අඩුවයසින් මැරෙන්නේ ඇයි?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මගේ සිශ්‍යත්ව ගුරුවරයෙකුගේ දුවෙක් මැරිලා, අවුරුදු 45 විතර ඇති, වෘත්තියෙන් ඉංජිනේරු වරියක්.
    වැඩැක් නෑ අඩු වයසින් මැරෙනවා. රස්සාව අදල නෑ
    https://m.facebook.com/story.php?st...oVdKEuk2oXzy2xgl&id=677047592&mibextid=Nif5oz
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    We donno extract reason for dying, smh it's not fair cz every peep have same rights to live long beside he is good or bad...
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ සිශ්‍යත්ව ගුරුවරයෙකුගේ දුවෙක් මැරිලා, අවුරුදු 45 විතර ඇති, වෘත්තියෙන් ඉංජිනේරු වරියක්.
    වැඩැක් නෑ අඩු වයසින් මැරෙනවා. රස්සාව අදල නෑ
    https://m.facebook.com/story.php?st...oVdKEuk2oXzy2xgl&id=677047592&mibextid=Nif5oz
    මෙයා එන්නත විදල හිටියද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,268
    113

    ධර්මපාල ජාතකය​

    මේ ජාතකය භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුරදී පිය රජු ගේ මාලිගාවේදී වදාළ සේක. සුදොවුන් මහ රජ තුමා සිය මාලිගාවට භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වැඩම කරවා මහ දන් දුන්නේ ය. එහිදී භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර කථා කරනුයේ, “වහන්ස, ඔබ දුෂ්කර – ක්‍රියා කරන සමයෙහි නිරාහාරයෙන් ඔබ මළහ යි දෙවියෙක් මට කී යැ”යි පැවැසී ය. ‘එය ඔබ හැදැහු දැ?යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක. ‘නැතැ’යි රජ කී ය. ‘පෙරත් ඔබ මා මළ බව නො ඇසූහු තැන දැන් කෙසේ අදහවු ද? “ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. පෙර පුවත රජ විචාළේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ ඉකුත් වත් වදාළ සේක.

    දෙලොවින් ම ආරක්ෂාව ලබන හැටි

    a-5.jpg
    පෙර කසී රට එක් ගමෙක ධර්මපාල නම් සිල්වත් ගුණවත් බමුණෙක් විය. අප බෝසත් තුමා ඔහුට පුත් වැ උපන්නේ ය. එ කුමරුට ද ධර්මපාල යන නම ම බැවහර විය. ශිල්ප උගන්නට කල් පැමිණියෙන්, පිය බමුණා සිය පුත් කුමරා තක්සලා නුවර දිසාපාමොක් ඇදුරු වෙතට යැවී ය. එ කුමරු එහි ගොස් ඇදුරු වෙත ම නැවතී උගන්නේ නොබෝ කලෙකින් එහි හැම සිසුනට ප්‍රධාන විය.

    ඒ සමයෙහි ඒ දිසාපාමොක් ඇදුරුහු ගේ වැඩි මාළු පුතා මළේ ය. ‘ඇදුරු තුමා ගේ ඒ ළපැටි පුත් මළේ යැ’යි සෙසු අතැවැස්සන් කියනු අසා ධර්මපාල කුමරු පුදුමයට පත් විය. එසේ පුදුම වැ, “ළපටි අයත් මැරෙත් ද? ඒ කෙසේ වූ දැයෙක් දැ?” යි කී ය.

    “ඇයි ධර්මපාලයෙනි, බාල මහළු වෙනසක් නැති ව කාටත් මරණය විය හැකි බව ඔබ නො දනිත් දැ ?” යි ශිෂ්‍යයෝ ඇසූහ.

    “මැරෙන බව නම් දනිමි. එහෙත් බාල කාලයේදී මැරෙන බවක් නො දනිමි. අප ගෙවල්හි නම් බාල වයසේ වූ කිසි ම කෙනෙක් නො මියෙති”යි ධර්මපාල කුමරු උත්තර දුන්නේ ය.

    ධර්මපාල කුමරුත් අනිත් ශිෂ්‍යයනුත් අතර වූ මේ කථාව දිසාපාමොක් ඇදුරු ට ඒ අනිත් සිසුහු දැන්වූහ. දිසාපාමොක් ඇදුරු එ පවත් අසා, ධර්මපාල කුමරු ගෙන්වා, “සැබෑද? තොප ගේ වර්ගයේ මහළු වී මිස බාල වයසේදී මියන්නෝ නැත් දැ?”යි විචාළේ ය.

    “එසේ ය. ඇදුරාණන් වහන්ස, අප වර්ගයේ අය මහළු වී මිස බාල වයසේ දී නො මැරෙති” යි හේ කී ය.

    මේ කථාව අසා, ‘මෙය සොයා බලන්නට වටී’ යැ යි දිසාපාමොක් ඇදුරු සිතී ය. සිතා, නැසී ගිය එළුවකු ගේ ඇටයක් සෝදා පසුම්බියෙක ලා අතැවැස්සකු අතට දී ඔහු සමඟ ධර්මපාල කුමරුගේ ගමට ගියේ ය. ගොස් ඔහුගේ ගෙට පැමිණියේ ය. ධර්මපාල කුමරුගේ පිය වූ ධර්මපාල බ්‍රාහ්මණයා හා පිළිසඳර කතා කෙරෙමින් හිඳ, “පින්වත, ඔබ ගේ පුත් ධර්මපාල කුමාරයා මනා සිප් සතර උගත්තේ ය. එසේ ඉන්න අතර ලෙඩකින් නොබෝදා මළේයැ”යි කී ය.

