ඔන්මැස් පිරමීඩේ කරලා ගුරුවරයෙක් සිය දිවි නසාගෙන

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ehema namak kiyala neha ban

    පිරමිඩයට අසු වූ ගුරුතුමාට ජිවිතය එපා වේ​


    අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක පිරමීඩ ජාවාරමකට හසුව, සිත් තැවුලකට පත් වළස්මුල්ල ප්‍රදේශයේ ක්‍රීඩා ගුරුවරයකු පාසල් ක්‍රීඩා කාමරය තුළ එල්ලී මිය ගොස් ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.

    මෙලෙස මියගොස් ඇත්තේ, වළස්මුල්ල පල්ලෙකන්ද උතුර කණුමුල්දෙණිය විද්‍යාලයේ ක්‍රීඩා උපදේශකවරයකු වශයෙන් කටයුතු කළ ශ්‍රීනාත් දර්ශන (38) නමැති දෙදරු පියකු බව වළස්මුල්ල පොලීසිය පවසයි.

    මෙම ගුරුවරයා ඉකුත් 1 වැනිදා සිට අතුරුදන්ව සිට ඇති අතර, විදුහල්පතිවරයා ඔහු පිළිබඳව සොයා බැලීමේදී ඔහුගේ සිරුර ක්‍රීඩා කාමරයේ බාල්කයක එල්ලෙමින් තිබියදී එදිනම සොයාගෙන ඇති අතර, විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් වළස්මුල්ල පොලීසියට කළ දැනුම්දීමකට අනුව පොලීසිය ගොස් මළ සිරුර ඉවතට ගෙන ඇත.

    මෙම ගුරුවරයා මිය යාමට පෙර ඔහු සිය දිවි නසාගන්නා බවට රතු පෑනකින් ලියූ ලිපියක් ද හමු වූ බව පොලීසිය කියයි.

    මෙම ගුරුවරයා ආකර්ෂණීය පොලියක් වෙනුවෙන් නීති විරෝධී පිරමීඩ ජාවාරමක විශාල මුදලක් ආයෝජනය කර ඇති අතර, එම මුදල නොලැබීම නිසා ඇති වූ සිත්තැවුලක් මත මෙලෙස සිය දිවි නසාගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

    තමන් පිරමීඩ ව්‍යාපාරයක විශාල මුදලක් ආයෝජනය කළ බවත්, එහි ප්‍රතිලාභ නොලැබුණහොත් සිය දිවි නසා ගැනීමට සිදුවන බවට මිතුරකුට පවසා ඇති බවත්, ඔහු මිය යාමට මාසයකට පමණ ඉහත දී මිතුරකුට පවසා ඇති බව ද වාර්තා වේ.

    ඔහු පිරමීඩ ජාවාරමක මුදල් අයෝජනය කළ බවට ඔහුගේ බිරිඳ හෝ ඥාතීන් දැන සිට නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරගැනීම සඳහා විමර්ශන සිදු කරන බවත් වළස්මුල්ල පොලීසිය පවසයි.

    හම්බන්තොට ප්‍රදේශයේ බොහෝ පිරිසක් මෙම නීති විරෝධී පිරමීඩ ජාවාරමට සම්බන්ධ වී ඇති බවත්, එම පිරිස අතර පොලිස් නිලධාරීන් ද වන බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.

    මුදල් ආයෝජනය කළ බොහෝ පිරිසකට මුදල් අහිමි වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පොලීසියට ද පැමිණිලි රැසක් ලැබී ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

    තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් මත වළස්මුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,084
    87,714
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ජාවාරම කරන ලොක්කෙක් හොයන් ගිහින් කපල මරල දාන්නෙ නැතුව නිකන් මැරෙනව පොන්නයො වගේ. රටටවත්, තමන්ටවත්, පවුලටවත් කාටවත් වැඩක් නෑ. තුක්. නෙදකින්. 🤮
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,176
    101,984
    113
    ඔය ජාවාරම කරන ලොක්කෙක් හොයන් ගිහින් කපල මරල දාන්නෙ නැතුව නිකන් මැරෙනව පොන්නයො වගේ. රටටවත්, තමන්ටවත්, පවුලටවත් කාටවත් වැඩක් නෑ. තුක්. නෙදකින්. 🤮
    උගෙ ලීඩර්ව තමා මරන්න වෙන්නෙ. කරපු උන් නන් රටෙත් නැතුව ඇති.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,814
    113
    ඉලග එක MTFE..
    හාවො ටික එකක් යනකොට ඉලගට එන එකට අහුවෙනවා :D :D
    ඇයි බං මහ බැන්කුවෙ පොන්ස් ලත් මේ පිරමිඩ මගුල් ආපු ගමන් තහනම් කරන්නෙ නැත්තෙ?
    ලොකු ගානක් එකතු වෙනකන් ඉදලා ගෙඩිය පිටින් රාජසන්තක කරන්න වෙන්න ඔනේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,354
    1
    59,572
    113
    Kaduwela
    Sanwardhana-News.gif
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඉලග එක MTFE..
    හාවො ටික එකක් යනකොට ඉලගට එන එකට අහුවෙනවා :D :D
    ඇයි බං මහ බැන්කුවෙ පොන්ස් ලත් මේ පිරමිඩ මගුල් ආපු ගමන් තහනම් කරන්නෙ නැත්තෙ?
    ලොකු ගානක් එකතු වෙනකන් ඉදලා ගෙඩිය පිටින් රාජසන්තක කරන්න වෙන්න ඔනේ
    උසාවියෙදි ඔප්පු කරන්නත් සාක්ෂි තියෙන්න ඒපැයි බන් ඒක තමයි mබැංකුවේ උන් බය.
     
    • Like
    Reactions: Naughtykolla48

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,176
    101,984
    113
    ඉලග එක MTFE..
    හාවො ටික එකක් යනකොට ඉලගට එන එකට අහුවෙනවා :D :D
    ඇයි බං මහ බැන්කුවෙ පොන්ස් ලත් මේ පිරමිඩ මගුල් ආපු ගමන් තහනම් කරන්නෙ නැත්තෙ?
    ලොකු ගානක් එකතු වෙනකන් ඉදලා ගෙඩිය පිටින් රාජසන්තක කරන්න වෙන්න ඔනේ
    හේතුව මල්න්දගෙ වීඩියෝ එකක තිබ්බ

    හැබයි හොදයි හාවො වැඩි වෙනකන් ඉදල ඔක්කොම සල්ලි ටික ගන්න එක. කොහොමත් සල්ලි දාපු උන්ටත් ඕවගෙ වැඩක් නෑනෙ. උන් කොහොමත් ඔය ටික නැති කරගන්නව පිරමීඩ නැත්තත්
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,354
    1
    59,572
    113
    Kaduwela
    මෙවුන්ට කියල වැඩක් නෑ. දැන් ආයෙ අර බොට් එකකට සල්ලි දානව
    MTFE වගේම තව ලංකාවේ පොඩි එකෙක් CodeCanyon එකෙන් ස්ක්‍රිප්ට් එකක් අරගෙන පිරමිඩ් එකක් කරනවා. 🤣