උබ කියන කතාව හරි.
@dilann කියපු එකත් හරි.
ඔය උබ කියන එකයි මම කියන කතාවයි අතර නොගැළපීමක් නෑ. වැඩේ තියෙන්නෙ මම කිව්වෙ මොකක්ද කියලා Dilan ටයි Siri Ayya වගේ කීපදෙනෙක්ටයි හොඳටම තේරුණා. උබ misunderstand කරගත්තා. උබට දෙයක් තේරුම් ගන්න හැකියාවක් තියෙනව කියල මම හිතන නිසා පැහැදිලි කරන්නං. අනිත් low IQ පොන්නයො(ත්‍රෙඩ් එක දාපු එකා ඇතුලුව) ගොඩක් ඉන්නව මේකෙ මම පැහැදිලි කරන්න යන්නෙ නෑ වැඩක් නැති නිසා.
IT වල ඉන්න උන්ට හැකියාවක් නෑ කියල මම කියල නෑ කොහේවත්. හැකියාවක් නැත්තං ජොබ් කරන්න තෝරලා ගන්නෙ නෑනෙ. IT field එකේ එක එක අයට එක එක හැකියාවල් තියෙනවා.(හරිම වචනෙ නිපුණතා : skills) ඒව අපිට නෑ. අපිට තියෙන නිපුණතාව ඒ අයට නෑ. දොස්තරලට තියෙන නිපුණතා අපි දෙගොල්ලටම නෑ. අපි දෙගොල්ලට තියෙන නිපුණතා දොස්තරලට නෑ. මම කිව්වෙ “අමුතු/විශේෂ” හැකියාවක් නෑ කියලා. නිකන්ම නිකන් සාමාන්‍ය හැකියාවක්, මම කරන ජොබ් එකත් එහෙම තමයි.
විශේෂ හැකියා තියෙනව කියන්න පුලුවන් අයින්ස්ටයින්, ස්ටීවන් හෝකින් වගේ අයට.
දැන් මෙතන මේ කතාව ආවෙ IT අයගෙ සැලරි එක්කනෙ. මම කිව්වා “ලංකාවේ IT field එකේ අයට ලංකාවෙ වෙන ෆීල්ඩ් වලට සාපේක්ෂව වැඩි පඩියක් ගෙවන්නෙ IT වල ඉන්න අයගෙ අමුතු හැකියාවක් නිසා නෙවෙයි. ඒකට හේතුව ලංකාවෙ IT field එකේ අය වැඩ කරන්නෙ පිටරට වලට වීමත්, ලංකාවෙ කරන්සිය බලු නොවටින නිසා පිටරටින් පොඩි ඩොලර් ගානක් හම්බුණත්(නැතත්) රුපියල් වලින් ලැබෙන ගාන වැඩි නිසා” කියන එක.
ඉතින් අදටත් ඒ කතාවෙ කිසිම වෙනසක් නෑ. තව අවුරුදු දහයකින් මේක බම්ප් කරත් ඒ කතාවෙ වෙනසක් වෙන එකක් නැතිවෙන්න ඉඩ තමයි වැඩි. වැලපෙන අයට වැලපෙන්න පුලුවන්. හෑලි ලියන්න පුලුවන්. හෑලි ලිව්වත්, නැතත්, කවුරුහරි ඒ කතාවට අකමැති උනත්, කැමති උනත්, කාටහරි රිදුණත්, නැතත් කොටින්ම මට ඕන උනත් නැතත් ඒකෙ කිසිම වෙනසක් වෙන්නෙ නෑ. මොකද ඒක fact එකක්. ඔය උඩ දේවල් මත වත් මට ඕන උනා නැතා වත් ඒකෙ හරි වැරැද්ද රඳා පවතින්නෙ නෑ.
ඔය තියෙන්නෙ. අන්න ඒ අදහස තමයි මම කිව්වෙ. කීප දෙනෙකුට තේරුණා. නැති සමහරුන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්න බෑ. (ඉතින් ඒකම ඇති මම කියපු කතාව කන්ෆර්ම් කරගන්න

ඒකවත් තේරුම් ගන්න බැරිවෙලත් ලොකු ගාණක් අතට හම්බවෙනව කියන්නෙ අරක තමා කොහොමත් රීසන් එක)
------
Post added on Aug 17, 2023 at 5:37 PM