පහත දර්ශනය ද තිරිසන් අපායේ ඇති භයානකකම මොනවට කියා පාන උදාහරණයකි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    අපි හැදිලා තියන, අපි ජිවත් වෙන සිස්ටම් එක ඇතුලෙම තියන අනිවාර්ය දෙයකට මිනිස්සුන්ගෙන් වෙන් වෙච්ච අපායක් කිය කියා දාන ගොන් පාට් එක.
    :rofl:
    එහෙම මිනිස්සුන්ගෙන් වෙන් වෙලා කියල කියනව දැකල නෑනෙ කොතනකවත්. ඕක ගැන කියන තැනකත් කියනව මිනිස්සු ආහාරයට ගන්නව කියලත්. :rolleyes:

    සමහරවිට මනුශ්‍ය ශරීරයත් අපායක්ය, අපාය නැතිව අපිට පැවැත්මක් නැහැය, අපාය සාමාන්‍ය දෙයක්ය වගේ කාරණයක්ද දන්නෑ...
    එහෙම වෙන්නත් පුලුවන් නැත්තන් මිනිස්සු සහ තිරිසන් සත්තු ලෝක දෙකක ඉන්නව කියල හිතාගෙන ඉදල දැන් දැනගත්ත වෙන්නත් පුලුවන් ඒ දෙගෝලම එකට ඉන්නව කියල. තව මනුස්ස ලෝකෙම ඉන්නව කියන පෙරේතයොත් ඉන්නව නේද?
    ------ Post added on Jul 31, 2023 at 8:21 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,947
    163,969
    113
    එකමත් එක රටක
    එහෙම මිනිස්සුන්ගෙන් වෙන් වෙලා කියල කියනව දැකල නෑනෙ කොතනකවත්. ඕක ගැන කියන තැනකත් කියනව මිනිස්සු ආහාරයට ගන්නව කියලත්. :rolleyes:
    ආහාරයට ගන්න විතරක් නෙවෙයි බන්.
    ඔය අනිත් ජීවින් නැත්නම් මිනිස්සු කියලා උන් ටිකක් නෑ ..
    ඔය කියන බුදුන්, නිවන , ඒ කිසි දෙයක් නෑ .

    පෙනහැල්ලක් කපල මනුස්සයෙක් වෙන්න කියනවා වගේ කතාවක්.

    ඕක සිස්ටම් එකේ කොටසක් මිසක් වැරදි කරන උන් යන අපායක් නෙවෙයි. :rofl:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    අපි හැදිලා තියන, අපි ජිවත් වෙන සිස්ටම් එක ඇතුලෙම තියන අනිවාර්ය දෙයකට මිනිස්සුන්ගෙන් වෙන් වෙච්ච අපායක් කිය කියා දාන ගොන් පාට් එක.
    :rofl:

    මෙතන තියෙන්න බුදුදහමෙ මූලික හරය නොදන්නකම. බුදුදහම තියෙන්නෙ ජීවත්වෙන (වාය කියලා හිතාගෙන ඉන්න) සිස්ටම් එකෙන් ගැලවෙන්න, මිදෙන්න, නිවෙන්න. ඒකට තිරිසන් භවය අපායක් විදිහට නිර්වචනය වීම උපකාරී වෙනවා.

    Edited

    සිස්ටම් එක සදාකල් ඉදිරියට පවත්වන්න නෙමෙයි බුදුදහම පැනනගින්නෙ. සිසටම් එක ඩිස්මැන්ට්ල් කරන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,974
    1
    59,014
    113
    Mother Earth
    අපාය, දිව්‍ය ලෝකය වගේ සංකල්ප සිදුහත්කුමාරයා බමුණන්ගෙන් ඉගෙන ගත්ත දේවල්. නිවනට කිසි අදාලත්වයක් නෑ.
    මිනිස්සු තුළ බිය උපදවන්න ඇති කරපු සංකල්ප. මිනිස්සුන්ගෙ තියෙන වනචාරී බව නැති කරන්න හදපු සංකල්ප.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,947
    163,969
    113
    එකමත් එක රටක
    මෙතන තියෙන්න බුදුදහමෙ මූලික හරය නොදන්නකම. බුදුදහම තියෙන්නෙ ජීවත්වෙන (වාය කියලා හිතාගෙන ඉන්න) සිස්ටම් එකෙන් ගැලවෙන්න, මිදෙන්න, නිවෙන්න. ඒකට තිරිසන් භවය අපායක් විදිහට නිර්වචනය වීම උපකාරී වෙනවා.
    ඉතින් ඒ සිස්ටම් එකේ කොටසක් තමයි අනිත් ජීවින් කියන්නේ.
    එහෙම නැතුව අමුතු ගැලවීමක් නෑ .

