දුකෙන් මිදීම පිණිස දුක ඇති කළ මාරයාම සොයායැමකි

ek_rosh

Well-known member
  • May 9, 2014
    2,944
    1,888
    113
    ආලෝකය හැදිලා තියෙන්නේ ඔය හතරෙන් ද ?

    තද ත් නෑ , බුබුළු නගින්නෙත් නෑ , වැගිරෙන්නෙත් නෑ , උණුසුම්/සීතල ත් නෑ ...

    ඔය ආර්ටිකල් එකට මම නම් වැඩිය එකග වෙන්නෙ නැ. මම වෙනුවට පවතන සතර මහ දාතුවක් කතා කරනව..මම නෙවේ, දතුව තියෙන්න, එක නිසා මම නැ වගේ කතාවක්..

    මම දන්න විදිහට නම්, ඔය දාතු කියන්නෙ, අපි හිතන බවුතික ලොකය හැදිල තියෙන එලිමන්ට් නෙවේ. ඔය කියන ලෝකය එක්ස්පිරියන්ස් කරන විදිහ..එකිස්පිරියන් එකෙන් අරෙන්න, එතනින් එහා දෙයක් අපිට කතා කරන්න බැ. තවපැත්තකින්, එක්ස්පිරියන්ස් කරන දෙයම තමයි ලෝකය වෙන්නෙ, ඒ අතින් දාතු වලින් ලෝකය හදෙනව.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,764
    10,271
    113
    ඔබ රටේ තොටේ සංචාරය කළොත් ඔබට හැමතැනකම දකින්න ලැබෙන දෙයක්‌ තමයි රූපලාවන්‍ය ආයතන. අතීතයේ අපි ගමක නගරයක ඇති බාබර් සාප්පුවක්‌ මිස මෙවැනි ආයතන දැක නැහැ. රූපය වර්ණවත් කරන රූපලාවන්‍ය ආයතන, ගුවන් විදුලි ආයතනවල, රූපවාහිනී සේවාවල රූපලාවන්‍ය වැඩසටහන් ඔබගේ රූපය වර්ණවත් කිරීම සඳහා, ප්‍රභාශ්වර කිරීම සඳහා මොනතරම් වැඩසටහන් කරනවාද. මේවා මෙහෙයවන හැඩකාර පිංවත් නෝනාමහත්වරුන් මොනතරම් ආත්ම අභිමානයකින්ද මේ රූපයට උරුම ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය මුදවපු කිරිවලින්, යෝගට්‌ වලින්, පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදු මදවලින්, ක්‍රීම්, ජෙල්, ඩයි වර්ගවලින් පරාජයට පත්කරන්න උත්සහගන්නේ. ශරීරයේ දෙතිස්‌ කුණපයම ලස්‌සන කරන්න, රැළිවැටීම නවත්වන්න, කාන්තිමත් කරන්න, ඇති රෝම නැති කරන්න, නැති රෝම ඇති කරන්න, සුදු කෙස්‌ කළු කරන්න, කළු කෙස්‌ නා නා වර්ණ ගන්වන්න......

    බලන්නකෝ, ආශ්චර්යමත් ක්‍රියාන්විතයක්‌ මේක.

    මේ ක්‍රියාන්විතයේ රූපයේ හැඩගන්වලා, ඔපවත් කරලා, මෝස්‌තර විලාසිතා, විසිතුරු මාල, වළලු, මුදු පළන්දලා මේ කය අංග සම්පූර්ණ කරලා ගත්තහම මොන තරම් හැඩද. මෙවැනි හැඩකාර පිංවත් නෝනා මහත්වරුන් වයස්‌ භේදයකින් තොරව වර්තමානයේ වැහි වැහැලා. මේ අය "රීකන්ඩිශන්" කරපු තම කය දරාගෙන මහත් අභිමානයෙන් යුතුව කාලය ගත කළත් ඔබ දන්නවාද ඒ අය මොනතරම් බියකින්ද ජීවත්වෙන්නේ කියලා. තමා කෘත්‍රිමව සකස්‌කරගත් ශරීර ස්‌වභාවය, හැඩය, වර්ණය අහිමිවේය කියලා. මේ අහිමිවීම වැළැක්‌වීම සඳහා මොනතරම් මේ අය දුක්‌විඳිනවද, මහන්සි ගන්නවද.. ඒ වෙහෙස නේද දිනෙන් දින ඉහළ යන රූපවාහිනී රූපලාවන්‍ය වැඩසටහන්, රූපලාවන්‍යාගාර, විලාසිතා, ඇඳුම් මාලිගා, විසිතුරු පළඳනා යන ක්‍ෂෙත්‍ර වල දැවැන්ත වර්ධනය. මේ පිබිදීමට හේතුව ලෝකයා තුළ රූපයටත්, එහි හැඩය, වර්ණය, කාන්තිය, රිද්මය, ලාලිත්‍යය අහිමි වේය, අඩුවේය කියන බිය නිසාම ඇති වූවකි.

