ලොකු සීන් ම කියන්නත් බෑ, තැපෑල වගේ නෙවෙයිනෙ. එක්කෙනෙක් ළඟ විනාඩි 5ක් වැඩිපුර ඉන්න වෙනකොට deliver කරන්න තියෙන අනිත් තැන්වලට යන්න පරක්කු වෙනවා. ගොඩක් ගෙවල් තියෙන තැන් හොයාගන්න ලේසි නෑ එතකොට වැඩිපුර රස්තියාදු වෙන්න වෙනවා. එහෙම deliver කරන්න පරක්කු වුණාමත් මිනිස්සු ඉන්නෙ complain දාන්න බලාගෙනනෙ. සමහර වෙලාවට ඕක part time job එකක් වෙන්න ඇති.
පෙට්‍රල් නැති දවස්වල කොල්ලො දෙන්නෙක් බයිසිකලේක ලොකු බෑග් තුන හතරක බඩු පුරවගෙන තව එකක් අතින් අල්ලගෙන අනිත් අතින් බෝතලේකට පෙට්‍රල් දාගෙන deliver කරන්න ආවේ.
උදේ 7න් පස්සේ අපි දීලා තියෙන number එකට call කරලා එන්න ඕනි තැන අහනවා. call එක answer නොකලොත් missed calls 4,5ක් වත් තියෙනවා. message එකකුත් එවනවා call back කරන්න කියලා. ආයේ එන්න කලිනුත් call කරනවා එන වෙලාව කියන්න , ගෙවල් ලඟට ඇවිල්ලත් call කරනවා.
දැනට නම් කාගෙන්වත් වැරැද්දක් වෙලා නෑ