    ගැලවෙන්නේ මොකෙන්ද ?
    ආගම ඇතුලේමයි ඔය සංසාර කියන කතන්දරේ කියන්නේ. අපාය , දිව්‍යලෝක කතාව කියනෙත්..

    කතන්දරේ හදල කියන කෙනාම එතනින් ගැලවෙන්න කියල දෙනවා. :rofl:
     
    • Haha
    Reactions: Tz4400

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ආහාරයට ගන්න විතරක් නෙවෙයි බන්.
    ඔය අනිත් ජීවින් නැත්නම් මිනිස්සු කියලා උන් ටිකක් නෑ ..
    ඔය කියන බුදුන්, නිවන , ඒ කිසි දෙයක් නෑ .

    පෙනහැල්ලක් කපල මනුස්සයෙක් වෙන්න කියනවා වගේ කතාවක්.

    ඕක සිස්ටම් එකේ කොටසක් මිසක් වැරදි කරන උන් යන අපායක් නෙවෙයි. :rofl:
    ඉතින් ඕකෙ අලුත් දෙයක් නෑ ඕක සිස්ටම් එකක් වෙන්නෙ කොහොමද කියන එක ගැන තමා සම්පූර්ණ අදහසම තියෙන්නෙ.

    අනික වැරදි කරපු අය අපායෙ යනව කියන්නෙ මොකද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,947
    163,969
    113
    එකමත් එක රටක
    ඉතින් ඕකෙ අලුත් දෙයක් නෑ ඕක සිස්ටම් එකක් වෙන්නෙ කොහොමද කියන එක ගැන තමා සම්පූර්ණ අදහසම තියෙන්නෙ.

    අනික වැරදි කරපු අය අපායෙ යනව කියන්නෙ මොකද්ද?
    තිරිසන් අපයාට වැටෙන්නේ ඇයි ?

    ඉතින් ඕකෙ අලුත් දෙයක් නෑ ඕක සිස්ටම් එකක් වෙන්නෙ කොහොමද කියන එක ගැන තමා සම්පූර්ණ අදහසම තියෙන්නෙ.
    ඉතින් සිස්ටම් එකෙන් ගැලවීමක් කියල දේකුත් නෑ බන්.
    ------ Post added on Jul 31, 2023 at 8:26 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඉතින් ඒ සිස්ටම් එකේ කොටසක් තමයි අනිත් ජීවින් කියන්නේ.
    එහෙම නැතුව අමුතු ගැලවීමක් නෑ .

    ගැලවෙන්නේ මොකෙන්ද ?

    ආගම ඇතුලේමයි ඔය සංසාර කියන කතන්දරේ කියන්නේ. අපාය , දිව්‍යලෝක කතාව කියනෙත්..

    කතන්දරේ හදල කියන කෙනාම එතනින් ගැලවෙන්න කියල දෙනවා. :rofl:

    ගැලවෙන්නේ දුකෙන්.

    ඒක තමයි දිලාන් නැහැ කියලා කියන, නමුත් බුදුදහමේ තියන "අමුතු ගැලවීම".
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,947
    163,969
    113
    එකමත් එක රටක
    සිස්ටම් එක සදාකල් ඉදිරියට පවත්වන්න නෙමෙයි බුදුදහම පැනනගින්නෙ. සිසටම් එක ඩිස්මැන්ට්ල් කරන්න.
    සිස්ටම් එකේ කොටසක් බන් හැමදේම . අමුතුවෙන් ඩිස්මැන්ට්ල් කරන්න දෙයක් නෑ .

    සත්තු කියන්නෙත් මනුෂ්‍යාගේ පැවැත්මේ ම කොටසක්. අමුතු අපායක් නෙවෙයි .

    ගැලවෙන්නේ දුකෙන්.