    වයස්‌ භේදයකින් තොරව ලෝකයා එහි ගිලනුන් බවට පත්වී ඇත. ඔවුන් මේ සොයන්නේ නැති දෙයකි. අනිත්‍ය බවට පත්වන දෙයකි, එහෙයින් ඔවුනට හිමි දුකම පමණකි. රූපලාවන්‍යාගාර, රූපලාවන්‍ය වැඩසටහන්, මුදවපු කිරි පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදුමද මේ දුකේ, අවිද්‍යාවේ සංෙ€තයන්ය. සිහිවටනයන්ය.

    යමෙක්‌ මේවායේ සේවාව සොයාගෙන යන්නේ නම් හේ අසරණයෙකි. දුකෙන් මිදීම පිණිස දුක ඇති කළ මාරයාම සොයායැමකි. ජාති, ජරා, ව්‍යාධි මරණ දුක නැතිකරගැනීම පිණිස ජාති, ජරා, ව්‍යාධි මරණ දුකම සොයායැමකි. රූපයේ ආශ්වාදය පමණක්‌ම කථාකරන අවිද්‍යාවේ හඬවල් ඔබව මේ ගාල් කරන්නේ දුකෙන් දුකටමය. දුකෙන් නිවීමට, සැනසීමට නොවේ. ඔබට මේ ජීවිතයේ නිවීම, සැනසීම අවශ්‍ය නම් ඔබ මේ අවිද්‍යාවේ හඬට සවන් නොදිය යුතුයි. එහි වහලෙක්‌ ගොදුරක්‌ නොවිය යුතුව. ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවත් මහත්ම මහත්මීන්, අනන්ත අප්‍රමානව ඔබට මුණගැසී ඇත. ඒ අය ශරීරය අස්‌වාභාවික ලෙස හැඩනොගැන්වූ, ස්‌වභාවය විකෘති කරනොගත් උදවියයි. සුදුවත් දරාගෙන, බොහොම සංවර ප්‍රසන්න, ශාන්ත ස්‌වභාවයෙන් සමාජයේ ජීවත් වෙනවා. මේ අය දැකපුවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් දිව්‍ය ලෝකයේ දිව්‍ය දිව්‍යාංගනාවනුත් මේ වගේම ඇතිය කියලා. ඔවුන් ඒ තරමටම ප්‍රසන්න සුන්දර නිසා. ඒ අයගේ රූපලාවන්‍ය තමයි බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, දාන ශීල ප්‍රතිපදාව. රූපය කියන්නේ මරණයක්‌. රූපය කියන්නේ ව්‍යාධියක්‌, රූපය කියන්නේ ඉපදීමක්‌. එහෙම දෙයකට මෝස්‌තර හැඩතල, රිද්ම දමනවා කියන්නේ මරණයකට, ඉපදීමකට, ව්‍යාධියකට මෝස්‌තර, හැඩතල, රිද්ම දැමීමක්‌. බලන්න අපි මොනතරම් අදක්‍ෂද? හැබැයි ඉතින් මේ ගැන පුදුම වෙන්න දෙයක්‌ නැහැ. අවුරුදු 80ක්‌ ජීවත් වෙලා ගෙදර ආත්තම්මා මිය ගියහම ගෙදර සාලය මැද්දෙ තිබෙන ඇගේ මිනී පෙට්‌ටිය වටේට පාට පාට විදුලි බුබුලු වැල් දමනවා. අත්තම්මාගේ ඉදුණු අවපැහැගැනුණු කොණ්‌ඩය, රැලි වැටුණු අතපය, ඉදුමුණු මුහුණ ලයිට්‌ එළියට ලස්‌සනට පේනවා. ගෙදර අය කියනවා, ආච්චි මැරුණත් මුහුණ හරි ලස්‌සනයි. මුහුණේ සිනා රැල්ලක්‌ තිබෙනවා කියලා. බලන්න අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ ආශ්වාදය කරන හැටි.

