කර්ම විපාක පඩිසම් දෙද්දී රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් කටයුතු නොකර දර්මානු කූල පිලිතුරු සොයන්න

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    දේව දත්ත හාමුදුරුවෝ (මතු පසේ බුදුන් වහන්ස )
    පින්වතුනි ඔබ දේව දත්ත හාමුදුරුවෝ හොදටම දන්න කෙනෙක් වෙන්න පුලුවන් ඔබ දන්නවා උන්වහන්සේ බුදු පියානන් වහන්සේට ගල් පෙරලුවා සංඝ බේදය ඇති කරා නොයෙකුත් අවැඩ අසාදාරන අප බෝසතානන් වහන්සේට කරා ඔබ ඔයටික හොදා කාරවම දන්නවනේ නේද. හරි අපි මෙහෙම හිතමුකො දැන් ඔබ තුමන්ලා ඔබ තුමියලා දේවදත්ත හාමුදුරුවන්න්ට බනිනවත් ඇති මතක් වෙද්දිත් තරහා ඇති . හැබැයි මම කියනවා මේලෝකේ ජීවත් උන, වෙන, වන, ඕනෑම කෙනෙකුගෙන් අපේ ජීවිටයට හොද පාඩමක් ගන්න පුලුවන් හොද දහම් ඇසක් තියන අයෙකුට එය නිවනට හරවාගන්නත් හැකී
    බලන්න පින්වතුනි මෙන්න මේ දේව දත්ත හාමුදුරුවන්ට කීදෙනෙක් බනිනවද තරහා ගන්නවද අදටත් කවුරු හරි වැරැද්දක් කරොත් හොදම යාලුවාට කෙනෙක් කියයි මූ නම් දේව දත්ත වගේ කියලා එහෙත් පින්වතුනි දේව දත්ත හාමුදුරුවෝ කරදර කරේ බුදුන් වහන්සේටයි ඔබට ඇති රුදාව මොකක්ද දේව දත්ත හාමුදුරුවෝ කරේ වැරැද්දක් ඒකට දඩුවම් දෙන්න ඕනේ ඔහොම වෙලා මදි ඔයවගේ දේවල් කියලා බනින්න තරහා ඇති කරගන්න දේව දත්ත හාමුදුරුවෝ ඔබට මොකුත් කරාද නෑනේ උන්වහන්සේ එහෙම කරේ බුදුන් වහන්සේට නමුත් බුදු පියානන් වහන්සේ අල්ප මාත්‍රයක්වත් උන්වහන්සේ කෙරෙහි තරහක් වෛරයක් උපදවා ගත්තේ නෑ නමුත් ඔබ ද්වේශය වගා කරනවා ඒකට හේතුව ඔබ බුදුන් වහන්සේට බැදිලා නිස මේලෝකේ යම් තැනකට බැදුනා නම් නිවන් දකින්න හරි අමාරුයි ඔබ බුදුන් වහන්සේට හැලුන නිසයි දේව දත්ත හාමුදුරුවන්ට දෝශා රෝපනය කරන්නේ. ඉතිම් ඒක එහෙම වෙනව නම් පමනක් කමක් නෑ කියමු නමුත් ඔබ ඔය කරගන්න දේවල් ද්වේශයෙන් හරියටම කිව්වොත් සතර අපායේ දොරොටුවලට තට්ටු කරනවා වගේ.
