මචන්..මට දැන් ටික දවසක ඉදන් තියන ප්‍රශ්නයක් මේක..අපි හැමෝම දන්නවනේ ලන්කාවේ සල්ලි හම්බකරන එක හරිම අමාරුයි කියලා..ඒක නිසා ගොඩක් අය රට යන්න බලනවා..ගොඩක් අයගේ තියන හීනයක් තමයි ඔය යුරෝපා වගේ රටකට යන එක..ඔය යුරෝපයේ රටකට යාගන්න බැරි නිසානේ සමහරු මැදපෙරදිග යනවා..සමහරු ඊශ්‍රායල් යනවා ඔය වගේ සීන් තියෙන්නේ..
දැන් මට තියන ප්‍රශ්නේ මේකයි..මට ලන්කාවේ ජොබ් එකක් තියනවා..ට්‍රැවල් කම්පැනි එකක.ලක්ශ ගනන් පඩි හම්බෙන ලොකු ජොබක් නෙමෙයි.සාමාන්‍ය එකක්.මම දැන් යුරෝපයේ හැම රටකම කීප වතාවක් ගිහින් ඇවිල්ලා තියනවා.කම්පැනි එකෙන්.මට තනියම උනත් ඕනි වෙලාවක යුරෝපෙට යන්න පුලුවන්.සමහරු මට කියනවා අපරාදෙනේ උබ ගිහින් එහෙ පනින් නැත්තේ පැන්නනම් ගොඩනේ අනම් මනම්..නමුත් මම ජර්මනිය ප්‍රංශය වගේ රටවල් වල ඇවිදිනකොට දැකපු දෙයක් තමයි මෙහෙ උන් හිතන් ඉන්න තරම් නම් එහෙම ජොබ් නෑ..මම කියන්නේ පැනපු උන්ට..මම දන්න එකෙක් ඔය ජර්මනියට ගිහින් පැනලා මාස පහකින් වගේ රෙස්ටුරන්ට් එකක ජොබ් එකක් සෙට් උනා කිව්වා..ඒත් පඩි අනම් මනම් කොහොමද කියලා හරියට කියන්නේ නෑ..අනික ඔය රෙෆියුජි එහෙමත් ලේසියෙන් ලැබෙනවද කියන්න දන්නේ නෑ..ඕවා ගැන හරි විස්තරයක් කවුරුත් කියන් නෑ..ඇත්තටම ඔය යුරෝපෙට පැනගත්තම ලන්කාවේ උන් හිතන් ඉන්න තරම් ගොඩ යනවද..?
දැන් මම නිතර ආව ගිය එකා..මමනම් එහෙ ඔය කියනතරම් සුන්දරයි කියලා දැක්කේ නෑ.සෑහෙන්න කට්ට කනවා මිනිස්සු රස්සා නැතුව එහෙම..මම දවසක් ප්‍රංශයේ පැරිස් ඉදන් කොලඹ එන්න ඉද්දි ඒ එයාපෝට් එක ඇතුලේ අපේ බැගේජ් සෙල්ෆ් කිරාගන්න මැශින් තියනවා..යුරෝ දෙකයි ගාන.ඉතින් මම දැක්කා එහේ පැනලා ඉන්න අප්‍රිකන් වගේ කල්ලෙක් පොඩි තරාදියක් අතේ තියාගෙන බෑග් එකේ බර කිරමුද අහ අහ යනවා හැම එකාගෙන්ම..අර මැශින් තියෙද්දී උගෙන් බර කිරන් නෑ කවුරුත් .ඉතින් මාර කට්ටක් කනවා යුරෝ එකක් දෙකක් හොයාගන්නත්..ඔය වගේ සීන් ගොඩක් මම දැකලා තියනවා එහෙදි.තව ඉන්දියන් උන් ඉන්නවා පාරේ වතුර බෝතල් විකුණනවා ඔය අයිෆල් කුළුණ ගාව එහෙම..බෝතලේ යුරෝ එකයි. පැය ගානක් හිටන් ඉදලත් එක බෝතලයක් දෙකක් විකිනෙන්නේ.පාරේ ඉන්න උන්ගෙන් වතුර බොතල් ගන්නේ නෑ කවුරුත් .ඒක දැකලා මම කල්පනා කරා උන් ඔක්කොම සුපිරි ජොබ් සෙට් කරගෙන පුරවැසි භාවෙත් අරන් ගොඩ යනවනේ ලන්කාවේ උන් කියන විදියට.මෙහේ උන් එහෙට යන්න කියලා ලක්ශ පනහ හැට වියදම් කරනවා..එහේ ගිහින් පැනලා ඉන්න එකා යුරෝ එකක් දෙකක් හොයාගන්න කට්ට කනවා දවසම.ඉතින් බන් ඔය කියන තරම් ගොඩ යනවනම් උන් ගොඩ යන්න එපැයි ඔක්කොටම ඉස්සරලා..මම ඉතින් විසිට් විසා ගිහින් එන මිනිහා නිසා එහේ ලොකු විස්තරයක් දන්නේත් නෑ..බොක්කෙන් සෙට් වෙච්ච යාලුවොත් මට එහේ නෑ..ඒක නිසා ඔය යුරෝපය එංගලන්තය වගේ බටහිර රටක ඉන්න එකෙක් කියපන්කෝ මොකද්ද ඕකේ ඇත්ත කියලා..ඇයි ලන්කාවේ උන් යුරෝපෙට පැනගන්න බලන්නේ හැම වෙලේම..ඇත්තටම ගොඩ යන නිසාද නැත්තම් ඒක රැල්ලක්ද..
මොකද එහෙම ක්‍රමයක් තියනවනම් මාත් ආසයි මට ඕනි වෙලාවක යුරෝපෙට යන්න පුලුවන් නිසා එහෙම පුරවැසි භාවය එහෙම ගන්න පුලුවන්නම් එහෙම ගන්න මාත් ආසයි..හැබැයි ඔය වීසා නීති කඩලා හොරෙන් පැනලා අනම් මනම් නම් ආස නෑ..ඇත්තටම යුරෝපෙට ගියාම මිනිහෙක් කියන තරම් ලේසියෙන් ගොඩ යනවද කියලා කියපන්කෝ..මොකද ගොඩක් ඒ රටවල ඉන්න ලන්කාවේ උන් කියන්නේ බොරු..අපි ඔය ගැන ඇත්ත කතාකරමුද..මම ගිහින් ආපු නිසා මම කිව්වේ ඇත්තටම මම දැකපු දේවල්..එහේ ඉන්න එකෙක් පැහැදිලි කරපන්කෝ ඇයි ඒ රටවල එහෙම වෙන්නේ සහ ඇත්තටම ඒ රටක ගොඩයන්නේ කොහොමද කියලා..