ශවේන්ද්‍ර Fail....

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP



    මැයි 9 වැනිදා 10 වැනිදා රට පුරා සිදුවූ නිවාස හා දේපළ ගිනි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර නොගැනීම සහ අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය අවට ආරක්ෂක තත්ත්වය පාලනය නොකිරීම, ඊට පෙර මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස අසල ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය නොකර ගැනීම, මඟින් එවකට වැඩබලන ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස හා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉතා බරපතළ ලෙස ඔහු වෙත පැවරී තිබූ රාජකාරි වගකීම් පැහැර හැර ඇතැයි හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව නිකුත් කළ වාර්තාව පෙන්වා දී තිබේ.

    වාර්තාව ඉදිරිපත් කරන ලද පරීක්ෂණ මණ්ඩලයේ සභාපති ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝර්ස් රොෂාන් ගුණතිලක සහ විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක යන මහත්වරු මෙම කමිටුවේ සාමාජිකයෝ ලෙස ක්‍රියා කළහ.

    Dinamina
     
    • Like
    Reactions: KadawathaKolla

    Sen-lu

    Well-known member
  • කරන්නාගොඩද ඒ කමිටුවේ ඉඳල තියෙන්නෙ. එහෙනම් මරු වාර්තාවක් දීල ඇති 😂😂. ඩේසි ආච්චි කමිටුවට දෑම්මත් ඔයතරම් පක්ෂග්‍රාහී වාර්තාවක් එන්නෙ නැතිවෙයි.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    ගිය සැප්තැම්බර් දීපු වාර්තාවක් දැන් එළියට දාන්නේ මොකද දන්නේ නැහැ
     
    • Like
    Reactions: KadawathaKolla