පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu

Lizard Squad

Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    ~ හයවෙනි කොටස ~

    June 7 වෙනිදට මම ඇවිත් දවස් 4 ක් උනා, මම ප්ලෑන් කරලා තිබුනේ දවස් දෙකක් Trekking & Camping එකක් කරන්න Beas Bund වල (4 කොටසේ මම පින්තුරයක් දැම්මා මේක පටන් ගන්න තැන) ඒවුනාට වැස්සට ගමන Cancel කරන්න උනා මට. ඉතින් ඒ දවස් දෙකම The Village Stay එකට වෙලා වටපිටාවේ ඇවිදින එක තමයි කරේ.

    IMG-8433-1-3.jpg

    මේ මම හිටපු කාමරේ දකුණු පැත්තෙන් පේන හිම කන්ද :love:

    IMG-8455-1.jpg

    මේ වම් පැත්තෙන් මනාලි ටවුන් එකත් එක්ක පේන හිම කදු ටික :love:

    කලින් දවසේ ගමන් මහන්සියටත් එක්ක උදේ 9 විතර වෙනකන් නින්ද ගියා. මුණ හෝදගෙන පහල ගිහින් මුලින්ම බිව්වේ මේකක්.

    IMG-2476-22.jpg

    Honey, Lemon, Ginger Tea, හැන්දෙන් කලවම් කරලා ගත්තම මාර රසයි මේක.

    ඊට පස්සේ උදේ කෑම එක, කෑම ගැන තමයි කතාකරන්න ඕනි. The Village Stay එකේ හදන්නේ ඔක්කොම Local Foods, වෙන කෑම තියනවා අපිට Order කරලා ගන්න. එත් මම කෑවේ ඔක්කොම Local දේවල් විතරයි. මම මේ ගමක් ඇතුලේ තියන The Village Stay එකට ආවෙත් එයාලගේ ගමේ කෑම ට්‍රයි කරන්න තිබුන ආසාවට :yes:

    IMG-2400-18.jpg

    Chola Poori - මම කාපු රසම කෑම වලින් එකක් :yes:. පපඩම වගේ එකෙන් කැල්ලක් කඩලා, කඩල එකෙන් ටිකක් එකට දාල, අනිත් සුදු එකෙනුත් ටිකක් දාල කාලා ඉවර වෙලා සැරට මිරිස් කරල් කැල්ලක් හරි ළුණු කැල්ලක් හරි කටේ දාගන්න තියන්නේ, දිවට දැනෙනවා රස 10ක් විතර :P

    IMG-2404-1.jpg

    එළකිරි බල්ලෙක්. මාර Friendly මිනිස්සු ඕන කෙනෙක් එක්ක.

    කාලා ඉවර වෙලා මේ පොත බලන්න ගත්තා, පොත් රාක්කෙ තියනවා දැකල. මම කාලයක් Pending ලිස්ට් එකේ තියාගෙන හිටපු පොතක් :)

    IMG-2300-1.jpg

    බාගයයි හැබැයි කියවන්න පුළුවන් උනේ හිටපු දවස් ටිකට :(

    ටිකක් දවල් උනාම මම ගියා ඇවිදින්න, දවල්ට කෑම කාලා රෑ කෑම වෙනකන්ම ඇවිද්දා.

    IMG-9326-12.jpg

    Mall Road එකේ පෙන්නපු Street Performance එකක්, ටික වෙලාවකින් පොලිසියෙන් ඇවිත් ඔක්කොම නැවැත්තුවා :no:

    පහලින් දාන්නම් මම ට්‍රයි කරපු restaurants/Cafes ටික, හැමතැනම පින්තුර ගත්තේනම් නෑ මම. උඩ පින්තුරේ පිටිපස්සේ පේන Noodles , Chopsticks කියන දෙකත් හොදයි කෑම කන්න යනවනම්.