    එයසා මහා ධර්මපාල බ්‍රාහ්මණයා අතින් අත ගසා මහත් කොට සිනාසෙන්නට විය.

    “ඔබ සිනාසෙන්නේ ඇයි දැ? “ යි දිසාපාමොක් ඇදුරු ඇසී ය. “අප ගේ දරුවෝ බාල අවස්ථායෙහි නො මියෙනි, මෙය කෙසේ වූ දැයෙක් දැ ?” යි බ්‍රාහ්මණයා කී ය.

    එ විට දිසාපාමොක් ඇදුරු “ ධර්මපාලයිනි, තෙපි මා කීවා නො අදහත් නම්, මෙ තොප ගේ පුතණුවන් ගේ ඇට දැකලා වත් අදහවු යැ?” කියා පසුම්බියෙහි තුබූ එළු ඇට එළියට ගෙන දැක්වීය. බමුණානෝ එය දැක, “මෙය බල්ලකු ගේ හෝ එළුවකු ගේ ඇටයක් විය යුතු ය. ම පුතණුවන් ගේ ඇඟ ඇට නො වෙයි” කීහ. ඒ ඇට එළියට ගෙන පෙන්වූ කෙනෙහි එ ගෙහි සිටි සියල්ලෝ අත් පුඩු ගසා සිනාසුණහ. එ විට දිසාපාමොක් ඇදුරු කතා කොට, “ධර්මපාලයෙනි, කවර කරුණෙකින් ඔබ ගේ වර්ගයෙහි අය බාල කලැ නොමියෙත් දැ ?” යි විචාළේ ය.

    එ විට මහා ධර්මපාල බමුණානෝ තම වංශයේ අය බාල වයසෙහි නො මියන කරුණු කියන්නට වන,

    “දිසා පාමොක් ඇදුරනි, අපි කුසල් කරම්හ.

    සෙල්ලමටවත් බොරු නො කියම්හ.

    කිසි පවක් නො කරම්හ.

    මොන ම දුසිරිතකුත් පුරුදු නො කරම්හ.

    දන් දෙන්නට පළමුත් දන් දෙන විටත් දන් දුන් පසුත් යන තුන් අවස්ථාවෙහි ම සතුටු වම්හ.

    මහණ බමුණට දුගී මගී යාචක ආදීනට හැකි තරම් ආදරයෙන් සත්කාර කරම්හ.

    පර ස්ත්‍රීනට ආලය නො කරම්හ.

    අප භාර්්‍යාවෝත් අන් පුරුෂයනට ආලය නො කරති.

    ඒ අන් ස්ත්‍රීන් අපට මවුන් සේ සිතම්හ.

    අපේ සෙසු නෑදෑයෝත් මෙකී ගුණධර්ම රකිති.

    එ බැවින් අප ගෙවල්හි උපදනා දරුවෝ නුවණ ඇති නිරෝග අය වෙති.

    තව ද අප ගෙවලැ වැඩ පොල කරන මෙහෙකරුවෝ ද අප සේම ගුණ දහම් රකිති. කිසි පවක් නො කරති.

    මෙසේ හෙයින් අප දරුවෝ බාල කාලයෙහි නො මියෙත්.

    “ධර්මය රක්නා තැනැත්තා ඒ තමා රක්නා ධර්මය විසින් ම රකිනු ලබයි. තම අතින් ඔසොවා ගෙන දරන කුඩය වැස්සෙන් තමා රක්නාක් මෙනි. මෙසේ යහපත් සේ පුරුදු කළ ධර්මය තමා දෙ ලොවින් ම රැක ගනී. මෙසේ හෙයින් මගේ පුතණුවෝ නිදුක්ව නිරෝගීව වෙසෙති. මේ නම් වෙන එකකු ගේ ඇටයක් මයැ” යි කී ය.

    මේ කථාව අසා දිසා පාමොක් ඇදුරු විස්මයට පත් විය. ‘මා ආ ගමනේ ලාභය ලදිමි’යි හේ ප්‍රීති විය. ඉක්බිති කියනුයේ, “මහා ධර්මපාලයෙනි, තොප පුතා සැප සේ වෙසේ. මේ තොප විමසන්නට මා ගෙනා එළු ඇටයක් ය. මේ කළ ක්‍රියාවට ක්ෂමා කරන්නැ’යි කී ය. ඉන් පසු දිසාපාමොක් ඇදුරු ඒ ඔවුන් රක්නා ධර්ම පතෙක ලියවාගෙන එහි කිහිප දිනක් වැස තක්සලා නුවරට ම ආපසු ගියේ ය. ඉක්බිති ධර්මපාල කුමාරයාට ඉතිරි සිප් සතරත් සම්පූර්ණයෙන් උගන්වා මහ පෙරහරින් ඔහු ගේ ගමට යැ වී ය.

    මෙය වදාරා, චතුස්සත්‍ය පවසා පූර්වාපර සන්ධි ගළපන සේක්,

    ‘එදා මා පියෝ නම් මෙ සමයෙහි මා පියෝ ම ය. එදා ඇදුරාණෝ මෙදා සැරියුත් තෙරණුවෝ ය. පිරිස බුදු පිරිසම ය. ධර්මපාල කුමාර නම් මෙදා බුදු වූ තමන් ම යැ’යි වදාරා සිවුසස් දෙසූ සේක.

    මෙය අසා සුදොවුන් රජ අනාගාමී වී ය.

    ‘ගුණ දහම් රකින්නා ඒ ගුණ දහමින් රැකේ.’

    බළන්ගොඩ

    ආනන්ද මෛත්‍රෙය මහානාහිමි
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]