    ඒකට හේතුව දේව දත්ත හාමුදුරුවෝ කරගත්ත කර්ම විපාක උන්වහන්සේ විදිනවා බුදු පියා නන් වහන්සේ කරපු කර්ම වලට විපාක උන්වහන්සේ වින්දා මේලෝකයේ තුම් ප්‍රදානම චරිතය උදාහරනයක් අරගන ඔබට කියන්නෙ එතකොට ඔබට මේ කාරනාව හොදට තේරෙන නිසා .ඉතිම් දෙදෙනෙක් සසරේ ගනුදෙනුවක් පියවා ගත්තා නමුත් ඒක නොවේ ගැටලුව මෙන්න මේ ගනුදෙනුව මැද්දට ඔබ පනින්න උත්සාහ කරන එකයි ගැටලුව ඔබ මෙතන තුන්වන පාර්ශවය වෙලා අර සසර ගනුදෙනුව බලාගන ඉන්න බැරුව ඔබ ද්වේශය මුල්කරගන ඔබත් සතර අපා ගතවන වැඩ කරන එකයි ප්‍රශ්නය . දේව දත්ත හාමුදුරුවෝ ඔය විපාක ඉවර වෙලා පසේ බුදු පියානන් වහන්සේ නමක් වෙනවා කියලා සදහන් වෙනවා ඉතිම් ඔබ අද ඔය බනින්නේ දිනක පසේ බුදුන් වහන්සේ නමකට ඉතිම් ඔබ රැස් කරගන්නා විපාක උන්වහන්සේ විදින්නේ නෑනේ ඇයි ඔබ ඔච්චර මෝඩ ඔබමයි ඒවා විදින්නේ. ඔබ වපුරන දේ අස්වැන්න එද්දි නෙලන්නෙත් ඔබයි.
    අන්න ඒවගේ ඔබ දැන් ඔය කියපු කතාව දාලා බලන්න ඔබේ ජීවිතයට අල්ලපු ගෙදර අය රන්ඩු වෙද්දි ඔබ ඕකට හොද වැඩේ,ටීවි එකේ කතාවක් යද්දී ඕකට ඔහොම වෙලා මදි, රටේ පාලකයන්ට හෙන කහපන්,ඔබේ යාලුවෙක්ට කවුරු හරි ගැහුවා බැන්නා නම් ඕකව මැරියන්, ඔබේ තාත්තට කවුරු හරි ගහලා ගහපු කෙනාට හෙන ගහන්න ඕනේ, ඔබේ හැදුමක් නැති වෙලා ගත්ත එකාට හෙන ගහන්න ඕනේ,ඔබේ සල්ලි නෑ ගත්ත එකා මැරියන්,ඔබේ වත්තෙ පොල් කඩලා ඕකා මැරෙන්න ඕනේ ,සතෙක් ඔබේ පේර ගහේ පේර කාලා මුන් මැරිලාවත් යන්නෑනේ, ඔබ බස් එකේ යද්දි කලුල පෑගෙනවා නෙදකින් මූට වෙන තනක් නෑ අස්සෙම එනවා,ඔබේ වත්තේ අබ ගහේ ගෙඩියක් පොඩි එකෙක් කඩනවා මුන්ට කන්න දෙන්නැද්ද මේවම කන්න එන්නේ , බලන්න පින්වතුනි ඔබ ගන්න පාපයන් ඔබ ද්වේශයෙන් සිතු විල්ල්ක් නගන වරයක් වාරයක් පාසා මේ විශ්වයට කලු කිරනක් පිට වෙනවා අශුද්ද කිරනක් ඕව කර්ම විපාකලෙස ඔබට එනවා ඔය ද්වේශයෙන් ඉන්න වෙලාවේ නගන සිතිවිලි ඔබට මරනාසන්නයේ ආවොත් ඔබ මල පෙරේතයෙක් මල යකෙක් නිරයේ දුක් විදින්න ඔය සිති විල්ල ඇති. පින්වතුනි මේ සසර ගනුදෙනු ඒවාට ඔබ තුන්වන පාර්ශවය වෙන්න එපා කෙනෙක් ඔබට ගහනව නම් හැකි විදියක් ඇති නම් බේරෙන්න ඔවට ගුටි කන්න කියනවා නෙමෙයි ඒකට සුදුසු විදියකින් බේරෙන්න හැබැයි ඔහුට ගහන්නම ඕනේ කියලා එකක් නෑ පින්වතුනි ඔබේ කර්ම විපාකයකුයි ඔය එන්නේ.