    ඒක තමයි දිලාන් නැහැ කියලා කියන, නමුත් බුදුදහමේ තියන "අමුතු ගැලවීම".
    ඔය දිගින් දිගට යන දුකක් ගැන කතන්දරේ කියන්නේ ආගමේ ම නේ බන්..
    එහෙම කියල කියනවා එතනින් ගැලවෙන ලු ..

    අපේ පැවත්ම රදාපවතින අනිත් ජීවින් ටික අපායක් ලු. :rofl:
    ------ Post added on Jul 31, 2023 at 8:31 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,974
    1
    59,014
    113
    Mother Earth
    ඉතින් සිස්ටම් එකෙන් ගැලවීමක් කියල දේකුත් නෑ බන්.
    සිස්ටම් එකෙන් ගැලවීම තමයි නිර්වාණය. එතකොට නැවත ඉපදීමක් නෑ කියලනේ කියන්නෙ. සිස්ටම් එකෙන් ගැළවෙන්න පුළුවන් මිනිස් ආත්මයක් ලැබුණොත් විතරයිලු. ඒකත් එක්තරා කතාවක් තමයි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    සිස්ටම් එකේ කොටසක් බන් හැමදේම . අමුතුවෙන් ඩිස්මැන්ට්ල් කරන්න දෙයක් නෑ .

    සත්තු කියන්නෙත් මනුෂ්‍යාගේ පැවැත්මේ ම කොටසක්. අමුතු අපායක් නෙවෙයි .

    සත්තු, මනුෂ්‍යයා, පැවැත්ම, අපාය, ගැලවීම කියන මේ සියල්ල ඉන්ටර්ප්‍රිට් කරන්න එක විදිහක් නෙමෙයිනෙ දිලාන් මේ ලෝකෙ තියෙන්නෙ. සත්වයා තුල පවතින ඉන්හෙරන්ට් ඉන්ටර්ප්‍රිටේශන් එකක් නැහැනේ. ඉනටර්ප්‍රිටේශන් එකම තමා සත්වයා සතෙක්, මනුෂ්‍යයා මනුෂ්‍යයෙක්, පැවැත්ම පැවැත්මක්, අපාය අපායක්, ගැලවීම ගැලවීමක් වෙන්නෙ.

    ඉතින් ඒ ඉන්ටර්ප්‍රිටේශන් වෙනස දකින්න පුරුදු වෙන්න වෙයි. එතකොට අමුතු දෙයක් නෑ ද, අමුතු ඉන්ටර්ප්‍රිටේශන් ගොඩක් තියද කියලා වැටහෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,947
    163,969
    113
    එකමත් එක රටක
    සිස්ටම් එකෙන් ගැලවීම තමයි නිර්වාණය. එතකොට නැවත ඉපදීමක් නෑ කියලනේ කියන්නෙ. සිස්ටම් එකෙන් ගැළවෙන්න පුළුවන් මිනිස් ආත්මයක් ලැබුණොත් විතරයිලු. ඒකත් එක්තරා කතාවක් තමයි.
    මිනිසසු කොහෙන්ද බන් අනිත් සත්තු නැති තැනක ?
    ඔය එක සිස්ටම් එකක් මිසක් මිනිස්සු ටික අමුතු උන් ටිකක්, උන් ටිකට දුකෙන් ගැලවෙනව, අකුසල් කරපු උන්න තිරිසන් අපායේ වැටෙනවා කියලා අල ගෙඩියක් නෑ . ඔක්කොම එක සිස්ටම් එකක් .

    ගැලවෙන්නේ මොකෙන්ද ?
    ඒ කතාන්දරෙත් නිකන් ආගම් කතාවක් විතරයි.

    ඔක්කොම උන් තිරිසන් අපායෙන් මිදුනොත් , ඊ ලග බුදු හාමුදුරුවෝ ඉපදෙන්නෙත් නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    මෙතන තියෙන්න බුදුදහමෙ මූලික හරය නොදන්නකම. බුදුදහම තියෙන්නෙ ජීවත්වෙන (වාය කියලා හිතාගෙන ඉන්න) සිස්ටම් එකෙන් ගැලවෙන්න, මිදෙන්න, නිවෙන්න. ඒකට තිරිසන් භවය අපායක් විදිහට නිර්වචනය වීම උපකාරී වෙනවා.

