චතුරංග අබේසිංහ මෝඩ ජෙපි බේබි හාමු ලිඳේ 
දේශීය ණය ප්‍රශස්තකරණය (DDO) ක්‍රියාවලියට අනුකූලව EPF හි පොලී අනුපාතය 9% දක්වා සීමා කිරීමට රජය තීරණය කර තිබුණා.
මෙම තීරණය තුළින් EPF අරමුදලේ දායකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිශ්ප්‍රභ කර තිබෙනවා.
- https://www.hirunews.lk/344464/epf-හි-පොලී-අනුපාතය-9-දක්වා-සීමා-කිරීමෙන්-මූලික-අයිතිවාසිකම්-උල්ලංඝනය-නොවේ-අධිකරණය-තීන්දුකරයි
සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී ගෙවනු ලබන පොලිය 09% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයකු
වන චතුරංග අබේසිංහ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
මෙම පෙත්සම ඊයේ (10) සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ එහි මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් මහතා කියා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඉකුත් ජුනි මස 28 වනදා අමාත්‍ය මණ්ඩලය මඟින් සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එම යෝජනාවලට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ද අනුමැතිය හිමි වී ඇති බවය.
ඒ අනුව අදාළ යෝජනා විධිමත්ව ව්‍යවස්ථාදායකය හමුවේ අනුමත වී ඇති බැවින් ඒ පිළිබඳ අධිකරණය හමුවේ කරුණු සලකා බැලීමට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දි තිබේ.
සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස කරුණු දක්වා ඇත.
එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව එම කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.
සේවක අර්ථසාධක අරමුදල විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල සිදුකර තිබෙන ආයෝජන සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය 12% සිට 09% දක්වා අඩු කිරීමට එකඟ නොවන්නේ නම් 30%ක බද්දක් පැනවීමට සිදුවන බවට රජය විසින් කර තිබෙන ප්‍රකාශය අතිශය සාහසික බව ද ජනාධිපති නීතිඥවරයා ඊයේ චෝදනා කර තිබිණි.
ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.
අද (11) දෙවන දිනටත් පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදුවිය.
කරුණු සලකා බැලීම අවසන්වීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කරන බවය.
- https://sinhala.adaderana.lk/news/185386

දේශීය ණය ප්‍රශස්තකරණය (DDO) ක්‍රියාවලියට අනුකූලව EPF හි පොලී අනුපාතය 9% දක්වා සීමා කිරීමට රජය තීරණය කර තිබුණා.
මෙම තීරණය තුළින් EPF අරමුදලේ දායකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිශ්ප්‍රභ කර තිබෙනවා.
- https://www.hirunews.lk/344464/epf-හි-පොලී-අනුපාතය-9-දක්වා-සීමා-කිරීමෙන්-මූලික-අයිතිවාසිකම්-උල්ලංඝනය-නොවේ-අධිකරණය-තීන්දුකරයි
EPF පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
August 11, 2023 03:49 pmසේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී ගෙවනු ලබන පොලිය 09% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයකු
වන චතුරංග අබේසිංහ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.මෙම පෙත්සම ඊයේ (10) සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ එහි මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් මහතා කියා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඉකුත් ජුනි මස 28 වනදා අමාත්‍ය මණ්ඩලය මඟින් සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එම යෝජනාවලට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ද අනුමැතිය හිමි වී ඇති බවය.
ඒ අනුව අදාළ යෝජනා විධිමත්ව ව්‍යවස්ථාදායකය හමුවේ අනුමත වී ඇති බැවින් ඒ පිළිබඳ අධිකරණය හමුවේ කරුණු සලකා බැලීමට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දි තිබේ.
සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස කරුණු දක්වා ඇත.
එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව එම කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.
සේවක අර්ථසාධක අරමුදල විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල සිදුකර තිබෙන ආයෝජන සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය 12% සිට 09% දක්වා අඩු කිරීමට එකඟ නොවන්නේ නම් 30%ක බද්දක් පැනවීමට සිදුවන බවට රජය විසින් කර තිබෙන ප්‍රකාශය අතිශය සාහසික බව ද ජනාධිපති නීතිඥවරයා ඊයේ චෝදනා කර තිබිණි.
ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.
අද (11) දෙවන දිනටත් පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදුවිය.
කරුණු සලකා බැලීම අවසන්වීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කරන බවය.
- https://sinhala.adaderana.lk/news/185386
Last edited:
) ... inflation ekata rate ekak add karalawath neme (meka add karaganna puluwan nam maru
) ... so eka ape salli wenne ara conditions anuwa withdraw karama thama... ekane invest karanne koheda mona walatada kiyala apita kiyannath ba ahanneth na 