    සුදු වෙන හිසකෙස්‌වලට වර්ණ දානවා කියන්නේ,

    රැළි වැටෙන සමට, ඇහි බැමට, නියපොත්තට රූප ලාවන්‍ය කරනවා කියන්නේ මරණයකට, ව්‍යාධියකට සාත්තු කරනවා කිරීමක්‌. ඔබ හිතලා බලන්න, පතිකුළයට යන පිංවත් මනාලියක්‌ පෙරවරු 10 ට පෝරුවට නගින්න තිබෙනවා නම්, රූපලාවන්‍ය ශිල්පියා ඇයව හැඩකරන්න ගන්නේ, ඒ කියන්නේ ඇයගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වහන්න, සඟවන්න, යටගහන්න පටන්ගන්නේ පාන්දර තුනේ හතරේ පටන්. ඒ විතරක්‌ නොවෙයි. පතිනියගේ ශරීරය නිවෙන්නට, ප්‍රසන්න වෙන්න, කාන්තිමත් වෙන්න අවශ්‍ය උපදෙස්‌ පිළිපැදීම ඊට මාසයට පමණ පෙර සිටයි ඇය ආරම්භ කරන්නේ. මොකක්‌ද මේ උත්සහය. ජාති, ජරා, ව්‍යාධි, මරණ නොපෙන්වීමේ උත්සහයයි. හැබැයි මෙතනදී මනාලියට මෛත්‍රිය වැඩීම ගැනත් කියලා දෙනවා. සිත සන්සුන්ව තබාගන්න...

    බලන්නකො රූපයේ ආදීනවය සමඟින් ආශ්වාදය තළු මරමින් වමාරන මාරයා මෙතැනදී මෛත්‍රිය ගැනත් කියලා දෙනවා.

    මඟුල් ගෙදර අමුත්තෝ මැද්දේ දහවල් කාලය ලංවෙද්දී වෙහෙස, තෙහෙට්‌ටුව, අවිවේකය, දහඩිය කඳුළු හේතුවෙන් මනාලියගේ සඟවපු ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් දියවෙලා නැවත පෙනෙන්නට පටන් ගන්නවා. නැවත දහවල් කෑමෙන් පස්‌සේ රූපලාවන්‍ය ශිල්පියා මනමාලියගේ ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් ක්‍රීම්වලින් වසාදමනවා. හැබැයි ඉතින් පිංවත් මනාලිය මනාල මහත්මයාගේ නිවසට ගියහම, යට ගැසූ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔක්‌කොම පේන්න ගන්නවා. මේවා දැකලා මනමාලයා, මනමාලිය කම්පා වෙනවද? නැහැ. ගෙදර ගෙනාපු ජාති, ජරා, ව්‍යාධි, මරණ කොටම ගන්නවා. මා තුළ ඇය ඉන්නවා, ඇය තුළ මා ඉන්නවා කියා සිතා zඅපි ලුණුයි බතුයි කාල හරි ජීවත්වෙමුZ යි ගිවිස ගන්නවා. ඒ කියන්නේ මේ දුක අපි සැපයක්‌ම කරගමුයි කියන එකයි. "මගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔබ ගන්න. ඔබේ ජාති, ජරා, ව්‍යාධි, මරණ මට දෙන්න." තියෙන දුක මදිවට අනුන්ගේ දුකත් තමාගේ කරගන්නවා. විවාහය නාමයෙන් සිද්දවුනේ එක සැපයක්‌ උදෙසා දුක්‌ ගොඩක්‌ අයිතිකර ගැනීමකි. ඒ කියන්නේ ඇත්තටම ඒ ගෙනාවේ මනාලියක්‌ නොවෙයි. දුකක්‌. දුකට අයිති දෙයක්‌.

    මේ සියලු දුක්‌ කන්දරාව කුමක්‌ නිසාද හටගත්තේ. රූපය මගේ කරගැනීම නිසා. මොකක්‌ද රූපය කියන්නේ. ඔබ පිංවත් ස්‌වාමීන්වහන්සේ නමක්‌වේවා, පිංවත් පුරුෂයෙක්‌, ස්‌ත්‍රියක්‌ වේවා ඔබේ කය. උදාහරණයට ගන්න. කුමක්‌ නිසාද මේ කය පවතින්නේ. ආහාරය නිසාමයි. ජලය, බෙහෙත් නිසාමයි. කුමකින්ද මේ කය සැදී පවතින්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතූන්ගේ තද ස්‌වභාවය, වැගිරෙන ස්‌වභාවය, උණුසුම් ස්‌වභාවය, වායු ස්‌වභාවය. ඉහත ස්‌වභාවයේ ධාතූන් හතරකින් තමයි මේ කය නිර්මාණය වී තිබෙන්නේ. මේ ධාතූන් වෙන් වෙන් වශයෙන් ශරීරයේ කොතැනකවත් නැහැ. මේක පඨවිය, ආපෝ, තේජෝ,වායෝ කියලා වෙන් වෙන් වශයෙන් ගන්න බැහැ. ඔබට උදාහරණයක්‌ කියන්නම්. ඔබගේ ශරීරයේ තැනකින් මස්‌ කැබැල්ලක්‌ කඩලා ගත්තොත් එම මස්‌ කැබැල්ල තුළ පඨවි, ආපෝ තේජෝ වායෝ ධාතූන් සියල්ලම තිබෙනවා. එහි තද ගතිය පඨවි ධාතුව. එහි තිබෙන රුධිරය ආපෝ ධාතුව. එහි තිබෙන උණුසුම තේජෝ ධාතුව, පීඩනය තිබෙනවා, එමනිසා රුධිරය ගලනවා, ඒ වායෝ ධාතුව.