    Chinese Fast Food Corner Veg & Non-Veg Raju Lama
    The Corner House Restaurant & Bar
    Tibetan Phuntsok Cafe
    Renaissance Cafe
    Kyaroo House

    IMG-9336-1-13.jpg

    මෙතන අනිවාරෙන් ට්‍රයි කරන්න ගියොත්, මූ එලකිරි කොල්ලෙක්. Magic Brownies ඕනිනම් එතනින් Try කරන්න පුළුවන් :yes:

    IMG-9279-1.jpg

    The Classic 350. මේකක් පදින්න හිතාගෙන ගියාට එක කරන්න බැරි උනා :(. Rocky's Cafe එක ඉස්සරහ නවත්තලා තියනවා දැකල තමයි මේ පින්තුරේ ගත්තේ.

    හවස් වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න ගියා මෙතනට - Rocky's Cafe ;)

    IMG-9288-1.jpg

    Rocky's Cafe එකට යනගමන් ගත්ත පින්තුරයක්. දිගටම පාර දෙපැත්තේ මේ වගේ කඩවල් තමයි තියන්නේ.

    IMG-9275.jpg

    සීතලේ පලවෙනි බීර උගුර රස විදින ගමන් හවස 5ට වගේ. වැස්ස වහින්න ගත්තා මේ පින්තුරේ අරගෙන ටික වෙලාවකින්, මේ පෙන්නේ Himalayas.

    බීර ටිකත් ඉවර කරලා වැස්සත් අඩු උනාම ආපහු අවා The Village Stay එකට. ඇවිත් රස්නේ වතුරෙන් නාගෙන රෑ කෑම කන්න ගියා.

    IMG-2474-21.jpg

    Mutton thali - මේ එදා රෑ කෑම එක. මට තාමත් මතක් වෙනවා මේකේ රස, පේන සැරයක් ගානේ රස මතක් වෙනවා මේකෙනම්. පස්සේ දවසේ රෑ කෑවේ මේකෙම Chicken thali එක :love:. ලියන එකත් පොඩ්ඩක් නවත්තලා රස මතක් කරේ :P

    දෙන කෑම එක එක බත් ඇටයක් හරි නැත්තම් වෙන දේවල් හරි ඉතුරු නොවෙන්න ඉවර කරන්න ඕනි, නැත්තම් එයාලගේ ආගන්තුක සත්කාර පිළිගත්තේ නෑ වගේ තමයි හිතන්නේ. බාගෙට කාලා ඉවර කරොත් පිගාන ගන්නේ නෑ :baffled:

    එදා රෑ හොදට කාලා, ආපහු කාමරේට ඇවිත් අර රස්නේ Blanket එක ඇතුලට වෙලා සින්දුවක් අහගෙන ඉන්නකොට තමයි මේ Thread එක ලියන්න හිතිලා ලියන්න පටන් ගත්තේ :yes:

    මෙතනට යනවනම් Rohit ට කෝල් එකක් දෙන්න (Whatsapp) ලංකාවෙන් කියලා මතක් කරලා කියන්න. එළකිරි කොල්ලෙක්, වැඩකරන හැමෝම Rohit වගේම අමුත්තන්ට සැලකීම අතින් 10/10.

    IMG-2480-24.jpg




    තව එක කොටසක් වගේ තමයි ලියන්න තියන්නේ, Hampta Pass වලට ගිය ගමන ගැනයි ආපහු ලංකාවට ආපු ගමන ගැනයි. එකත් ලගදීම දාන්නම් සිංහලු.

    අවසාන කොටස මතු සම්බන්දයි :rolleyes:
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Himalayas නම් මාරම ලස්සනයි 😍
    මෙතනට යනවනම් Rohit ට කෝල් එකක් දෙන්න (Whatsapp) ලංකාවෙන් කියලා මතක් කරලා කියන්න.
    මෙහෙන් ඔය place එකට යන අනිත් අයියලත් එතන ගිහින් හාන්නෙ නැති ඔයා වගේ හොඳ මිනිස්සු උනොත්නම් හොඳයි, ලංකාවෙ යන්න ආසාවෙන් ඉන්න අනිත් අයටත් ඒ feeling/experience එක අරගන්න පුලුවන් එතකොට❤️
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    Himalayas නම් මාරම ලස්සනයි 😍

    මෙහෙන් ඔය place එකට යන අනිත් අයියලත් එතන ගිහින් හාන්නෙ නැති ඔයා වගේ හොඳ මිනිස්සු උනොත්නම් හොඳයි, ලංකාවෙ යන්න ආසාවෙන් ඉන්න අනිත් අයටත් ඒ feeling/experience එක අරගන්න පුලුවන් එතකොට❤️

    ඔව් එක ඇත්ත, අපි ගැන තියන ඉමේජ් එක තාම හොදයි .

