ඕස්ට්‍රේලියාවේ මොනතරම් නීති රකින බව කිව්වත්, මාර්ග නීතියත්, ගුවන් තොටුපොළේ තියන නීතියත් දෙකම අන්ඥකොරොස් ටයිප්.
මගේ වයිෆ් මාස හයකට විතර ඉස්සෙල්ලා හදිසියේ දින කිහිපයකට ලංකාවට ගිහින් ආවා. ඒ එනකොට ඩියුටි ෆ්‍රී එකෙන් මම ගේන්න කියාපු බෝතල් ගාන 2250ml වලට වැඩි නිසා, වැඩියි කියලා ✓ කරන්න කියලාත් මම කිව්වා.
ඒ එනකොට ලංකාවෙන් ගෙනාපු කරවල, ගම්මිරිස්, කුළුබඩු ආදිය තියන බව ✓ කරලා තිබුනත්, කෙලින්ම කස්ටම් පෝලිමට (biosecurity පැත්තට යවන්නේ නැතුව) යවලා තිබුනේ වැඩිපුර ඇල්කොහොල් තියන නිසයි. ඔවුන්ගේ එකම ප්‍රශ්නය, Is this all excess liquor? කියන එක විතරයි. ඒකට yes කියපුවාම, කෙලින්ම එලියට එවලා.
එතකොට කිසිම විදියකට commercially packed නොවෙච්ච කරවල, ගොරකා, ගම්මිරිස්, කුළු බඩු (දින දෙකකට ලංකාවට ගිය හදිසි ගමනක් නිසා ඒවා ගෙනැල්ලා තිබුනේ නිකංම පොලිතින් බෑග් වල දාලා, ගෙනියන්න දෙන්න බැහැයි කිව්වොත් දාලා එන්න හිතාගෙනයි) ඔක්කොම කරදරයක් නැතුව ගෙනාවා. ඒ උනාට, ඒකටත් මම බැනුම් ඇහුවා.
එයාට ටොන් එකක් විතර කරවල, කුළුබඩු, ගම්මිරිස්, තේ කොළ වගේ දේවල් එයාගේ පවුලේ අය, නෑදෑයෝ ගෙනැත් දීලා තිබුනා. මම කිව්වේ, ඔය කිසිම දෙයක් ගේන්න එපා කියලයි. නමුත් එයා ඒවායින් කොටසක් පමණක් ගෙනැවිත් තිබුනා. මම ගේන්න එපා කිව්වේ නැත්නම්, ඒ ඔක්කොම ගේනවා, අපරාදේ ඒවා දාලා ආවේ කියලා තමයි මට බැණුම් !