    ඒ කියන්නේ මස්‌ කැබැල්ල තුළ ධාතු කොටස්‌ හතරම තිබෙනවා. නමුත් අප සාමාන්‍ය ව්‍යවහාරයේදී මස්‌ කැබැල්ලට කියන්නේ පඨවි ධාතුව කියලයි. නමුත් දැන් ඔබට වැටහෙනවා ඇති මස්‌ කැබැල්ල තුළ පඨවි ධාතුව පමණක්‌ නොව, එකිනෙකට මුහුවුණු අනෙකුත් ධාතු කොටස්‌ තුනත් තිබුණු බව.

    ඔබ මුත්‍රා කෝප්පයක්‌ ගන්න. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී මුත්‍රා කියන්නේ ආපෝ ධාතුවට, නමුත් මුත්‍රා වල සියුම් කුඩු ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි පඨවිය. උණුසුම් ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි තේජෝ ධාතුව. වැගිරෙන ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි ආපෝ ධාතුව, පෙන බුබුලු නගින ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ වායෝ ධාතුව. මේ කියන්නේ මුත්‍රා වල ධාතු කොටස්‌ හතරම අන්තර්ගතව තිබුණ බවයි. අධ්‍යාත්මික හෝ භාහිර යම් රූපයක්‌ වෙතොත් සෑම රූපයක්‌ම ස්‌වභාවය ඉහත පරිදිමය. නමුත් මෙහිදී කථාකරන්නේ අධ්‍යාත්මික රූපය ගැනය. ඔබගේ කය ගැනය. දැන් ඔබට පැහැදිලිය. කය යනු රූපයකි. රූපය සෑදී තිබුණේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙනි. මේ ධාතු කොටස්‌ හතර නිතරම වෙනස්‌වෙමින් පවතින්නකි. රූපය අනිත්‍යභාවය වශයෙන් අපි දකින්නේ මේ වෙනස්‌වීමයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ වශයෙන් දකින්නේ මේ වෙනස්‌වීමයි. ලෝකයේ වේගවත්ම ක්‍රියාවලිය රූපය අනිත්‍යභාවයට පත්වන වේගයයි. ලෝකය තාක්‍ෂණික වශයෙන් මොන තරම් දියුණු වුවද, රූපය අනිත්‍යභාවයට පත්වන වේගය දැකීම පිණිස ජායාරූපයකට ගැනීමට සිතීම පවා මෝඩකමකි. මන්ද ලෝකයේ ප්‍රවේගකාරීම දෙය රූපය අනිත්‍යභාවයට පත්වන වේගය නිසාය. එය මේ මස්‌ ඇහැට දැකිය නොහැකිය. ප්‍රඥාවේ ඇසින් පමණක්‌ දැකිය හැක්‌කකි. ඒ වේගය යමෙක්‌ ප්‍රඥාවෙන් දකීද, හේ තම කයද වේගයෙන් අනිත්‍යභාවයට පත්වන රූපයක්‌ සේ දකියි. අවබෝධයෙන්ම කලකිරේ. රූපයෙන් නිදහස්‌ වේ.

    රූපයේ අනිත්‍යභාවය අවබෝධකරගත් භික්‍ෂුවට තම ප්‍රඥාවේ ඇසින් මහා ගල්කුළක්‌ එක මොහොතකින් අනිත්‍යයෙන් සියුම්භාවයට පත්කොට සුළගේ පාවී යන වායෝ ධාතුවක්‌ බවට දැකිය හැකිය. මහා සද්ධන්නත ගල්කුළක්‌ සුළඟ පාවී යන දුමක්‌ සේ දකිමින් ඒ අවබෝධය ලැබුවේ රූපයේ අනිත්‍යභාවයට පත්වන වේගයේ ප්‍රවේගයයි. මේ අනිත්‍යයේ ප්‍රවේගය දකින්නා රූපයට ඇති කැමැත්තෙන් මිදී නිස්‌සරණය ලැබීම ඒකාන්තය.

    ඉහත අකාරයෙන් සතර මහා ධාතූන් අනිත්‍යභාවයට පත්වන විට, එකිනෙක සම්බන්ධව පවතින සතර මහා ධාතූන් අතර සියුම් අවකාශධාතුවක්‌ සකස්‌වේ. මේ අවකාශ ධාතුව දැකිය හැක්‌කේ ප්‍ර+ඥාවෙන් පමණක්‌මය. මස්‌ ඇසට මේ අවකාශ ධාතුව නොපෙනේ. සාමාන්‍යයෙන් අවකාශ ධාතුව වශයෙන් හදුන්වනුයේ කන් සිදුර, නාස්‌ සිදුර, නාභිය වැනි අවකාශයන්ය. එහෙත් එය ප්‍රාථමික දැනීමකි. සැබෑ ඇතිවී නැති වී යන අවකාශ ධාතුව නිර්මානය වන්නේ එකමවිට පවතින්නාවූ සතර මහා ධාතූන්ගේ ප්‍රවේගයෙන් ඇතිවීම නැතිවීම වන විට ඇතිවන හිඩැසය. එම අවකාශය කවදාහරි අපි ප්‍රඥාවේ ඇසින්ම දැකිය යුත්තකි.