    හොද උදාහරනයක් කියන්නම් මේක කියලා කතව මම අවසන් කරනවා මේ හැමදේම කරන්නේ ඔබේ නිර්වානය උදෙසා ඔබ ගැන බොහොම දයානු කම්පාවෙන් මේවා ලියන්නේ මට මේවා මහන්සි වෙලා ලිව්වා කියලා ඔබෙන් ලැබෙන දෙයක් නෑනේ ඇත්තටම ඒත් ඔබ මේදේවල් තේරුම් ගත්තොත් ඔබට නම් ලැබෙන දේවල් ගොඩක් තියනවා.
    පින්වතුනි මුගලන් මහරහතන් වහන්සේට හොරු ඇට කුඩු වෙනකම් ගහලා මරනවා ඒකට හේතුව යට බවයක උන්වහන්සේ තම අන්ද දෙමව් පියන් ඒ වගේම ගහලා මරනවා අන්න ඒකට කල්ප ගානක් නිරයේ දුක් විදල ඉතිරිටික රහත්වෙලත් ගෙව්වා ඉතිම් රහතන් වහන්සේනම කටත් බුදුන් වහන්සේලාටත් කර්ම විපාක දුන්නා නම් ඔබ ගැන කවර කතාද. අර මුගලන් හාමුදුරුවන්ගේ කතාව ඔබ දැනන් හිටියට ඒ හොරුන්ගේ කතාව ඔබ දන්නේ නැතුව ඇති මේක නම් කියන්නේ මම ඔබටමයි දවසක් අර අම්මයි තාත්තයි මරලා දාලා ඉන්න තැනින් කොල්ලො ටිකක් යනවා යද්දී ඕක දැකලා කියනවා අනේ කරලා තියන අපරාදයක් අපි හිටියා නම් ඕකගේ ඇට කුඩු කරලා මරලා දානවා කියලා ඔන්න ඔතනින් ඒ කොල්ලො ටික කියලා ගියා එච්චරයි එහෙත් ගත්තු සිතුවිල්ල නිසා අර බයයේ හොරු ටිකක් වෙලා මේ අය ආවා මුගල්න් හාමුදුරු වන්ට ගහන්න බලන්න පින්වතුනි එක සිතුවිල්ලකින් වෙන දේවල් ඉතිම් හොදටම ගහලා ඉවර වෙලා ගියා ඔබ හිතන්නේ අර හොරු දිව්‍ය ලෝකේ ගියා කියලද ආයේ පින්වතුනි කල්ප කාලයකට එන්න නම් බෑ ඒ අයට අරිහතුන් වහන්සේ නම් මරලා ලේසියෙන් බේරෙන්න බෑ අරකට හේතුව පින්වතුනි අර අම්මවයි තාත්තවයි මැරුවා ඒ පුතා එක සසර ගනු දෙනුවක් ඒක ඒ අය පියෙව්වා මේ මෝඩ් රැල හොහෙදෝ ඉදගන අකුසල් සිතු විල්ලක් අරගන සතර අපාගත උනා මොකද මුගල්න් හාමුදුරුවන්ට අර කර්ම විපාය එන්න එතනට කෙනෙක් ඕනේ ඉතිම් ඒකට ඒවගේ සම්බන්දයක් තියන ගනු දෙනු කාරයෙක් එන්න ඕනේ බලද්දී සසරේ අර තුන්වන පාර්ශවය උන කොල්ලො රැල ඉන්නවා ඒ බවයෙදිම ඒකයි කර්ම විපාකය කියන්නේ ඉතිම් ඒ අයගෙ සිතුවිල්ල උනේ අර අම්මවයි තාත්තවයි මරපු එකාට දඩුවම් දෙන්න ඕනේ කියලා ඉතිම් ඒ ගත්තු සිතුවිල ඉශ්ට උනා කෙලින්ම නිරයේ . අන්න් ඒක නිසා පින්වතුනි ඔබ මේ කර්ම විපාක පඩිසම් දෙද්දී ඔබට කටදර බාදක එද්දී රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් කටයුතු නොකර දර්මානු කූල පිලිතුරු සොයන්න. ඒකට ඔබට ගැටලු එන වෙලාවට පන්සල්කට යන්න දන්න කෙනෙක් හමු වන්න එහෙම අය නැතිනම් අපිට කතා කරන්න ඕනම වෙලාවක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,534
