවෙනවා දැකලා නෑ වගේ හැසිරෙන්නෙ
    (බැනුන් අහන replay :D)
    යටවෙන ඒක වෙනයි යටකරන එකයි වෙනස් පොන්ස්..
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    1677063849182.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    policiyen kiyanna athi meki modi wage piliganna athi. :lol:
    පිලිඅරන් තියෙන්නෙ යට කරා/යට කර පලා ගියා වෙගේ එකක් නේද? හිත මතා යට කර පලා ගියා කියන්නෙ වෙනම එකක්නෙ.