මම පොඩිකතාවක් කියන්නං
මට Sri Lankan doctors dinner night එකේදි සහෝදරියක් මුන ගැහුනා. එයා consultant gastroenterologist කෙනෙක්. හරිම තරුනයි. මම ඇහැව්වා ඔයා කොහේද MBBS කියලා. මොකද මලාට ලංකාවේ ඒ වයසෙදි ඒ ලෙවල් එකට එන්න බැහැ. බලනකොට monash Malaysia තමයි මෙඩිසින් එතනින් කෙලින්ම ඔස්ට්‍රේලියාවට AMC ඕනි නැහැ. Intern එකත් එහේ.
එතකොට මට මතක් උනේ දෙයියනේ මේ Monash එක ආවේ ලංකාවටනේ. අපේ වමේ දේශපාලන පක්ෂ ටික as usual බයවෙලා අද්යාපනය පෞද්ගලීකරණය කියලා මේක එලවගත්තා. මැලේසියාව ඒක ගත්ත. ඒ රටටත් සල්ලි සහ ඒ සියලුම ඩිග්රි ඔසීවලට සමානයි. ඉංග්රිඕනිත් නැහැ. ලංකාවෙන් පිටට ගිය සල්ලි කීයක් ලංකාවේ ඉතුරු වෙනවද. ලංකාව ඇතුලට කීයක් එනවද. මේවා මහ පට්ට මෝඩ තීරන. හින මානය නිසා තියෙන බය. Monash එක ලංකාවට ආවනං රට ගිය කීදෙනෙක් ලංකාවෙ ඒ ඩිග්රි ටික කරනවද. දැං ඔහෙලා හිතන්නේ උං ලංකාවේ රජයේ රස්සාවල් ගන්න මේ දූපතේ ලගිනවා කියලද
කෙනෙක්ට වෛද්‍යවරයෙක් වෙන්න කැමති නං ඒකට බොක්කෙන්ම ට්‍රයිත් නං සල්ලිත් වියදං කරන්න පුලුවනුත් නං ඇයි ඒකට විරුද්ධ ? ප්රශ්නය කොලිටිනං රජයේ වගකීම ඒවට නියාමනය යොදන එක.
මමත් නිදිහස් අධ්‍යාපනය හරහා ඉගෙන ගත්ත කෙනෙක්. මමත් දිස්ත්‍රික් කෝටා එකට වෛද්‍ය විද්‍යාලයට ගිය කෙනෙක්. මම අනුරාධපුරෙන් medicine යද්දි කොලඹ ලමයි හිටියා මට වඩා වැඩි ලකුණු ගත්ත යන්න බැරිඋන. එතකොට උන් මෝඩයොද? එහෙම ඉගෙනගන්න ආසාවක් තියෙන කෙනෙක්ට ඉගෙනගන්න මාර්ගය අහුරන්න කියන්න තරං කුහක වෙන්න මට පුලුවංකමක් නැහැ.
මෙඩිසින් කියන්නේ තමුන්ට පිලිවෙලකට පාඩං කරන්න පුලුවං නං පාස්වෙන්න පුලුවං විෂය පතයක්. ඒකට humanity empathy එකතු කරන්න පුලුවං නං පට්ට චරිතයක් වෙන්නත් පුලවං විෂයක්. මම කතා කරන්නේ මෙඩිසින් ගැන විතරයි මොකද ඒක මම දන්න දේ නිසා.
දැං ඉතිං මාව පෙති ගහන්න හැබැයි ඉතිං ඇත්ත තමයි ඔය මම කියලා තීන්නේ. මේපහත දේවල් වලට නං කීයටවත් එකඟ වෙන්න බැහැ.අධ්‍යාපනය මානව අයිතියක්. මුදල් ගෙවලා හරි නොගෙවා හරි ගන්න ඕනිම මනුස්සයෙක්ට අයිතිය තීනවා.
Manjula Rathnabharathie