    ලංකාවේ කිව්වම තමයි සලකන්න ගත්තේ, නැත්තම් හිතන්නේ අපි South Indiansලා කියල :angry:
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    එක දෙයක් දාන්න බැරි උනා The Village Stay ගැන, එතන තියන්නේ 5G WIFI Network එකක්. 90-100Mbps වගේ තමයි Speed එක.

    රිමෝට් වැඩ කරන්න බලාගෙන යනවනම් එතන හොද ප්ලේස් එකක් :yes:. එතනට ගොඩක් ඇවිත් හිටියේ මේ වගේ ඉන්දියන් අයයි ඊශ්‍රායල් අයයි.

    රසට කෑම ටිකක් කාලා, හවසට ඩ්‍රින්ක් එකක් දාලා, ඉන්න අය එක්ක එක්ක චැට් එකක් දාලා පාඩුවේ ඉන්න පුළුවන් :yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එක දෙයක් දාන්න බැරි උනා The Village Stay ගැන, එතන තියන්නේ 5G WIFI Network එකක්. 90-100Mbps වගේ තමයි Speed එක.

    රිමෝට් වැඩ කරන්න බලාගෙන යනවනම් එතන හොද ප්ලේස් එකක් :yes:. එතනට ගොඩක් ඇවිත් හිටියේ මේ වගේ ඉන්දියන් අයයි ඊශ්‍රායල් අයයි.

    රසට කෑම ටිකක් කාලා, හවසට ඩ්‍රින්ක් එකක් දාලා, ඉන්න අය එක්ක එක්ක චැට් එකක් දාලා පාඩුවේ ඉන්න පුළුවන් :yes:

    ලංකාවට ඇවිත් මහන්සී වගේ.... ඉතු ටිකට කල් ගියා වැඩී ඈ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Lizard Squad

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    ලංකාවට ඇවිත් මහන්සී වගේ.... ඉතු ටිකට කල් ගියා වැඩී ඈ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    වැඩ වැඩි උනා :sorry:

    ඊලග කොටස හෙට බලාපොරොත්තු වන්න :yes:
    ------ Post added on Jul 7, 2023 at 11:12 PM

    ~ හත්වැනි සහ අවසාන කොටස ~

    June 9 වෙනිදා තමයි මම ඇවිදපු අන්තිම දවස උනේ මනාලි වල. ටිකක් උදෙන් ඇහැරුනා Hampta Pass යන්න ප්ලෑන් කරලා කලින් දවසේ රෑ.

    IMG-9293-1.jpg

    මෙයා ඇවිත් හිටිය උදෙන්ම කොල්ලව බලන්න :D. පිටිපස්සේ කන්දේ පොඩියට පෙන්නේ Jogini Waterfall.

    Screenshot-2023-07-08-212315.png

    මේක තමයි ගමනේ ප්ලෑන් එක උනේ. Rohit ට කියල ආපහු බයික් එකක් ගෙන්න ගත්තා Village Stay එක ලගටම. උදේට කාලා ගමන යන්න පටන් ගත්තා මම :yes:

    Hampta Pass මම ගිය කාලේ බලන්න තියන දේවල් අඩුයි. Winter කාලෙට තමයි හොදම. Winter Sports හැම එකක්ම තියනවා ඒ කාලෙට,
    Trekking කරන අය ගොඩක් යන තැනක්. දවස් 3-4 වගේ යනවා ගිහින් එන්න. ලස්සන පැත්තක්. ආපහු ගියාම යන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ.