    113
    එකමත් එක රටක
    1000ක් මරපු අංගුලිමාල රහත් වෙලා, අම්ම මරපු මුගලන් අගසව් වෙලා, බුදුන්ට ගලක් පෙරලපු දේවදත්ත පසේ බුදු වෙන්ව නම්
    ඉතින් අපි ට එච්චර බය වෙන්න දෙයක් නෑ. :rofl:
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    කරපු අකුසල වලට විපාක හම්බ උනා,
    1) මුගලන් හමුදුරුවො අගසව් උනෙ නිකන් නෙමේ, කල්ප අසංක එකකුත් ලක්ශයක් ඩස පාරමිතා පුරල එක හ්ම්බ උනේ. එත් ඊට කලින් කරපු අකුසලයේ ඉතුරු කොටස විපාක දුන්නා
    2) දේවදත්ත පසෙ බුදු වෙන්නේත් කල්ප පාරමිත කල්ප අසංක එකකුත් ලක්ශයක් ඩස පාරමිතා පුරපු නිස, නෑතුව බුදුන්ට ගල් පෙරලපු නිස නෙමේ. දේවදත්ත කරපු අකුසලයට කල්පයක් අවිචියේ දුක් විදිනාවා
    1000ක් මරපු අංගුලිමාල රහත් වෙලා, අම්ම මරපු මුගලන් අගසව් වෙලා, බුදුන්ට ගලක් පෙරලපු දේවදත්ත පසේ බුදු වෙන්ව නම්
    ඉතින් අපි ට එච්චර බය වෙන්න දෙයක් නෑ. :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,534
    113
    එකමත් එක රටක
    කරපු අකුසල වලට විපාක හම්බ උනා,
    1) මුගලන් හමුදුරුවො අගසව් උනෙ නිකන් නෙමේ, කල්ප අසංක එකකුත් ලක්ශයක් ඩස පාරමිතා පුරල එක හ්ම්බ උනේ. එත් ඊට කලින් කරපු අකුසලයේ ඉතුරු කොටස විපාක දුන්නා
    2) දේවදත්ත පසෙ බුදු වෙන්නේත් කල්ප පාරමිත කල්ප අසංක එකකුත් ලක්ශයක් ඩස පාරමිතා පුරපු නිස, නෑතුව බුදුන්ට ගල් පෙරලපු නිස නෙමේ. දේවදත්ත කරපු අකුසලයට කල්පයක් අවිචියේ දුක් විදිනාවා
    දේවදත්ත පසේ බුදු වෙනවා කියලා කවුද කිව්වේ ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,534
    113
    එකමත් එක රටක
    බුදු හමුදුරුවො තමයි කියල තියෙන්නේ
    ඉතින් බන් බුදුහාමුදුරුවන්ට පුලුවන් නම් කල්ප ගානකට පස්සේ දේවදත්ත පසේ බුදුවෙන්ව කියන එක කියන්න,
    මාස ගානකට කලින් තමන්ට ගලක් පෙරලලා පොලව පලාගෙන අපායේ ගිහින් දුක් විදින්න වෙන්ව කියල පෙනුනේ නැද්ද ??
    ගල පෙරලනවා කියලා දැන දැන ඒ පාරේ යන්නේ නැතුව ඒක වැලක්වුවා නම් අර මනුස්සයා අපායේ දුක් විදින්න වෙනේ නෑ නේ බන්.
    මොනව උනත් පසේ බුදු වෙන්න ඉන්න කෙනෙක් නේ. බේරන්න තිබ්බ ... ;)
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ගොනො කර්මයක් පල දෙන්න තියෙනව නම් එකෙන් බුදුන්ට උනත් බෙරෙන්න බෑහ. බුදු හමුදුරුවන්ට කලින් කරපු අකුසල කර්ම 12ක් විපාක දුන්නා. එවගෙන ගෑලවෙන්න බෑහ බුදු උනත්.
