සමථ භාවනා - 01 - (සුදුසු ගුරුවරයෙකු නොමැතිව කිරීම බෙහෙවින් අනතුරුදායකය)

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,093
    2,982
    113
    ::0
    elakiri.com
    භවනා මුලික වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුලුවන්, එනම්;
    1. ස(ශ)මථ භාවනා
    2. විදර්ශනා භාවනාවයි.
    අද මෙහි පලමුව විස්තර කරනුයේ සමථ භාවනාව පමණි.

    සමථ භාවනාවෙන් සිදු කළ හැකි උසස් දෙය ධ්‍යාන ලබා මරණින් මතු බඹලොව ඉපදීම ය. සමථ භාවනාවෙන් සමාධිය දියුණු කර ගත කල්හි විදසුන් වඩා මඟ පළ ලැබීම පහසු ය. සමාධිය නැති තැනැත්තාට එය අපහසු ය. එබැවින් බොහෝ යෝගීහු පළමු කොට සමථ භාවනාවක් කොට සමාධිය හා ශ්‍ර‍ද්ධාදිය දියුණු තියුණු කර ගෙන පසුව විදර්ශනා කෙරෙති.

    කිසියම් කුසලාරම්මණයක් මූලිකකොට ගෙන කාමච්ජ්න්දදි නීවරණ (විරුද්ධ ධර්ම ) සමථයට පත්කිරිම සදහා වඩන භාවනාව සමථ භාවනාව යනුවෙන් හැදින්වේ.මෙම භාවනාව වැඩීමෙන් රූපාවචර හා අරූපාවවර ධ්‍යාන ලැබීමටද, සිව්වර රුපාවචර ධ්‍යානය පාදක කරගෙන අභිඥා දැබිමටද හැකිය.සම සතලිස් කර්මස්ථාන යනුවෙන් ප්‍රකට සමථ භාවනා කමටහන් (කීයාකාරකම්) හතලිහක් ඇත.

    1. දස කසින.

    කසින යන්නෙන් සියලු නොහොත් සම්පුර්ණ යන තෙරුම දේ, එය රුපාවචර ධ්‍යාන ලබනු පිනිස යොගවචරයන් විසින් ස්වභාවිකව පරිසරය ආශ්‍රයෙන් සකසා ගනු ලබන උපකරණයකි. එසේ සකසා ගන්න කසින දහයක් ඇත.

    1. පඨවි කසිනය
    2. ආපෝ කසිනය
    3. තෙජෝ කසිනය
    4. වායෝ කසිනය
    5. නීල කසිනය
    6. පීත කසිනය
    7. ලොහිත කසිනය
    8. ඔදාත කසිනය
    9. ආකශ කසිනය
    10. ආලොක කසිනය

    2. දස අසුභ

    සිවභාවිකව දීරා යන මෘත ශරිරයක අවයව අවස්ථා දහයක් දස අසුභ නමින් හැදින්වේ.

    1. උද්ධුමාතක අසුභය
    2. විනීලක අසුභය
    3. විපුබ්බක අසුභය
    4. විචිජිද්දක අසුභය
    5. වික්ඛායිතක අසුභය
    6. වික්ඛිත්තක අසුභය
    7. හතවික්ඛිත්තක අසුභය
    8. ලොහිත අසුභය
    9. පුලවක අසුභය
    10. අට්ඨික අසුභය

    3. දස අනුස්සතී.

    අනුස්සතී යනු නැවත නැවත සිහිකිරීමයි.(සිමෘති ) නැවත සිහිකිරිමම නැවත නැවත උපදින බැවින් අනුස්සති යනු නිරුක්තියයි. එම අනුස්සති දහය පහත දැක්වේ.