    මෙහෙට යන්න ටිකට් එකක් ගන්න ඕනි හම්බෙන මුල්ම checkpoint එකෙන්. අපිට එක ගන්න වෙන්නේ එතනට එන වෙන කෙනෙක්ට කියලා. මොකද online payment කරන්න තියන්නේ එකට. පාරනම් යන්න අමාරුයි, 4x4 එකක හරි bike එකක හරි ඇරෙන්න. කන්දක් උඩට තමයි පාර දිගටම තියන්නේ, පාරනම් අන්තිමයි :no:

    මනාලි වලට පෙන්නේ නැති වෙනම හිම කදු ටිකක් පෙන්න ගන්නවා උඩට යනකොට. මාර ලස්සනයි. නවත්තන්නේ නැතුව දිගටම ගියා මම උඩට. පින්තුර ගන්න බැරි උනා ඉතින් :sorry:

    IMG-9560-1.jpg

    මම එලියට වෙලා Chai එකක් බොන ගමන් ගත්ත පින්තුරයක්, මෙතන තමයි Trekking කරන අය ඔක්කොම ඇවිත් ගිමන් අරින තැන. Trek එක පටන් ගන්නෙත් මෙතන ඉදන්. දිගටම පොඩි කඩ ටිකක් තියනවා.

    IMG-9506-1.jpg

    මුලින්ම හම්බුනේ මේ ගග, හිම දිය වෙලා පහලට එනකොට වතුර මේ පාට වෙනවා කියලා තමයි දැනගන්න ලැබුනේ

    IMG-9509-1.jpg

    මේ නංගිලා දෙන්නා මොනවා කරනවද මන්දා මේ ගල් ඇතුලේ ඉදගෙන :baffled:

    IMG-9522-1.jpg

    දෙන්නෙක් කන්ද පැත්තට යන ගමන්. දවස් තුන හතරක් සීතල කදු ටිකක් මැදට වෙලා ඉදල එන්න. වම පැත්තේ තිබුන කඩේ වහල දාල තිබුන එකක්.

    මම උඩ පින්තුරේ පේන ගස් තියන එරියා එකට ගිහින් ආපහු හැරිලා අවා. එතනින් එහාට තනිකරම තිබුනේ ඒ වගේ ගස් වලින් වැහුන ලොකු කැලයක් :)

    IMG-9551.png

    එනගමන් හම්බුනා මේ දෙන්නව. කියපු කිසිම දෙයක් තෙරුනේනම් නෑ මට. හැබැයි අතින් පෙන්නලා මෙහෙම කරමු කියලා තමයි මේ පින්තුරේ ගත්තේ. වටේට හිටපු හරක් ටික පෙන්නලා මගේ මගේ කියලා අතින් පෙන්නුවා දෙන්නම මේක ගත්තට පස්සේ :D

    IMG-9553-1.jpg

    ළමයි දෙන්නගේ කෙනෙක්ගේ බල්ලා මේ. මොනවද කිව්වා Hindi වලින්, එට පස්සේ පාරට යනකන්ම මේ බල්ලා මගේ ඉස්සරහින් ගියා මේ වගේ :love:

    IMG-9556-1.jpg

    මට යන පාර පෙන්නන ගමන් :love:

    IMG-9532-1.jpg

    තව පින්තුරයක්, වම් පැත්තේ දිගටම මේ විදිහට තිබුනේ ලොකු ගලක්, කන්දකට වඩා උසයි :shocked:

    ටිකක් දවල් වෙලා මම ආපහු එන්න ගත්තා මනාලි වලට, Himalayan Bike එකේ Off Road Performance බලාගන්න හම්බුනේ මට ඒ පාරේදී :cool:. පුළුවන් තරම් පාර අමාරු තැන් වලින් දාල තමයි ආවේ. Ride එක මාර Smooth :yes:

    IMG-9565-1.jpg

    ගමන් සගයාගේ ගත්ත අන්තිම පින්තුරේ :(. මේ ආපහු මනාලි වලට එන ගමන්.

