මහ මුහුදේ අතරමං වූ ෂැඩොක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,018
    198,406
    113
    Colombo, Sri Lanka
    මහ මුහුදේ අතරමං වූ ෂැඩොක් සහ ඔහුගේ සුරතලා බේරා ගැනේ


    PukiD9J.jpg



    මාස දෙකක පමණ කාලයක් පැසිපික් සාගරයේ අතුරුදන්ව සිටි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන Tim Shaddock සහ ඔහුගේ සුනඛයා Bella මුදාගෙන තිබේ.
    විදෙස් වාර්තා සඳහන් කළේ පසුගිය අප්‍රේල් මාසයේ මෙක්සිකෝවෙන් ප්‍රංශ පොලිනීසියා දූපත් වෙත ගමන් කරමින් සිටි අදාළ යාත්‍රාවේ ඉලෙක්ට්‍රෝනික පද්ධතිය සති කිහිපයකට පසු බිඳ වැටී ඇති බවය.

    KGjFZnf.jpg



    ඒ අනුව නිසි මාර්ගය සොයා ගත නොහැකිව අදාළ පුද්ගලයාගේ යාත්‍රාව මුහුදේ අතරමංව තිබේ.

    එම කාලය තුළ මසුන් ආහාරයට ගෙන ඇති එම පුද්ගලයා වැසි වතුර පානය කර ඇති බව වාර්තා වෙයි.

    ට්‍රෝලර් යාත්‍රාවක් මගින් එම පුද්ගලයා සහ සුනඛයා මුදාගෙන ඇති අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් පවසා තිබේ.





    Source
    https://www.usatoday.com/story/news...escued-after-three-months-adrift/70421522007/
    Ada Derana