    1. බුද්ධානුස්සති
    2. ධම්මනුස්සති
    3. සංඝානුස්සති
    4. සීලානුස්සති
    5. චාගනුස්සති
    6. දෙවතානුස්සති
    7. මරණානුස්සති
    8. කායගතාසති
    9. ආනාපානසති
    10. උපසමානුස්සති

    4. සතර බ්‍රහ්ම විහරණ

    බඹ විහරණ මෙනෙහි කිරීම බ්‍රහ්ම විහරණ භාවනාව නම් වේ. බ්‍රහ්ම විහරණ යනුවෙන් හදුන්වන්නේ ශ්‍රෙෂ්ඨ වුද, නිර්දෝශ වුද පැවත්මය්. එනම්;

    1. මෙත්තා බ්‍රහ්ම විහරණ
    2. කරුණා බ්‍රහ්ම විහරණ
    3. මුදිතා බ්‍රහ්ම විහරණ
    4. උපෙක්ඛා බ්‍රහ්ම විහරණ

    5.සතර අරුප්ප.

    රුප නැතිතේ අරුප්ප නම් වේ. අරූප නිමිත්තක් අරමුනු කරගෙන භාවනා කිරිමෙන් ලබන ධ්‍යානය හෙවත් අරූපාවඡර ලොකයක උපත ලබන්නට හෙතුවන ධ්‍යානය අරූපාවචර ධ්‍යානය නම් වේ.
    එබදු ධ්‍යාන හතරක් ඇත.

    1. ආකසානඤ්චායතනක
    2. විඥානඤ්චායතනය
    3. ආකිඤ්චඤ්ඤායතනය
    4. නේවසංඥානාසංඥායතනය

    6. ආහාරයේ පටික්කුල සංඥාව

    ආහරයෙහි පිලිකුල මෙනෙහි කිරීම මෙහි තෙරුමයි. එක සංඥා යනුද එයටම නමකි.

    7. චතුධාතු වවත්ථානය.

    පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු සතර මෙනෙහි කිරීම මෙහි තෙරුමයි. ධාතු මනසිකාර සහ ඒක වවත්ථාන ලෙස හදුන්වන්නේද මෙයයි.

    --

    ​
    ඉදිරියෙදී මෙම සථලිස් කමතහන් භාවනා කරන ආකරය පැහැදිලි විස්තර සහිතව ඉදිරිපත් කරන්නේමු.

    (මෙය ඔබගේ දහම් දැනුම සදහා පමනි,ඕනැම අයකුට මෙය නැවත පලකිරිමට අවසර ඇත, මා මෙය "බෞද්ධ භාවනා ක්‍රම - දයිනික පුහුනුව සදහා න්‍යාය අහ්‍යාස" නම් පොතෙන් උපුටා ගත්තකි. සියලු පින් කතෘ කෝන්වැවේ අරියරතන හිමි හට හිමිවේවා, අකුරු කල මාහටද දහම් දැනුම / භාවනා ඉගනිමට මෙය හේතුවාසනා වෙවා! )

    දසකසින අභ්‍යාස සුදුසු ගුරුවරයෙකු නොමැතිව කිරීම බෙහෙවින් අනතුරුදායක බවට සාක්ෂි.

    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,366
    15,492
    113
    දසකසින අභ්‍යාස සුදුසු ගුරුවරයෙකු නොමැතිව කිරීම බෙහෙවින් අනතුරුදායක බවට සාක්ෂි.

    :shocked::shocked:
     
    • Like
    Reactions: NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,093
    2,982
    113
    ::0
    elakiri.com
    දසකසින අභ්‍යාස සුදුසු ගුරුවරයෙකු නොමැතිව කිරීම බෙහෙවින් අනතුරුදායක බවට සාක්ෂි.

    :shocked::shocked:
    මෙවගේ භාවනාවක් කරන්න හිතන් ඉන්නවනම්, මිට කලින් කරන්න ඔන වත් පිලිවෙත් ටිකක් තියනවා, දැන් ටයිප් කරන්න ටිකක් අමාරුයි, වෙනම ලිපියකින් එ ටික දාන්නම්.