    ඉතින් බන් බුදුහාමුදුරුවන්ට පුලුවන් නම් කල්ප ගානකට පස්සේ දේවදත්ත පසේ බුදුවෙන්ව කියන එක කියන්න,
    මාස ගානකට කලින් තමන්ට ගලක් පෙරලලා පොලව පලාගෙන අපායේ ගිහින් දුක් විදින්න වෙන්ව කියල පෙනුනේ නැද්ද ??
    ගල පෙරලනවා කියලා දැන දැන ඒ පාරේ යන්නේ නැතුව ඒක වැලක්වුවා නම් අර මනුස්සයා අපායේ දුක් විදින්න වෙනේ නෑ නේ බන්.
    මොනව උනත් පසේ බුදු වෙන්න ඉන්න කෙනෙක් නේ. බේරන්න තිබ්බ ... ;)
    බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ
    පුබ්බකම්බ පිලොතිකා ථෙරාපදානය
    බුදු රජාණන් වහන්සේට සිය අවසන් භවයේදී විපාක දුන් කර්ම ද ඊට හේතු ද මේ ලිපියෙන් දැක්වේ.
    දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ මෙසේ ය:
    01. සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාර ස්ථානයට එන-යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගීම. ඊට හේතුව පෙර මුනලීධූර්තක ව සිටියදී සරභු නම් පසේ බුදුරදුන්ට කළ දෝෂාරෝපණය බව දත යුතු ය.
    02. පෙර ලොව පහළ වූ සබ්බාභිභූ නම් බුදුරජුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමභෝගියා කියලා දොස් නඟන්නට යෙදීම. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් විය. මේ සාරාසංඛය්‍ය කල්ප ලක්‍ෂයකටත් පෙර කරන ලද කර්මය බුදුබව ලබාද බඩදරු අම්මාගේ වෙස්ගත් චිංචිමාණවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් විය.
    03. පසු කාලයකදී සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදු රජුන් ඇය දූෂණය කොට මරා සඟවන ලද්දේ ය යි මහත් දෝෂාරෝපණයක් දින 07ක් තුළ පැවතිණි. දින 07කින් පසු සත්‍ය එළි විය. කෙසේ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීම නම් ඍෂීන් වහන්සේට බැණවැදීම බව දත යුතු.
    04. මහ බෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දකින් පහළට තල්ලු කර ගලක් ද පෙරළා මරාදැමුවේ ය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ජීවිතයේ ද දෙව්දත් තෙර ගල් පෙරළූ බව දත යුතු.
    05. බෝසතුන් දිනක් කුඩා ළමයකු ව සිටියදී පසේබුදු කෙනකු දැක ගලකින් ගැසුවේ ය. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ තම ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙදවූ බව දත යුතු.
    06. පෙර බෝසතුන් ඇත්ගොව්වකු වී සිටියදී පසේබුදු කෙනකු වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙයෙව්වේ ය. උන් වහන්සේ ඍද්ධියෙන් වැඩි නමුදු පහත් සිතින් කළ කර්මය නිසා මේ ජීවිතයේ තමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාලාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළහ.
    07. දෙව්දත් තෙරුන් තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටුණු සිතින් ගිජුකුළු පව්වේදී මහ ගලක් සක්මන් කරන බුදු හිමිගේ හිසට පෙරළුවේ ය. පෙර පිරූ පාරමී බලයෙන් මහගලක් ඉබේ ම මතු වී ඒ ගල වැටෙන්නට නොදී රඳවාගත් නමුදු ගල්පතුරක් ගැලවී විත් ශ්‍රී පතුලේ ගැටී මාපටඇඟිල්ල තැළී ලේ කැටිගැසිණි. ජීවකතුමා ශ්‍රී පතුල පලා ලේ අස් කළේ ය. මෙසේ ශ්‍රී පතුල පළන ලද්දේ පෙර පෘථිවීශ්වර රජ ව සිටියදී මිනිසකු මරවන ලද පවින් බව දත යුතු.
