දත් හිරි වැටෙනවා සිංහලයෝ

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන්ලා පොඩී අවුලක්. මේලගදි ඉදන් මම සමහර පැණි රසවර්ග කෑවම මගේ වැම්පැත්තේ දත් කීපයක් හිරි වැටේනවා. සීතල, උණුසුම් කෑම කෑවට කිසි අවුලක් නෑ. චොකලට් කද්දි තමයි මේ හිරි වැටිල්ල දරුණුවටම එන්නේ. හැබැයි කිට්කැට් කද්දි කිසි අවුලක් නෑ.පිටරට කිසිම චොකලට් වර් ගයක් කෑවට කිසිම අවුලක් නෑ. ලංකාවේ හදන රිස්බරි, කැන්ඩොස් චොකලට් පොඩි කෑල්ලක්වත් කන්න බෑ බන්. චොකෝ එක දියවෙලා තියෙද්දි කෑවොත් දත්වල ඇලෙනවනේ. එතකොට නම් තදටම හිරි වැටෙනවා. හැබැයි පෙබල්ස්, චොකලට් බෝල කද්දි අවුලක් නෑ. නිකං සීනී කෑවත් අවුලක් නෑ. හකුරු කෑවත් අවුලක් නෑ. මම මීපැනි ටීකක් දත්වල ගෑවා. ඒත් අවුලක් නෑ. අද මම තලගුලියක් කෑවා. ඒක කද්දිත් එකේ පැණි රසට දත් හිරි වැටුනා. අමු අඹයක්, ඇඹරැල්ලා ගෙඩීයක්, බිලින් ගෙඩියක් කෑවට කිසිම හිරිවැටිල්ලක් නෑ. මේ මොන උට්ටක් වේගෙනද එන්නේ කියලා දන්න එකෙක් කියපන්. :dull:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඉතින් බන් මම මෙච්චර කල් ලංකාවේ චොකලට් කෑවානේ. කිසි අවුලක් තිබුනේ නෑ. දැන් නම් ලංකාවේ හදන චොකලට් කන්නම බෑබන්. කොස්ට් කටින් කරන්න ඕනි නිසා මුන් මේවා මොනවා දාලා හ්දනවද දන්නෙ නෑ :dull:

    lankawen yanna kale hari kiyala kiyanne
    එහෙම යන්න බෑ බන්. රනිල් ස;ට ඡන්දෙ දෙන්න අපි මෙහෙ ඉන්න ඕනි
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මගෙත් එහෙමයි ලගදි ඉදලා. ඇබුල් සීතල පැනිරස ඒවා කද්දි තමයි වෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,944
    113
    Mother Earth
    දත් දිරලා. උබ පැණි රස කාල රෑට දත් මදින්නෙ නැතුව නිදා ගන්නවනේ. සීනි කෑම නවත්තපන්. එනමල් එක ඩැමේජ් වුණාමයි ඔහොම වෙන්නෙ. යකඩ ඌණතාවය තියෙනව නම් දත් කහ ගැහෙනවා. එතකොටත් දත් සවුත්තු වෙනවා. calcium, Iron, Vitamin-C, omega 3, vitamin-A,B,E අඩංගු ආහාර කාපන්. උණු වතුර, ගොඩක් සීතල වතුර බිව්වමත් එනමල් එක ක්‍රැක් වෙනවා.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    දත් දිරලා. උබ පැණි රස කාල රෑට දත් මදින්නෙ නැතුව නිදා ගන්නවනේ. සීනි කෑම නවත්තපන්. එනමල් එක ඩැමේජ් වුණාමයි ඔහොම වෙන්නෙ. යකඩ ඌණතාවය තියෙනව නම් දත් කහ ගැහෙනවා. එතකොටත් දත් සවුත්තු වෙනවා. calcium, Iron, Vitamin-C, omega 3, vitamin-A,B,E අඩංගු ආහාර කාපන්. උණු වතුර, ගොඩක් සීතල වතුර බිව්වමත් එනමල් එක ක්‍රැක් වෙනවා.
    දත් මදිනවා බන්. දත් මැදලා වැඩිවෙලාද කොහෙද
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචන්ලා පොඩී අවුලක්. මේලගදි ඉදන් මම සමහර පැණි රසවර්ග කෑවම මගේ වැම්පැත්තේ දත් කීපයක් හිරි වැටේනවා. සීතල, උණුසුම් කෑම කෑවට කිසි අවුලක් නෑ. චොකලට් කද්දි තමයි මේ හිරි වැටිල්ල දරුණුවටම එන්නේ. හැබැයි කිට්කැට් කද්දි කිසි අවුලක් නෑ.පිටරට කිසිම චොකලට් වර් ගයක් කෑවට කිසිම අවුලක් නෑ. ලංකාවේ හදන රිස්බරි, කැන්ඩොස් චොකලට් පොඩි කෑල්ලක්වත් කන්න බෑ බන්. චොකෝ එක දියවෙලා තියෙද්දි කෑවොත් දත්වල ඇලෙනවනේ. එතකොට නම් තදටම හිරි වැටෙනවා. හැබැයි පෙබල්ස්, චොකලට් බෝල කද්දි අවුලක් නෑ. නිකං සීනී කෑවත් අවුලක් නෑ. හකුරු කෑවත් අවුලක් නෑ. මම මීපැනි ටීකක් දත්වල ගෑවා. ඒත් අවුලක් නෑ. අද මම තලගුලියක් කෑවා. ඒක කද්දිත් එකේ පැණි රසට දත් හිරි වැටුනා. අමු අඹයක්, ඇඹරැල්ලා ගෙඩීයක්, බිලින් ගෙඩියක් කෑවට කිසිම හිරිවැටිල්ලක් නෑ. මේ මොන උට්ටක් වේගෙනද එන්නේ කියලා දන්න එකෙක් කියපන්. :dull:
    Dentist කෙනෙක් ගෙන් අහන්න ඕනේ ඒවා මේකේ ඉන්න උන්ගෙන් අහන්නේ ඇයි බං. උබේ ලෙඩේ හොයන එකම dentist කෙනෙක් වෙන රටක නම් ලොකු ගාණක් ගන්න එකක්. මෙහෙ ගනනක් නැති වුණාට.