    අනිත් එක තමයි ලග කාටහරි කියලා මෙවගේ දෙයක් කරන්න, පුලුවන් නම් මෙක පොඩ්ඩක් අත් හදාබලලා තමන්ට නොගැලපෙනවා වගේ නම් හොදම දේ තමයි නවත්තන එක.
     
    • Like
    Reactions: italymad and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,233
    113
    Mother Earth
    මම ඉස්සර බලපු program එකක තට්ටයෙක් ඇවිත් හිටියා. ඌ කියනවා ඌ භාවනා කරල වැඩි වෙලා උට බලන බලන තැන බුදු පිළිම පේන්න ගත්තලු. පස්සෙ මානසික රෝග වලට ප්‍රතිකාර කරාලු. :lol:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,093
    2,982
    113
    ::0
    elakiri.com
    මම ඉස්සර බලපු program එකක තට්ටයෙක් ඇවිත් හිටියා. ඌ කියනවා ඌ භාවනා කරල වැඩි වෙලා උට බලන බලන තැන බුදු පිළිම පේන්න ගත්තලු. පස්සෙ මානසික රෝග වලට ප්‍රතිකාර කරාලු.
    කදුඹොඩ සීවලි හමුදුරුවන් වහන්සේටත් සිහි විකල් වෙලා පස්සේ හොද වෙලා, අපහු තික කාලෙකට පස්සේ පපුවේ අමරුවකින් අපවත් වෙලා තියනව කියලා ඔය වීඩියෝ එකේ නා උයනේ අරියධම්ම ස්වාමින්වහනේ පැහැදිලිකිරිමක් කරනවා. මන් එකමයි එ වීඩියෝ එක දැම්මෙත්. (listen 1st minute of this video)
     
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,233
    113
    Mother Earth
    කදුඹොඩ සීවලි හමුදුරුවන් වහන්සේටත් සිහි විකල් වෙලා පස්සේ හොද වෙලා, අපහු තික කාලෙකට පස්සේ පපුවේ අමරුවකින් අපවත් වෙලා තියනව කියලා ඔය වීඩියෝ එකේ නා උයනේ අරියධම්ම ස්වාමින්වහනේ පැහැදිලිකිරිමක් කරනවා. මන් එකමයි එ වීඩියෝ එක දැම්මෙත්. (listen 1st minute of this video)
    නෑ නෑ බන්. මේ සාදු නෙමෙයි. වෙන කෙනෙක්. මට නම මතක නෑ. මම නම් කියන්නෙ භාවනාවකින් වෙන්න ඕන මනස සුවපත්/තැන්පත් කරන එකනේ. ධ්‍යාන වඩනව කියන්නෙ විකාරයක්. ධ්‍යාන වඩපු හාමුදුරු කෙනෙක් ඉන්නවද ? මොනාද හම්බුන ධ්‍යානේ ? ඕනම දෙයක් ඕනවට වඩා වෙහෙස වෙලා limit එකත් පන්නලා කරන්න ගියහම පිස්සු හැදෙනවා තමයි. කෂඩ භාවනාව විතරක් නෙමෙයි. එදිනෙදා ඕනම වැඩක්. රැකියාවම බදාගෙන හිටියොත් stress වෙලා මානසික රෝග හැදෙනවා.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,366
    15,492
    113
    නෑ නෑ බන්. මේ සාදු නෙමෙයි. වෙන කෙනෙක්. මට නම මතක නෑ. මම නම් කියන්නෙ භාවනාවකින් වෙන්න ඕන මනස සුවපත්/තැන්පත් කරන එකනේ. ධ්‍යාන වඩනව කියන්නෙ විකාරයක්. ධ්‍යාන වඩපු හාමුදුරු කෙනෙක් ඉන්නවද ? මොනාද හම්බුන ධ්‍යානේ ? ඕනම දෙයක් ඕනවට වඩා වෙහෙස වෙලා limit එකත් පන්නලා කරන්න ගියහම පිස්සු හැදෙනවා තමයි. කෂඩ භාවනාව විතරක් නෙමෙයි. එදිනෙදා ඕනම වැඩක්. රැකියාවම බදාගෙන හිටියොත් stress වෙලා මානසික රෝග හැදෙනවා.
    දානේ වඩන්නේ මක්කටෙයි කුකුලොහ් පන්සලටම හම්බ වෙන්නේ ඔය.
     