    08. තථාගතයන් වහන්සේගේ හොඳ නොවන හිස ආබාධයට හේතුව පෙර කෙවුල් පවුලක ඉපදී සිටියදී තම ඥාතීන් බොහෝ මාළුන් ගොඩදා තිබෙනවා දැක සතුටු සිනා පහළ කළ පාපය බව දත යුතු. එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීහු මේ ජීවිතයේ ද ඥාතීන් වී ඉපදුණහ. ඒ සැමට ඒ ප්‍රාණඝාත කර්මය විපාකදීම් ලෙස විඩුඪභ කුමරු අතින් මියයන්නට වුණු බව දක්වා ඇත.
    09. තුන් ලෝකය පුරා පැතිරුණ දායක උපස්ථායක ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් ඇති තථාගතයන් වහන්සේට දොළොස්වන වස්කාලයේ එක් බත් ඇටයකුදු නොලැබී ගියේ ය. අශ්වයන්ට දෙන යවහාල් වළඳා ජීවත් වන්න විය. මෙසේ වීමට හේතුව පෙර ඵුස්ස බුදු රජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි යවහාල් වැළඳුවා නම්” කියා දොස් නැඟූ පාපය බව දත යුතු.
    10. සුගතයන් වහන්සේට හොඳ නොවන කොන්දේ ආබාධයක් තිබිණි. ධර්ම දේශනා කරන අවස්ථාවල එය හැදුණු විට සැරියුත් හිමිට දම්දෙසුම පවරා විවේක ගැනීමට වැඩි බව ද සඳහන් වෙයි. මෙයට හේතුව පෙර මල්ලව පොර අල්ලන යෝධයකු ව සිටියදී විරුද්ධවාදී මල්ලව පොරකරුවකුගේ කොන්ද කැඩූ පව බව දත යුතු.
    11. බුදුරජුන්ට වැලඳුණ ලෝභිතපක්ඛන්දිකා (ලේ අතීසාර) රෝගයට හේතුව පෙර වෛද්‍යවරයකු ව සිටියදී සිටුවරයකුට බෙහෙත් කළ විට ඔහු නියමිත මුදල නොගෙව් අවස්ථාවේ පසු ව විරේක බෙහෙතක් දී ඔහුට ලේත් සමඟ විරේක වන්නට සැලැස්වීම ය. සිටුවරයා බිය වී නියමිත මුදල් ගෙව් කල නැවත සනීප කළ නමුදු ඒ කර්මය විපාක දුන් බව දත යුතු.
    12. මහ බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වුණේ පෙර ජෝතිපාල මාණවක ව සිටියදී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට දොස් කී පාපය නිසා බව දත යුතු.
    සත්පුරුෂ පින්වතුනි! බලන්න මහත් වූ නුවණක් ඇති මහත් වූ බලයක් ඇති මහත් වූ යසසක් ඇති මහත් වූ පිරිවර සම්පත්තියක් ඇති, මහත් වූ ගුණ සම්පත්තියක් ඇති මහත් ඍද්ධි බලයක් ඇති තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම සඳහා එන විපාකවලින් බේරී සිටීමට නොහැකි නම්, එතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක්, නුවණක්, පිරිවරක්, ඍද්ධි බලයක් නැති අප ඔබ වැන්නවුන් කෙසේ නම් ගැලවෙන්න ද? එබැවින් පසුතැවිලි වන්නට සිදු වන දෑ නො කරන්න. කිසි දිනක කා හට වත් දුකක් පීඩාවක්, සිත් තැවුලක් ඇති නො කරන්න. කිසිවකුට හිංසාවක් පීඩාවක් දුකක් දොම්නසක් කරදරයක් විපතක් වෙහෙසක් නො කරන්න.
