අපේ නංගිට බේත් ගන්න ඔය වගේ ප්රයිවට් චැනල් එකක් දාල ඩොකෙක් ලඟට ගියා. අම්ම ගිය නිසා මම ඇතුලට ගියෙ නෑ. මේ දෙන්න ගැස්සිලා එලියට ආවෙ ඇතුලෙ හොඳටම දොස් කියල අම්මටයි නංගිටයි. එවලෙම කතා කලා පුද්ගලික රෝහලේ මැනේජ්මන්ට් එකට උනුත් සිද්ධිය හොඳට අහගත්ත. මගෙන් ඇහුව මේ කෝල් එක රෙකෝඩ් කරල ඒ ඩොක්ටට ඇහෙන්න දාන්නද කියල අපිට මොකෝ කියල වෙච්ච දේවල් ඔක්කොම කියල. ආයෙ ජීවිතේට ඒ ප්රයිවට් හොස්පිටල් එකට චැනල් එකක් දාන්නෙ නෑ, රිපෝට් එකක් ගන්න යන්නෙත් නෑ, බේතක් ගන්න ඒ ෆාමසියට යන්නෙත් නෑ දන්න එකෙක්ටවත් යන්න දෙන්නෙත් නෑ කියල මම කිව්ව. ඒ වගේම මගෙන් විස්තර අහගත්ත මිනිහටත් මම කිව්වෙ ඔයාල මේකට ඇක්ශන් එකක් නොගත්තොත් ඔයාලගෙ හොස්පිටල් එකේ කස්ටමස්ලමයි අඩු වෙන්නෙ කියල. ඌ ඒක තේරුම් ගත්ත නම් ඇක්ශන් එකක් ගන්න ඇති. ඇත්තටම කිව්ව ව්ගෙ අපි ආයෙ ගියෙත් නෑ. දන්න මිනිහෙක්ට යන්න දුන්නෙත් නෑ.