    ඔබට සරළ උදාහරණයක්‌ පෙන්වන්නම්. ඔබ මේසයක්‌ ළඟට යන්න. මේස ලෑල්ලට අඩියක්‌ පමණ උඩින් ඔබේ අත්ල තබාගන්න. එක ඇඟිල්ලක්‌ දික්‌ කරන්න. දැන් එම ඇඟිල්ල වේගයෙන් මේස ලෑල්ලට ගැටීමට සලස්‌වමින් ඉහළට ගන්න. ඉතා වේගයෙන් මෙය කරන්න. ඔබට පෙනේවී හැම මොහොතකට ඔබේ ඇඟිල්ල මේස ලෑල්ලේ වදිනබව. නමුත් ඇඟිල්ල ඉහළට යනවිට මේස ලෑල්ලේ වදින්නේ නැහැ. වේගවත් බව නිසා ඔබට මෙය දකිනන්ට බැහැ. අවකාශ ධාතුවත් ඔය වගේමයි. සතරමහා ධාතූන්ගේ වේගවත් ඇතිවීම, නැතිවීම නිසා ඇතිවන අවකාශය මස්‌ ඇහැට පෙනෙන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලියි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතූන් හතරත්, එම ධාතූන්ගේ වේගවත් වෙනස්‌වීමත් නිසා
    https://elakiri.com/threads/ප්‍රියමනාප-පෙනුමක්-ලබන්නට-නම්-🌸🌸🌿.2114570/

    මේ ත්‍රෙඩ් එකේ මම අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් බන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ඉතින් උබට තෙරුන් ගියා නම් ඒ විදියට පැහැදිලි කරන්න.
    මම දන්නවද කියල දැනගන්නද ඕනි?. එහෙම වෙනවද කියල දැනගන්නද ඕනි?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    මම දන්නවද කියල දැනගන්නද ඕනි?. එහෙම වෙනවද කියල දැනගන්නද ඕනි?
    උබ දන්නවා වගේ කතා කරපු නිසා ඇහුවේ.

    මම දන්න විදිහට නම්, ඔය දාතු කියන්නෙ, අපි හිතන බවුතික ලොකය හැදිල තියෙන එලිමන්ට් නෙවේ. ඔය කියන ලෝකය එක්ස්පිරියන්ස් කරන විදිහ..එකිස්පිරියන් එකෙන් අරෙන්න, එතනින් එහා දෙයක් අපිට කතා කරන්න බැ. තවපැත්තකින්, එක්ස්පිරියන්ස් කරන දෙයම තමයි ලෝකය වෙන්නෙ, ඒ අතින් දාතු වලින් ලෝකය හදෙනව.
    ඉතින් ඔය කියන එක්ස්පිරිය්න්ස් එක හරි මොකක් හරි වර්ගකිරීම් වලට අයිති වෙන්නේ නැති දේවල් තියනව කියලා කිව්වේ.
    ආලෝකය වගේ. ඔය කියලා තියන එක්ස්පිරියන්ස් වලින් ඒක විස්තර කරන්න බෑ
    ------ Post added on Jul 27, 2023 at 7:44 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    උබ දන්නවා වගේ කතා කරපු නිසා ඇහුවේ.

    ඉතින් ඔය කියන එක්ස්පිරිය්න්ස් එක හරි මොකක් හරි වර්ගකිරීම් වලට අයිති වෙන්නේ නැති දේවල් තියනව කියලා කිව්වේ.
    ආලෝකය වගේ. ඔය කියලා තියන එක්ස්පිරියන්ස් වලින් ඒක විස්තර කරන්න බෑ
    ------ Post added on Jul 27, 2023 at 7:44 AM
    උබ වැරදියි කියලත් දන්නව. ඔය උබ අල්ලගෙන ඉන්නෙ බේසික්ම බේසික් එක්ස්ප්ලනේශන් එකක් කියලත් දන්නව. එතනින් එහාට මට උබට දැනගන්න ඕනි නන් උදව්වක් කරන්න බෑ ඔය තියෙන තැන පෙන්නනව ඇරෙන්න.