    සත්පුරුෂයනි! ඔබ කිසිවකු නොවෙහෙසෙන, මුළු ලොවක් සනසන දෑතක් ඇත්තකු වන්න. එබඳු ම අහිංසාවාදී දෙපා යුග්මයක් ඇත්තකු වන්න. තම දෙනෙතින් අනුන් නො රවටන්න; අනුන් නො රිදවන්න. මුළු ලොවක් සනසන දෙනෙතක් ඇත්තකු වන්න. ඔබ දෙසවන නොමඟට නො යොදන්න; සුමඟට යොදවන්න. කය සංවර කරගන්න. නිතර ම ඔබ කථා කරන වචන නිවැරැදි දැ යි සිතන්න. අනුන් රිදවා දුක් දී තමාට කිසිදු සැපයක් ලැබිය නොහැකි බව සිතන්න. යහපත් වූ සැම සිත් නිවන සනසන වචන ම කථා කරන්න. ඔය සිත නොමඟට නො යොදන්න; සුමඟට යොදන්න. දාන්ත වූ ශාන්ත වූ සංවර වූ සංසිඳුණා වූ සුවපත් වූ මනසක් ඇත්තකු වන්න. කිසිදු කිසිදින පහත් සිතිවිලි නො සිතන්න.
    සත්පුරුෂයනි! ඔබ ගස් අතර හඳුන් ගසක් වගේ, ඇතුන් අතර ගජමුතු තිබෙන ඇතකු වගේ, මුවන් අතර කස්තුරි තියෙන මුවකු වගේ, පාෂාණ අතර බැබළෙන මැණිකක් වගේ ගුණයෙන් නුවණින් යුත්, අනුන්ට දුක් නොදෙන, සාධු ජනයාගේ ආදර ගෞරවයට ලක් වූ, මානව හිතවාදී, දයානුකම්පිත මිනිසකු වන්න අධිෂ්ඨාන කරගන්න.
    .https://www.facebook.com/Buddhist.Disciple/photos/a.163082667120689/1338577346237876/?type=3
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,534
    113
    එකමත් එක රටක
    ගොනො කර්මයක් පල දෙන්න තියෙනව නම් එකෙන් බුදුන්ට උනත් බෙරෙන්න බෑහ. බුදු හමුදුරුවන්ට කලින් කරපු අකුසල කර්ම 12ක් විපාක දුන්නා. එවගෙන ගෑලවෙන්න බෑහ බුදු උනත්.
    එහෙනම් අංගුලි මාල 999ක් මරලා, අම්මවත් මරල ආනන්තරිය පාපකර්මයක් කරගන්න යනකොට ඒක නවත්තන්න බුදුහාමුදුරුවෝ ගියේ නැද්ද ??
    ගිහිල්ලා නැවැත්තුවේ නැද්ද ??? 🥴

    ගල පෙරලනවා කියලා කලින් දැන දැන එතනින් ගිහින් අර මනුස්සයව අපායේ යවපු එක නම් වැරදි. මොනව උනත් පසේ බුදු කෙනෙක් ලු නේ .

    කර්ම පල දීම බුදු කෙනෙක්ට වෙනස් කරන්න බැරි නම් ඉතින් බුදු කෙනෙක් ඉදල තේරුමක් නෑ නේ බන්.
    වෙන්න තියන දේවල් ටික ඒ විදියටම වෙනව නේ .
     
    Last edited:

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    641
    542
    93
    බුදුන්ට ගලක් පෙරලපු දේවදත්ත පසේ බුදු වෙන්ව නම්
    ඉතින් අපි ට එච්චර බය වෙන්න දෙයක් නෑ. :rofl:
    Pase budu wenna kalin aurudu kalpayak apaye duk widinawa karapu paw walata
     
    • Like
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    එහෙනම් අංගුලි මාල 999ක් මරලා, අම්මවත් මරල ආනන්තරිය පාපකර්මයක් කරගන්න යනකොට ඒක නවත්තන්න බුදුහාමුදුරුවෝ ගියේ නැද්ද ??
