එතකොට ඔය කියල තියන දේට වඩා වෙනස් දෙයක්, වෙනස් පැහැදිලි කිරීමක් බුදුදහමට ඇතුල් කරන්න ලෝකේ ඉන්න වෙන කාටහරි පුලුවන් ද බැරිද ?
බුදුහාමුදුරුවො ශ්රාවකයන්ට දේශනා කරන්න අවසර දීල තියනවා. ශ්රාවකයන් කරපු දේශනා ඒක නිවැරදියි කියලා අනුමතත් කරනවා.
අපේ අත්දැකීම එකිනෙකාගෙන් වෙනස්. නමුත් ඒ සෑම අත්දැකීමක්ම සාපේක්ෂව අපිට ඇත්ත. මේකට එක උදාහරණයක් තමා මජ්ජේ සූත්රය. මෙකෙදි බුදුහාමුදුරුවො කලින් කියපු ගාථාවකට රහතන්වහන්සේ පස්නමක් අර්ථ විවරණ දෙනවා. හැබැයි දෙන්නෙ පිලිතුරු පහක්. දැන් කට්ටියට ප්රශ්නයක් කවුද හරි කියලා. මොකද පස්දෙනාම රහත්(ස්ථවිරයි), නමුත් පස්දෙනාම උත්තර පහක් කියන්නෙ. ඉතින් ගිහින් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මේක විසඳන්න කියලා. කවුද හරි කියලා අහනවා. එතනදි බුදුහාමුදුරුවො කියන්නෙ,
"මහණෙනි, යුෂ්මතුන් සියල්ලන්ගේම අදහස් යහපති."
කියලා. ඒ එකිනෙකට වෙනස් පිලිතුරු පහම අනුමතකරලා බුදුහාමුදුරුවො හයවැනි පැහැදිලි කිරීමකුත් කරනවා. එතකොට ඔතන එකම දෙයකට අර්ථකතන හයක් තියෙනවා. එයින් එකයි බුදුහාමුදුරුවොන්ගෙ පැහැදිලි කිරීම. අනිත් පහම වෙනත් අයගේ.
Edited -
හැබැයි ඔය පහම "යහපත්" වෙන්නෙ එක කාරණයක් සිදුවෙනවා නම් තමයි. මොකද්ද ඒ කාරණය කියලා සූත්ර අවසානයේ බුදුහාමුදුරුවො කියනවා.
"ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශෙෂයෙන් දැනගතයුත්ත විශෙෂයෙන් දැනගනියි."
නිවීමට පත්වෙන්න ඕනෙ. ඒ නිසායි අර අර්ථ පහම යහපත්.