    උබට අනුව ඇයි ඒක විස්තර කරන්න බැරි කියල තව ටිකක් ඩීටේල් කරල කිව්වොත් සමහර විට මගෙ හරි උබේ හරි අවුල තියෙන තැන හොයා ගන්න පුලුවන් වෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    [

    වැරදි කියලා දන්නවා නෙවෙයි.. උබ උබ විශ්වාස කරන දේ කොහොම හරි හරි යන්න ඕනේ කියලා හිතන් ඉන්නවා ඒක පැහැදිලි කරගන්න බැරි උනත්..
    ඉතින් අනිත් එකාට තේරෙන්නේ නෑ වගේ කතාවක් කියනව..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    [

    වැරදි කියලා දන්නවා නෙවෙයි.. උබ උබ විශ්වාස කරන දේ කොහොම හරි හරි යන්න ඕනේ කියලා හිතන් ඉන්නවා ඒක පැහැදිලි කරගන්න බැරි උනත්..
    ඉතින් අනිත් එකාට තේරෙන්නේ නෑ වගේ කතාවක් කියනව..
    නෑනෙ ඒකට තව එක්ස්ප්ලනේශන් තියෙනවනෙ ඔය මම දුන්න ලින්ක් එකේ තැන් ගොඩක. උබට අහු වෙලා තියෙන්නෙ එකක් විතරයි නෙ. ඒක මට පේනවනෙ.

    @dilann ඔයා හිතන් ඉන්න විදියට අනුව ධාතූන් තියෙනව කියල මිනිස්සු දැනගන්නෙ කොහොමද? මොන ඉන්ද්‍රියටද ඒව අහු වෙන්නෙ.
    ------ Post added on Jul 27, 2023 at 7:55 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    නෑනෙ ඒකට තව එක්ස්ප්ලනේශන් තියෙනවනෙ ඔය මම දුන්න ලින්ක් එකේ තැන් ගොඩක. උබට අහු වෙලා තියෙන්නෙ එකක් විතරයි නෙ. ඒක මට පේනවනෙ.
    මම උබ එවපු එක දැක්ක.. එකේ තියෙන්නෙත් ඒ දේම තමයි..
    ඔය කියන භූත හතරෙන් ආලෝකය විස්තර කරා නම් ඉවරයි නේ පුලුවන් නම්. බැරි නම් බෑ කියන්න ඕනේ..

    මට අහුවෙලා තියෙන්නේ බේසික් දේවල් , ඊට වඩා මාර සකිර්ණයි තමන් විශ්වාස කරන දේවල් කියලා හිත හදාගන්න තමයි වෙන්නේ.
    ඕක වෙන්නේ මැද ඉදන් බලන්නේ නැතුව ආගම කොහෙන් හරි හරි යන්න ඕනේ කියලා හිතුවම. කිසි වැරද්දක්, ගලපෙනේ නැති දෙයක් පිළිගන්න කැමති නැති කම.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    මම උබ එවපු එක දැක්ක.. එකේ තියෙන්නෙත් ඒ දේම තමයි..
    ඔය කියන භූත හතරෙන් ආලෝකය විස්තර කරා නම් ඉවරයි නේ පුලුවන් නම්. බැරි නම් බෑ කියන්න ඕනේ..

    මට අහුවෙලා තියෙන්නේ බේසික් දේවල් , ඊට වඩා මාර සකිර්ණයි තමන් විශ්වාස කරන දේවල් කියලා හිත හදාගන්න තමයි වෙන්නේ.
    ඕක වෙන්නේ මැද ඉදන් බලන්නේ නැතුව ආගම කොහෙන් හරි හරි යන්න ඕනේ කියලා හිතුවම. කිසි වැරද්දක්, ගලපෙනේ නැති දෙයක් පිළිගන්න කැමති නැති කම.
    @dilann ඔයා හිතන් ඉන්න විදියට අනුව ධාතූන් තියෙනව කියල මිනිස්සු දැනගන්නෙ කොහොමද? මොන ඉන්ද්‍රියටද ඒව අහු වෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    @dilann ඔයා හිතන් ඉන්න විදියට අනුව ධාතූන් තියෙනව කියල මිනිස්සු දැනගන්නෙ කොහොමද? මොන ඉන්ද්‍රියටද ඒව අහු වෙන්නෙ.
    මිනිස්සුන්ට සංවේදී ආලෝකය ගැන මම ඇහුවේ.
    දැන් ආයිත් අපේ ඉන්ද්රියට සංවේදී / සංවේදී නොවන දේවල් ගොඩක් තියනව කියලා වටේ ගිහින් තේරුමක් නෑ .

    ඔය කියන තද ගතිය/ ඇලෙන ගතිය / පිම්බෙන / උණුසුම් වගේ දේවල් වලින් ආලෝකය විස්තරා කරන්න පුලුවන් නම් කරපන්.
    බැරි නම් උබට බෑ කියලා පිළිගන්න ඕනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    මිනිස්සුන්ට සංවේදී ආලෝකය ගැන මම ඇහුවේ.
    දැන් ආයිත් අපේ ඉන්ද්රියට සංවේදී / සංවේදී නොවන දේවල් ගොඩක් තියනව කියලා වටේ ගිහින් තේරුමක් නෑ .