    Edited

    සිස්ටම් එක සදාකල් ඉදිරියට පවත්වන්න නෙමෙයි බුදුදහම පැනනගින්නෙ. සිසටම් එක ඩිස්මැන්ට්ල් කරන්න.
    ඕකෙ තව දෙයක් තියෙනව. ගොඩක් වෙලාවට ලන්කාවෙ මම බෞද්ධ කියන බොහෝ අය දෙමව්පියො බෞද්ධ වීම විතරයි එතනින් එහාට කන්සෙප්ට් ටික හොයන්නෙ නෑ. ඕක නිසා වෙන ආගමක් හරි වෙන රටක හරි ඉදල බුද්ධාගම ඉගෙන ගන්න අය මීට වඩා ඉස්සරහින් ඉන්නව ඒ දැනුම ගැන.

    තිරිසන් අපයාට වැටෙන්නේ ඇයි ?
    කාවද?
    ------ Post added on Jul 31, 2023 at 8:35 AM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,947
    163,969
    113
    එකමත් එක රටක
    කාවද?
    වැටිලා ඉන්න උන් ටික ඇයි එතන ඉන්නේ .?
    නිකන් තේරුමක් නැති ප්‍රශ්න අහනේ නැතුව උත්තර දෙනවානම් දීපං තෙරෙනේ නෑ වගේ බොරුව නොකර.

    දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකා උදේ ඉදන් රෑ වෙනකන් තිරිසන් අපායක් ගැන කියවනේ.
    එකෙට වැටෙන්න එපාලු.
    සතක් තව සතෙක් කන පින්තුර දදා බියකරු ලු. :lol:

    සත්තු, මනුෂ්‍යයා, පැවැත්ම, අපාය, ගැලවීම කියන මේ සියල්ල ඉන්ටර්ප්‍රිට් කරන්න එක විදිහක් නෙමෙයිනෙ දිලාන් මේ ලෝකෙ තියෙන්නෙ. සත්වයා තුල පවතින ඉන්හෙරන්ට් ඉන්ටර්ප්‍රිටේශන් එකක් නැහැනේ. ඉනටර්ප්‍රිටේශන් එකම තමා සත්වයා සතෙක්, මනුෂ්‍යයා මනුෂ්‍යයෙක්, පැවැත්ම පැවැත්මක්, අපාය අපායක්, ගැලවීම ගැලවීමක් වෙන්නෙ.

    ඉතින් ඒ ඉන්ටර්ප්‍රිටේශන් වෙනස දකින්න පුරුදු වෙන්න වෙයි. එතකොට අමුතු දෙයක් නෑ ද, අමුතු ඉන්ටර්ප්‍රිටේශන් ගොඩක් තියද කියලා වැටහෙයි.
    උබලට ලෝකේ සාමාන්‍ය දෙයක් තේරෙන්නේ නැති එක ඔය තියෙනේ බන්.
    එක්කෝ ඉති ආගම නිසා ඕන බයිලාවක් defend කරන්න යනවා.

    ගැලවීමක් ගැන කතා කරන්නේ ආගමේ නෙවෙයි ද ?
    සසාරයක් ගැන කතා කරනේ ආගමේ නෙවෙයි ද ?
    දිගින් දිගටම් යන දුකක් ගැන කියවනේ ආගමේ නෙවෙයි ද ?

    ඔය කතන්දර ටික කියල එකින් ගැලවෙන්න කියන එකනේ කරන්නේ ?

    හැම ආගමම ඕක තමයි බන් කරන්නේ .

    උබවත් කියපන දැන් තිරිසන් අපායේ ඉන්න උන් එතනට ගිහින් තියෙන්නේ ඇයි මිනිස්සු වෙනේ නැතුව ?
    ------ Post added on Jul 31, 2023 at 8:41 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ඕක සිස්ටම් එකේ කොටසක් මිසක් වැරදි කරන උන් යන අපායක් නෙවෙයි. :rofl:
    මේකට උත්තරේ දෙන්න එතකොට හරි. මොන වැරදි කරපු අය යන අපායක් කියලද හිතන් ඉන්නෙ ඩිලාන් ඒක.

    නිකන් තේරුමක් නැති ප්‍රශ්න අහනේ නැතුව උත්තර දෙනවානම් දීපං තෙරෙනේ නෑ වගේ බොරුව නොකර.
    මට උත්තර දෙන්න උඩ මම අහපු ප්‍රශ්නෙට ප්‍රශ්නයක් නැතුව ඔයා දන්න ටික කියන්න.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඔය දිගින් දිගට යන දුකක් ගැන කතන්දරේ කියන්නේ ආගමේ ම නේ බන්..එහෙම කියල කියනවා එතනින් ගැලවෙන ලු ..

