ගෙවල් වල මුදුන් යට ලීයේ මුට්ටියක් එල්ලන සීන් එකක් ඉස්සර තිබුනා. ඒ මුට්ටියට, ඇතෙක් දළ ඇනපු තැනක පස්, මොකක් හරි ගාථාවක් (සබ්බ පාපස්ස අකරණං වගේ මතක) ලියාපු තඹ කොලයක්, රන්, රිදී කෑලි සහ මැණික් ගල්, හක් ගෙඩියක් වගේ දේවල් දානවා.
අපේ ගෙදර හදලා තියෙන්නේ බු. ව. 2467 දී යි. 2467 කියලා හුණු බදාමෙන් emboss කරලා තිබුනා. (මේ දැන් ඒක ගණන් හදපුවාම තමයි අවුරුදු 100 පරණයි කියලා දැනගත්තේ). කොහොම උනත්, මම සොල්දරේ උඩ, මුදුන් යටලීයේ එල්ලලා තිබුන ඔය මුට්ටිය ඇරලා, ඒකේ තිබුන දේවල් වලින් මට වැදගත් දේවල් ටික අරගෙන දැන් අවුරුදු පණහකට වැඩි මිසක් අඩු නැහැ. ඒක ඇතුලේ තිබුනේ වටිනාකමක් නැති, ගෙව්ඩ වගේ මැණික් (ඒ කාලේ ගෙව්ඩ කියන්නේ තිරිවානා ගල් වගේ කිසිම වටිනාකමක් නැති දෙයක්) කියලා තමයි මම දැනගෙන හිටියේ. කොහොම උනත්, අසූවේ දශකය විතර වෙනකොට ගෙව්ඩ වලට වටිනාකමක් ලැබුනට, ඒ වෙනකොට මගේ මැණික් ටික දාපු තැනක් මට මතක නැහැ.
බොහොම ඉහල වත්කම් තියන කෙනෙක් ගෙයක් හදන කොට, ඔය ඉහත කියාපු දේවල් ඒ අයගේ වත්කමට ගැලපෙන විදියට යොදන නිසා, සිවිලිමෙන් මැණික් මල්ලක් හමු උනා කියන එක නොවිය හැකි දෙයක් නොවෙයි.