    ගිහිල්ලා නැවැත්තුවේ නැද්ද ??? 🥴

    ගල පෙරලනවා කියලා කලින් දැන දැන එතනින් ගිහින් අර මනුස්සයව අපායේ යවපු එක නම් වැරදි. මොනව උනත් පසේ බුදු කෙනෙක් ලු නේ .

    කර්ම පල දීම බුදු කෙනෙක්ට වෙනස් කරන්න බැරි නම් ඉතින් බුදු කෙනෙක් ඉදල තේරුමක් නෑ නේ බන්.
    වෙන්න තියන දේවල් ටික ඒ විදියටම වෙනව නේ .
    බුදු හමුදුරුවො එක දෑක්කේ අවශ මොහොතෙදි, එකට හෙතු ගොඩක් තියෙනවා. එකක තමයි බුදු හමුදුරුවො හමදාම උදේට බලනව අද මම කාටද පිහිට වෙන්නේ කියල. ඉතින් මිනිස්සු 999ක් මරන කන් බුදු හමුදුරුවොඅ එක දක්කේ නෑහ. එත් අම්ම මරල පාපය කරන්න කලින් බුදුන් දකින්න අන්ගුලිමාලට පින් තිබ්බ. එත් අජසත්ත තමන්ගේ පිය මරන එක නවත්තන්න බුදුන්ට එක පෙනුනේ නෑහ.

    බුදු කෙනෙක් ලොකෙට ඉපදෙන්නේ කර්ම පල දීම නවත්ත්න නෙමෙ, මිනිස්සුන්ව නිවන් දකින එකට. එතකොට අයෙ උපතක් නෑහ. එ කියන්නෙ ඉතින් කර්ම පල දීමක් නෑහ තමයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,534
    113
    එකමත් එක රටක
    බුදු කෙනෙක් ලොකෙට ඉපදෙන්නේ කර්ම පල දීම නවත්ත්න නෙමෙ, මිනිස්සුන්ව නිවන් දකින එකට. එතකොට අයෙ උපතක් නෑහ. එ කියන්නෙ ඉතින් කර්ම පල දීමක් නෑහ තමයි
    ඉතින් එකතමයි මම කිව්වේ. කර්මය වෙනස් කරන එක තමයි වෙන්නේ එහෙම කරන එකෙන්.
    උබ කිව්වේ බුදු කෙනෙක්ට කර්මය වෙනස් කරන්න බෑ කියලා ?
    බුදු කෙනක් ආවේ නැත්නම් නිවන් දැකපු අය තාම කර්ම ගෙවනවා නේ. ඒවා වෙනස් කරපු එක තමයි කරන්නේ.

    දැන් උබ මෙතන උදේ ඉදන් රෑ වෙනකන් ත්‍රෙඩ් දාල බණ කියලා වැඩක් තියනවද බන් ලෝකේ වෙන්න තියන දේවල් කලින් තීරණය කරල තියන විදියකට සිද්ද වෙන්ව නම් . උබ කිව්වත් නැතත් මිනිස්සු ජිවත් වෙන විදියට ජිවත් වෙන්ව.

    බුදු හමුදුරුවො එක දෑක්කේ අවශ මොහොතෙදි, එකට හෙතු ගොඩක් තියෙනවා. එකක තමයි බුදු හමුදුරුවො හමදාම උදේට බලනව අද මම කාටද පිහිට වෙන්නේ කියල. ඉතින් මිනිස්සු 999ක් මරන කන් බුදු හමුදුරුවොඅ එක දක්කේ නෑහ. එත් අම්ම මරල පාපය කරන්න කලින් බුදුන් දකින්න අන්ගුලිමාලට පින් තිබ්බ. එත් අජසත්ත තමන්ගේ පිය මරන එක නවත්තන්න බුදුන්ට එක පෙනුනේ නෑහ.
    එක් තමයි කිව්වේ. අපරාදේ කලින් පෙනුන නම් දේවදත්ත ව බේරගන්න තිබ්බ කියල
    ------ Post added on Jun 16, 2023 at 2:51 PM