    නැහැ. මේ දුක් කතන්දරේ අපි හැමෝම කියනවා. ඒක අපේ චර්යා රටා හැඩගස්සවන සියලුම ඉගැන්වීම් වල තියනවා. අපි ඉගෙනගෙන හොද රස්සා කරන්නෙ ඇයි, වෛද්‍ය විද්‍යාව දියුණු කරන්නේ ඇයි, තාක්ෂණික මෙවලම් දියුණු කරන්නේ ඇයි. අපි අරගලය කලේ ඇයි ? ලාංකිකයෝ විදිහට ජීවත්වෙන ටිකේ දුක් විඳින්න තියන අකමැත්තටනෙ. අපි කරන සියල්ලම අන්තිමට දුක තුනී කරගන්න කරන දේවල් කියලා පෙන්වන්න පුලුවන්.

    අපේ පැවත්ම රදාපවතින අනිත් ජීවින් ටික අපායක් ලු. :rofl:

    ඕකත් හැම ඉගැන්වීමකම කරනවා. අරකට වඩා මේක හොඳයි. මීට හොදයි මෙහෙම වුනොත්. හොඳ රැකියාවක් කරලා සැපවත් පැවැත්මක් ලබන්න නම් අටපාස් වෙනවට වඩා සාමාන්‍යපෙල පාස්වීම හොඳයි, ඊට හොඳයි උසස්පෙල පාස්වීම, ආ ඊට හොඳයි උපාධිය. සමාජවාදී ක්‍රමයට පවතින රටවල් වලට වඩා ධනවාදීක්‍රමයට පවතින රටවල් හොඳයි, ඒ දෙකටම වඩා ධනවාදී-සමජවාදී සංකලනයක් පවතින රටවල් වල ජීවත්වීම හොඳයි. දවස් පඩි කාරයගෙ පැවත්ම හරි දුකයි, ඒ නිසා මාස් පඩි කාරයෙක් වෙන්න, මාස් පඩි පැවැත්ම දුකයි ඒ නිසා ද්වීතික ආදායම් මාර්ග තියෙන කෙනෙක් වෙන්න, ඒ දෙකටම වඩා ව්‍යවසායකයෙක් වෙන්න ඒ පැවැත්ම තමා හොඳම ආදී විදිහට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,974
    1
    59,014
    113
    Mother Earth
    ඔක්කොම උන් තිරිසන් අපායෙන් මිදුනොත් , ඊ ලග බුදු හාමුදුරුවෝ ඉපදෙන්නෙත් නෑ .
    සොරි වෙන්න ඕන. මේක මට තේරුණේ නෑ.:D ඔක්කොම තිරිසන් අපායෙන් මිදුණ කියන්නෙ මිනිස්සු ඇරෙන්න මේ ලෝකෙ වෙන ජීවයක් නෑ කියන එකනේ (ක්ෂුද්‍ර ජීවීන් ඇතුළුව). මිනිස් වර්ගයාගෙ පැවැත්ම අනිත් සත්තුන්ගෙන් ඩිපෙන්ඩ් වෙන්නෙ කොහොමද බන් ? මිනිස් වර්ගයා ඉතිරිව තියෙද්දි බුදු කෙනෙක් ඉපදෙන්න බැරි ඇයි ?:confused:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,947
    163,969
    113
    එකමත් එක රටක
    සොරි වෙන්න ඕන. මේක මට තේරුණේ නෑ.:D ඔක්කොම තිරිසන් අපායෙන් මිදුණ කියන්නෙ මිනිස්සු ඇරෙන්න මේ ලෝකෙ වෙන ජීවයක් නෑ කියන එකනේ (ක්ෂුද්‍ර ජීවීන් ඇතුළුව). මිනිස් වර්ගයාගෙ පැවැත්ම අනිත් සත්තුන්ගෙන් ඩිපෙන්ඩ් වෙන්නෙ කොහොමද බන් ? මිනිස් වර්ගයා ඉතිරිව තියෙද්දි බුදු කෙනෙක් ඉපදෙන්න බැරි ඇයි ?:confused:
    ඇයි බන් මුන් බඩේ ඉන්න පනුවත් තිරිසන් අපායට දාල නේ. :rofl:
    ඒකයි මම මුලින්ම ඒක ඇහුවේ ත්‍රෙඩ් එකේ .