    • Like
    Reactions: Candid-B

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,093
    2,982
    113
    ::0
    elakiri.com
    නෑ නෑ බන්. මේ සාදු නෙමෙයි. වෙන කෙනෙක්. මට නම මතක නෑ. මම නම් කියන්නෙ භාවනාවකින් වෙන්න ඕන මනස සුවපත්/තැන්පත් කරන එකනේ. ධ්‍යාන වඩනව කියන්නෙ විකාරයක්. ධ්‍යාන වඩපු හාමුදුරු කෙනෙක් ඉන්නවද ? මොනාද හම්බුන ධ්‍යානේ ? ඕනම දෙයක් ඕනවට වඩා වෙහෙස වෙලා limit එකත් පන්නලා කරන්න ගියහම පිස්සු හැදෙනවා තමයි. කෂඩ භාවනාව විතරක් නෙමෙයි. එදිනෙදා ඕනම වැඩක්. රැකියාවම බදාගෙන හිටියොත් stress වෙලා මානසික රෝග හැදෙනවා.
    ඔව් එකම දේ නිතර කරනකොට එහෙම වෙනවා, එත් සමහර වෙලාවට මෙ භාවනා කරනකොට මුලින් කරන්න තවා භවනා කිහිපයක් තියනා කියලයි මෙ පොතේ දක්කවලා තියෙන්නේ, සමහර වෙලාවට හරියට නොකර කොහෙන් හරි කැල්ලක් අල්ලන් කරන නිසා වෙනමොකක් හරි අද්දැකිමක් නිසා වෙන දෙයක් උනාද දන්නේ නැහැනේ. මට භාවනාව ගැන ගුරුවරයකු යටතේ ඉගනගෙන නැති නිසාත්, මෙ කසින භාවනා හරියට හදාරා නැති නිසාත් කියන්න දන්නේ නැ.

    ම්ම්ම් ඔයා බාවනා කරනවද

    මම මේ හාමුදුරුවොන්ගේ පොත කියවන්න ගත්තා, එ නිසා හිතුනා එලකිරියේ අය එක්ක බෙදාගන්න මෙ දැනුම.
    ------ Post added on Aug 17, 2023 at 9:10 PM
     
    • Like
    Reactions: NRTG and Candid-B

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම මේ හාමුදුරුවොන්ගේ පොත කියවන්න ගත්තා, එ නිසා හිතුනා එලකිරියේ අය එක්ක බෙදාගන්න මෙ දැනුම.
    ------ Post added on Aug 17, 2023 at 9:10 PM
    Kawuda machan hamuduruwo ? Uba catholic neda
     
    • Like
    Reactions: NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,093
    2,982
    113
    ::0
    elakiri.com
    Kawuda machan hamuduruwo ? Uba catholic neda
    කෝන්වැවේ අරියරතන හිමි.

    book.png
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,233
    113
    Mother Earth
    මම මේ හාමුදුරුවොන්ගේ පොත කියවන්න ගත්තා, එ නිසා හිතුනා එලකිරියේ අය එක්ක බෙදාගන්න මෙ දැනුම.
    ------ Post added on Aug 17, 2023 at 9:10 PM
    මම නම් කියන්නෙ ඕව කියවල වැඩක් නෑ. අනික ඔය තට්ටයො ලියපු පොත්වල තියෙන ඒවා පිළිපදින්නත් එපා බන්. භාවනා කරන්න ඕන නම් සමථ භාවනාව කරපන්. ඒකත් එක ලිමිට් එකකට.
     
    • Like
    Reactions: KrishanL89