මම නම් හිතන්නෙ අපිට වෙලා තියෙන තව ලොකුම ප්‍රශ්නයක් තමයි ඔය නලින් මහත්තය කාලයක් කිව්ව වගෙ methods confusion එක. පෙරදිග විද්‍යාවෙ මිනිස්සු නිගමන වලට එන්නෙ ප්‍රත්‍යක්ෂ ඥානයෙන්, බටහිර විද්‍යාවේ ඕකට පරීක්ෂණ සහ නිරීක්ෂණ ඕනි. කෙනෙක් දෙයක් පෙරදිග විද්‍යාවෙ ක්‍රමවේදය අනුව ප්‍රත්‍යක්ෂවුණා කිව්වහම එක බටහිර විද්‍යාව පැත්තෙන් පරීක්ෂණ සහ නිරීක්ෂණ අහන එක pointless. මේ methods දෙකේ වෙනසත් අපි අඳුරගන්න ඕනි, එකක නිගමනය පෞද්ගලිකයි, අනික පිරිසකට පෙන්නන්න පුළුවන්. මෙහෙමයි කියල ප්‍රත්‍යක්ෂ ඥානයෙන් කරගත්ත නිගමනයක් undermine කරන එක වැරදියි.ඒගොල්ල එහෙම කරන්නේ ඇයිද කියල ඔයාට අදහසක් තියෙනවද?
මට හිතෙන්නේ එක්කෝ ඒගොල්ල තමන් විශ්වාස කරන ආධ්‍යාත්මික මාර්ගය, පරම සත්‍යය කියල හිතන නිසා, එහෙම නැත්තන් තමන්ගේ මතය, තමාගේ අනන්යතාව එක්ක බද්ධ කරගෙන තියෙන නිසා.
අන්න ඒ නිසා, තමන් හිතන දේ පරම සත්‍ය කියල හිතන හිතන කෙනෙක් ඒ පරම සත්‍යය තමුන්ගේම අනන්‍යතාවයට බද්ධ කරගන්න එක වැරැද්දක් කියල මම නම් හිතන්නෙ නැහැ... කෙනෙක් තමුන් දරන දේ තුලින් සියල්ලට පිළිතුරු හොයන්න යන එක පිට කෙනෙක්ට ප්‍රශනයක් නම්, එතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ පිට කෙනාටනෙ.
හැබැයි ඉතිං තමුන් දරන ඒ පරම සත්‍ය, තමුන් තුලින්ම දකින්න බැරිනම් ඒක තමයි මේ ප්‍රශ්න ගොඩකට මුල. ඒ වෙලා තියෙන්නෙ තමුන් තමුන්ටම දැනුවත්ව හෝ නදනුවත්ව බොරු කරගන්න එකනෙ...ඒක තමුන්ගෙම ප්‍රශනයක්.
my 2cts
Last edited: