මගේ අදහසකුත් දෙන්නම්කො ....
වැරදි මත -
1. commerce කරපු යට වඩා maths කරපු උන්ට CIMA ලේසියි
මේක පට්ටපල් බොරුවක් . එහෙම කියන්නේ foundation, operational වගේ ලෙවල් 2ක් විතර කරපු එකෙක් විතරයි . ඉවර කරපු එකෙක් ඔහොම කියන්නේ නෑ කවදාවත් .
ඇත්ත කතාව මේකයි එහෙම කාටවත් විශේෂ ලෙසියක් වත් අමාරුවක්වත් නෑ ඔකේ . හේතුව maths කරපු උන්ට සමහර subject ලේසියි ( eg: foundation maths, PO, PM) . commerce කරපු උන්ට අනිත් ඒවා ලේසියි ..(eg: foundation wala FAF, BEC, FO, EO,FM,EM )
මුලදී ඔහොමයි එත් උඩට යනකොටනම් ගොඩක්ම ඕනි වෙන්නේ knowledge නෙවෙයි Common sense , thinking ability, logical thinking , creativity වගේ දේවල්
2. XXXX institute එක තමයි හොඳම .
එහෙම එකක් නෑ institute එක නෙවෙයි lecturer තමයි වැදගත් . එක එක subject එක එක institute වල කරාට කිසිම වරදක් නෑ . ගානනම් ටිකක් වැඩියෙන් යයි .
එත් පොදුවේ ගත්තොත්
Achievers - students ලට දෙන පහසුකම් , සලකන විදිහ, කතා කරන විදිහ, materials(tutes etc) අනිත් ඒවාට වඩා චාටර් . A/L whole class එකක් වගේ . හැබැයි උගන්නන කෙනා අනුව subject එක හොඳ හෝ නරක වෙන්න පුළුවන් .
මෙයාලගේ හොඳකුත් තියෙනවා . discount එහෙම ඕනිනම් මෙන්න තැන . ඇතිවෙන්න discount තියෙනවා ඉතින්
IMPERIAL (ICBS)
lecture hall quality, service , friendliness , quality of materials එහෙම සෑහෙන්න හොඳයි .
discount එහෙම නම් අඩුයි ඉතින්.
ඉගැන්නිල්ල උගන්නන කෙනා අනුව වෙනස් වෙනවා
මමනම් ගියේ මේ 2ට විතරයි . Wisdom එකත් achievers වගේ කියල සමහරු කියනව . හරියටම දන්නේ නෑ .
දැනගන්න තව මොනවහරි තියෙනවනම් PM එකක් දාන්න