උඹල දානෙ දෙනකොට සාධුලට සොරි හාමුදුරුවන්ට සල්ලිත් දුන්නද? ගමේ පන්සලේ හාමුදුරුවො කිව්ව ලියුම් කවරෙක දාල සල්ලිත් දෙන්න කියල.


මම දහම් පාසල් ගිහිල්ල නෑ හැබැයි O/L Buddhism A තියෙනව. බුද්ධාගම ගැන මම වැඩිය දන්නෙ නෑ. දැන ගන්න ඕනෙත් නෑ. මම කාටවත් ගිනිගෙඩි දීල නෑ. මම මගේ පාඩුවෙ ජීවත් වෙන කෙනෙක්. මුදල් ගන්න එපා කියල බුදුහාමුදුරුවො කියල තියෙනව නේද? සල්ලි නොදී දානෙ දෙන්න බැරිද? සල්ලි දුන්නම වැඩි අමුතු පිනක් එනවද? ගෙදර අනිත් අයගෙ විශ්වාස බිඳින්න අකමැති නිසා අකමැත්තෙන් වුනත් දානෙ දෙන්න වෙනව මම දැන් නිරා පැත්තට ඉන්ටරෙස්ට් උනත්. බොජු බල සේනා නිසා පටන්ගත්ත අපැහැදීම තාම එහෙමමයි. වෙන මුකුත් නිසා නෙමෙයි දැන් ඉන්න ගනීන්නාන්සෙලාගෙ වැඩ කිඩ නිසා