    ඔය කියන තද ගතිය/ ඇලෙන ගතිය / පිම්බෙන / උණුසුම් වගේ දේවල් වලින් ආලෝකය විස්තරා කරන්න පුලුවන් නම් කරපන්.
    බැරි නම් උබට බෑ කියලා පිළිගන්න ඕනේ.
    මහා භූතයෝ (ධාතු) කියන්නෙ ශක්තීන්ම තමා.

    ඔච්චරයි මගෙ එක්ස්ප්ලනේශන් එක ඕක තේරුන් ගන්න බැරිව වටේ යන්නෙ මම නෙවෙයි නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    @dilann ඔයා හිතන් ඉන්න විදියට අනුව ධාතූන් තියෙනව කියල මිනිස්සු දැනගන්නෙ කොහොමද? මොන ඉන්ද්‍රියටද ඒව අහු වෙන්නෙ.
    ධාතුන් නෙවෙයි,
    භෞතික පරිසරයේ තියන දේවල් මිනිස්සුන්ට experience කරන්න පුලුවන් දේවල් ගැන තමයි මිනිස්සු කතා කරන්නේ.
    ඒවා කෙලින්ම ඉන්ද්රියට සංවේදී වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. හැබැයි අත්දකින්න පුලුවන් දේවල්.

    මහා භූතයෝ (ධාතු) කියන්නෙ ශක්තීන්ම තමා.

    ඔච්චරයි මගෙ එක්ස්ප්ලනේශන් එක ඕක තේරුන් ගන්න බැරිව වටේ යන්නෙ මම නෙවෙයි නෙ.
    ඉතින් ඒ විස්තර කර ශක්තින් වලින් ලෝකේ තියන හැමදේම විස්තර කරන්න බෑ කියලා මම මුල ඉදන් කිව්වේ.
    එතනට අහුවෙන්නේ ඒක විස්තර කරපු කෙනාට තේරිච්ච ටික.
    සමහර දේවල් අහුවෙලා නෑ
    ------ Post added on Jul 27, 2023 at 8:02 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ධාතුන් නෙවෙයි,
    භෞතික පරිසරයේ තියන දේවල් මිනිස්සුන්ට experience කරන්න පුලුවන් දේවල් ගැන තමයි මිනිස්සු කතා කරන්නේ.
    ඒවා කෙලින්ම ඉන්ද්රියට සංවේදී වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. හැබැයි අත්දකින්න පුලුවන් දේවල්.
    ආලෝකය හැදෙන හැටි ඉදලම තියෙනාව. දැනගන්න ඕනි නන් කියවල බලන්න. මම දන්නවද බලන්නඕනි නන් කැමති එකක් හිතාගන්න.

    ඉතින් ඒ විස්තර කර ශක්තින් වලින් ලෝකේ තියන හැමදේම විස්තර කරන්න බෑ කියලා මම මුල ඉදන් කිව්වේ.
    එතනට අහුවෙන්නේ ඒක විස්තර කරපු කෙනාට තේරිච්ච ටික.
    සමහර දේවල් අහුවෙලා නෑ
    ------ Post added on Jul 27, 2023 at 8:02 AM

    දැන් එකපාරක් කිව්ව නේද ඒ ශක්තීන් මේ ශක්තීන් වෙනස් කියල කතාවකුත්. ආයෙ ඒව වෙන වෙනම තියනව කියලත් හිතාගෙන නෙ හිටියෙ. ඕක වෙනස් බන් උබ හිතන් ඉන්න විදියට වඩා.

    මාත් මුල ඉදලම කිව්වෙ ඒකයි. ඩෝල්ටන්ගෙ පරමාණුව ගැන විතරක් ඉගෙන ගෙන අයින්ස්ටයින් කියපුව තේරුන් ගන්න බෑ කියල. තව එක්ස්ප්ලනේශන් ගොඩක් තියෙනව ධාතූන්වලට ඔය උබ අල්ලගෙන ඉන්නෙ මුල්ම ටික.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    ආලෝකය හැදෙන හැටි ඉදලම තියෙනාව. දැනගන්න ඕනි නන් කියවල බලන්න. මම දන්නවද බලන්නඕනි නන් කැමති එකක් හිතාගන්න.

    දැන් එකපාරක් කිව්ව නේද ඒ ශක්තීන් මේ ශක්තීන් වෙනස් කියල කතාවකුත්. ආයෙ ඒව වෙන වෙනම තියනව කියලත් හිතාගෙන නෙ හිටියෙ. ඕක වෙනස් බන් උබ හිතන් ඉන්න විදියට වඩා.