    ටිකක් හවස් වෙනකොට එන්න පුළුවන් උනා Village Stay එකට. නාලා කාලා ඇවිත් හිටපු තව අය ටිකක් එක්ක කතාවකුත් දාල මම නිදාගත්තා සීතලේ, රස්නේ බ්ලැන්කට් එක ඇතුලට වෙලා :rolleyes:

    පස්සේ දවසේ හවස තමයි බස් එක තිබුනේ ආපහු Delhi වලට. පොඩි Shopping පාරක් දැම්මා මොනවහරි ගන්න කියලා. මට හම්බුනා calfskin leather වලින් හදන බැග්, සපත්තු, ජැකට්, වොලට් විකුණන තැනක්. බඩු කොලිට්යි. මේ Cafe එකේ වම් පැත්තේ තමයි එක තියන්නේ. ටිකක් ගණන්. හැබැයි ලංකාවේ ගණන් වලට වඩා 50% අඩුයි :yes:

    හවස මට එන්න හිතුනෙම නෑ. මාර අවුලෙන් බස් එකට නැගල ආපහු ආවේ Delhi වලට :(. උදේ 8 වගේ වෙනකොට බැස්සා මම බස් එකෙන්. යන්න කලින් ප්ලෑන් කරගෙන ගියා IMAX Movie එකක් බලන්න ඕනි කියලා :). බස් එකෙන් බැහැල Uber එකක් දාගෙන මම ගියා මෙතනට. PVR Delhi තියන හොදම IMAX Theater එක කියලා තමයි කියන්නේ. පලවෙනි IMAX අත්දැකීම උනේ අලුතෙන් ආව Transformers: Rise of the Beasts එක. සිංහලුන්ට පුලුවන්නම් අනිවරෙන් ප්ලෑන් එකට දාගන්න මේකත්. රසවිදින්නම ඕනි දෙයක් IMAX :yes:

    IMG-2490-1.jpg


    ඉවර වෙලා මම අවා Airport එකට. Flight එක තිබුනේ රෑ 10.15 ට එත් මම ඇතුලට ගියා හවස 4 වෙනකොට, ලංකාවේ වගේ නැතුව කලින්ම Check-in කරා Delhi Airport එකේදී. හැබැයි කියන වෙලාවට Flight එක ආවේ නෑ :angry:. මම එහෙන් නැග්ගේ පාන්දර 1 ට. ලංකාවට බහිනකොට උදේ 4.15යි. ගමනේ එපාම උන දේ උනේ එක මට :angry:

    ඉතින් මනාලි ගමන එතනින් ඉවර වෙලා, ආපහු පුරුදු ජීවිතේට එන්න උනා. මතක් වෙන පාරක් ගානේ ආපහු යන්න හිතෙන ගමනක්. ඒ තරම් මතක ගොඩක් මටනම් ඒ ගමන. ආපහු ලගදීම ගිහින් එන්න තමයි හිතාගෙන ඉන්නේ :yes:

    පහල තියන ලින්කුවෙන් ගිහින් වියදම් ගැන බලන්න. හැමදේම දාල තියන්නේ එකේ. මට ටිකක් වැඩිපුර ගානක් ගියේ මුලින් යනකොට මෙහෙන් ගත්ත බඩු වලට. ඒවා අයින් කරලා බැලුවොත් තව ගානක් අඩු වෙයි මම දාල තියන සම්පුර්ණ ගානෙන් :yes:

    Solo Adventure Expenses - Google Sheets

    එහෙනම් සිංහලු මම කැපෙනවා. තව ගමනකින් හම්බෙමු :)

    ස්තුතියි මේ නූල බලපු හැමෝටම :love:
    ------ Post added on Jul 8, 2023 at 11:50 PM
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කීපයක්ම දැම්මා..
    අපි ආපහු සෙට් වෙලා යමු මචං.. මටත් ලොකු ආසාවක් තියෙනවා ඉන්දියා යන්න..
    ගියපු නැති තැන් ටිකක් බලමු..
    පට්ටම ත්‍රෙඩ් එක.. ලියලා තියෙනවා ෆුල් ඩීටේල්..
    එල..