මෙහෙම එක්වරම අතැරලා දාන එක සැහෙන්න ගැටලුවක් වෙනවා. තාම හැදිගෙන එන කාලේ. රේට් අඩුවෙන් තියාගෙන රෙස්ට්‍රික්ෂනුත් එකවරම ලිෆ්ට් කරාම නැවතත් ටික දවසකින් සංචිත හොයන්න වෙන තැනට එනවා.
පියවරෙන් පියවර කරන්න තිබ්බ වැඩක්.
මේ කාඩ් පේමන්ට් නේ. කාඩ් වලින් පේ කරලා බඩු ගේන්නෙ ඔය පොඩි පොඩි බඩු ගේන එවුන් නේ බන්. උන්ට රිස්ට්‍රික්ශන් එක අයින් කරා කියලා ලොකු බලපෑමක් වෙන්න නැහැ
ලොකුවට සල්ලි වියදම් වෙන්නෙ LC වලින් මහා පරිමානෙන් බඩු ගේන ඒවටනේ ඒව තාම කලින් වගේම තමයි
මෙහෙම කරාම වක්‍රාකාරව තව පැනික් සෙල් කරන එවුන් ඉන්නවා, දැන් සමහරු $ තියන් ඉන්නවා පොඩි ඉම්පෝට් පාරක් දාගෙන ඉන්න එකෙක්ට විකුනන්න. මේකෙම ත්‍රෙඩ් දාන්නෙ $4000-$5000 විකුනන්න කියලා
එවුන්ට තියන ඩිමාන්ඩ් එක නැති වෙනවා කියන්නෙ එවුන්ටත් වෙන ඔප්ශන් එකක් නැති වෙනවා බැංකුවකටම ගෙන්න ගන්න එක ඇරෙන්න
ඩොලර් රටට ගෙන එවුන්ට Unlimited දෙන්න තිබ්බ
මේ රටේ රුපියලක් හරි හම්බ කරනවා නං වක්‍රාකාරව රටට එන $ වලට එයාගෙත් දායකත්වයක් තියනවා
මම මේකම කලිනුත් දාල ඇති, බස් කන්ඩක්ටර් කෙනෙක් රුපියල් වලින් පඩි ගත්තට ඒ බස් එකේ $ වලින් හම්බකරන අය කී දෙනෙක් යනවද ඒ හම්බකරන $ වලට බස් කන්ඩක්ටර්ගෙ දායකත්වයක් නැහැ කියන්නෙ කොහොමද