    මාත් මුල ඉදලම කිව්වෙ ඒකයි. ඩෝල්ටන්ගෙ පරමාණුව ගැන විතරක් ඉගෙන ගෙන අයින්ස්ටයින් කියපුව තේරුන් ගන්න බෑ කියල. තව එක්ස්ප්ලනේශන් ගොඩක් තියෙනව ධාතූන්වලට ඔය උබ අල්ලගෙන ඉන්නෙ මුල්ම ටික.
    තේරෙන එකා ට කියන්න කියලා කිව්වේ . අරක බලලා වරෙන්, මේක බලලා වරෙන් කියලා වැඩක් නෑ .
    ත්‍රෙඩ් එකේ කියලා තියන විස්තර වලින් ලෝකේ තියන හැම දෙයක්ම ඔය මහා භූත වලින් විස්තර කරන්න බෑ .

    උබ දන්නවා , මට තේරෙන්නේ නෑ වගේ දෙයක් කියන්න ට්‍රයි කරා ට උබටත් ඒ සම්බන්දෙ කියන්න තේරෙන්නේ නෑ ඔය 4 න් .

    දැන් එකපාරක් කිව්ව නේද ඒ ශක්තීන් මේ ශක්තීන් වෙනස් කියල කතාවකුත්. ආයෙ ඒව වෙන වෙනම තියනව කියලත් හිතාගෙන නෙ හිටියෙ. ඕක වෙනස් බන් උබ හිතන් ඉන්න විදියට වඩා
    තමන්ගේ ආගම මාරම perfect කියලා හිතන් ඉන්න ගියාම වෙන දේවල් බන් ඕවා.
    ඕක තමයි ලෝකේ වටේ අලියාගේ පිටේ නැගල පියබල ආව කියලා ඔය ත්‍රිපිටකේ ම තිබ්බම, ඒකත් මොකක් හරි බයිලාවක් ගහල ශේප් කරන්න හදනේ.
    ඔහොම ආගම තමයි එකම ඇත්ත කියලා හිතං ඉන්න අයත් එකක් ඕව ගැන විවෘතව කතා කරල තේරුමකුත් නෑ . ආගම බේරගන ට්‍රයි කරනේ. අත්තක් හොයන්න නෙවෙයි. :rofl:
    ------ Post added on Jul 27, 2023 at 8:15 AM

    මාත් මුල ඉදලම කිව්වෙ ඒකයි. ඩෝල්ටන්ගෙ පරමාණුව ගැන විතරක් ඉගෙන ගෙන අයින්ස්ටයින් කියපුව තේරුන් ගන්න බෑ කියල
    ඒක තමයි බුදුහාමුදුරුවන් ටත් වෙලා තියෙන්නේ .
    ඒ කාලේ තිබ්බ සීමිත දැනුමෙන් කියල තියෙනේ ඔය දේවල්.

    දැන් ඉන්න උන් ඊට වඩා දැනුම එකතු කරගෙන තියනව අවුරුදු 2000ට පස්සේ.

    හැබැයි අදහන්නෝ අර සීමිත දැනුම තමයි සියල්ල කියන එක ඔප්පු කරන්න ට්‍රයි කරන්නව.
    ------ Post added on Jul 27, 2023 at 8:17 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    තේරෙන එකා ට කියන්න කියලා කිව්වේ . අරක බලලා වරෙන්, මේක බලලා වරෙන් කියලා වැඩක් නෑ .
    ත්‍රෙඩ් එකේ කියලා තියන විස්තර වලින් ලෝකේ තියන හැම දෙයක්ම ඔය මහා භූත වලින් විස්තර කරන්න බෑ .

    උබ දන්නවා , මට තේරෙන්නේ නෑ වගේ දෙයක් කියන්න ට්‍රයි කරා ට උබටත් ඒ සම්බන්දෙ කියන්න තේරෙන්නේ නෑ ඔය 4 න් .

    තමන්ගේ ආගම මාරම perfect කියලා හිතන් ඉන්න ගියාම වෙන දේවල් බන් ඕවා.
    ඕක තමයි ලෝකේ වටේ අලියාගේ පිටේ නැගල පියබල ආව කියලා ඔය ත්‍රිපිටකේ ම තිබ්බම, ඒකත් මොකක් හරි බයිලාවක් ගහල ශේප් කරන්න හදනේ.
    ඔහොම ආගම තමයි එකම ඇත්ත කියලා හිතං ඉන්න අයත් එකක් ඕව ගැන විවෘතව කතා කරල තේරුමකුත් නෑ . ආගම බේරගන ට්‍රයි කරනේ. අත්තක් හොයන්න නෙවෙයි. :rofl:
    ------ Post added on Jul 27, 2023 at 8:15 AM
    ඕකෙ මට බේරගන්න දෙයක් නෑ බන්. ඒකෙ පිලිවෙලකට එක්ස්ප්ලේන් කරල තියෙනව.