    කොහොමත් සත්තු නැතුව මේ ecosystem එක තියෙන්නේ නෑ . මේ ගස්, වාතය හැමදෙයකම තියෙන්නේ ඒ සිස්ටම් එකේ තියන විවිද දේවල් වල උදව්වෙන්.
    තනි සිස්ටම් එකක් ඇතුලේ තියන පැවැත්මට හේතු වෙන එක කොටසක් මාර භයානක අපායක් කියලා හදුන්වන එක තේරුමක් නැති දෙයක්.

    නැහැ. මේ දුක් කතන්දරේ අපි හැමෝම කියනවා. ඒක අපේ චර්යා රටා හැඩගස්සවන සියලුම ඉගැන්වීම් වල තියනවා. අපි ඉගෙනගෙන හොද රස්සා කරන්නෙ ඇයි, වෛද්‍ය විද්‍යාව දියුණු කරන්නේ ඇයි, තාක්ෂණික මෙවලම් දියුණු කරන්නේ ඇයි. අපි අරගලය කලේ ඇයි ? ලාංකිකයෝ විදිහට ජීවත්වෙන ටිකේ දුක් විඳින්න තියන අකමැත්තටනෙ. අපි කරන සියල්ලම අන්තිමට දුක තුනී කරගන්න කරන දේවල් කියලා පෙන්වන්න පුලුවන්.
    ඉතින් ඔය කියන දුක feeling එක සාමාන්‍ය දෙයක් බන්.

    ඕක බුදු උනා කියලා නැති උනේ නෑ .
    ඒකයි බුදුහාමුදුරුවෝ මහලු වෙලා ලෙඩ උනාම , ඇවිදගන බැරුව විඩාව නිව්වේ.
    ලෙඩ උනාම ඉවසගන්න බැරුව බෙහෙත් ගත්තේ.
    ඔය feeling නැති වෙන්නේ නෑ ඔය කියන නිවන් දැක්ක කියල.

    ඊට පස්සේ දුකක් නෑ කියල කතාවක් කියලා ශේප් වෙන්ව ඉතින්.
    එහෙම නැතුව ඒ ජිවිතේ නැතිවෙච්ච දුකක් නෑ .
    ------ Post added on Jul 31, 2023 at 8:52 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඕකෙ තව දෙයක් තියෙනව. ගොඩක් වෙලාවට ලන්කාවෙ මම බෞද්ධ කියන බොහෝ අය දෙමව්පියො බෞද්ධ වීම විතරයි එතනින් එහාට කන්සෙප්ට් ටික හොයන්නෙ නෑ. ඕක නිසා වෙන ආගමක් හරි වෙන රටක හරි ඉදල බුද්ධාගම ඉගෙන ගන්න අය මීට වඩා ඉස්සරහින් ඉන්නව ඒ දැනුම ගැන.

    ඔව්, අපි බෞද්ධ අනිත් අය මිත්‍යාදෘෂ්ටික කියලා අමුතු මාන්නයක් ඔලුවෙ තියාගෙන ජීවත්වෙනවා විනා, බුදුහාමුදුරුවො ඒ අපි බෞද්ධ කියන මාන්නයම ඉවත් කරවන්න ධර්මය දේශනා කරපු ශාස්තෘවරයෙක් කියන එක තේරුම් ගන්නේ නැහැ. ඒකට බැඳිච්ච අනෙක් දේ තමා බුදුහාමුදුරුවො කිව්ව දේවල් වෙරිෆයි කරගන්න බුදුහාමුදුරුවොම කියලා දුන්නේ සතරසතිපට්ඨානය, ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය ජන ජීවිතයෙන් ඈත් වෙලා තියන එක.

    හෙළයෙක් සඳහන් කරපු ඒ අය සූත්‍ර කියවනවා, අටුවාව පරිශීලනය කරනවා. භාවනාව පුරුදු කරනවා. ඉතින් ඒ අය ධර්ම දැනුමෙන් සාම්ප්‍රදායික ලාංකික බෞද්ධයාට වඩා ඉදිරියට යනවා.