💰🎬💥 "වවුල් මිනිසා" අභිබවා ගිය "ඕපන්හයිමර්" - නවතම බොක්ස් ඔෆිස් අදායම් වාර්තාව 🦇 🎬 💰

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,102
    113
    OEJYsUb.jpg


    ✍️ 🖼️ ලිපිය සහ ඡායාරූප සැකසුම: @Stimulus mind 🖼✍️

    අද ලැබුණු නවතම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවට අනුව ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ "Oppenheimer" සිනමාපටය 2022 වසරේ තිරගත වූ "The Batman" (Robert Pattinson බැට්මෑන්/ බෲස් වේන් ලෙස පණපෙවූ සිනමාපටය) සිනමාපටය ලොව පුරා ඉපැයූ බොක්ස් ඔෆිස් ආදායම වන ඇමරිකානු ඩොලර් මිලියන 771 වාර්තාව පසු කර යන්නට සමත් වුණා. ඒ "Oppenheimer' සිනමාපටය තිරගත කිරීම ආරම්භ කොට ගෙවුණු 6 වැනි සතිය අවසානයේ, එනම් අද දිනය වන විට ලොව පුරා ඉපැයූ බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 777.1 ක් බවට පත්වීමත් සමගයි. මේ අතර ඇමරිකා-කැනඩා බොක්ස් ඔෆිස් දර්ශකය (Domestic box office) තුළ ඇමරිකානු ඩොලර් මිලියන 300 සීමාවට ළගාවීමටත් "Oppenheimer' සිනමාපටය අද දිනයේදී සමත් වුණා.

    ඒ වගේම ක්‍රිස්ටෝපර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කළ 2010 වසරේ තිරගත වුණු 'Inception' සිනමාපටය ඇමරිකා-කැනඩා බොක්ස් ඔෆිස් දර්ශකය (Domestic box office) තූළ ඉපැයූ ඇමරිකොනු ඩොලර් මිලියන 292.6 (Not adjusted for inflation) වාර්තාව පසුකරමින් ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ සිනමාපට අතරින් "Domestic box office" දර්ශකය තුළ වැඩිම ආදායමක් හිමිකරගත් සිනමාපට අතර තෙවැනි ස්ථානයට (The Dark Knight සහ The Dark Knight Rises සිනමාපටයන් පළමු හො දෙවැනි ස්ථානවල පසුවේ) පත් වෙන්නත් මේ සමගම හැකිවුණා. මේ එළබෙන සතියේදී චීනය තුළ "Oppenheimer' සිනමාපටය තිරගත කිරීම ආරම්භ කිරීමට නියමිතව ඇති අතර මේ වනවිට ඇස්මේන්තු කර ඇති ආකාරයට සිනමා ශාලාවන්හීදී තිරගතවන සම්පූර්ණ කාලසීමාව අවසන් වනවිට "Oppenheimer' සිනමාපටය ඇමරිකානු ඩොලර් මිලියන 900-950 අතර ආදායමක් ලොව පුරා උපයනු ඇතැයි ද පුරෝකථනය කොට තිබෙනවා.

    එළබෙන සතියේදී චීනයේ තිරගත කිරීම ආරම්භ කිරීමත් සමග මේ වසරේ (2023) ලොව පුරා වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයූ සිනමාපට අතර තෙවැනි ස්ථානයේ පසුවන "Guardians of the Galaxy Vol. 3" සිනමාපටය (ලොව පුරා ඉපැයූ බ්ක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 845.4) පසුකරමින් එම දර්ශකයේ තෙවැනි ස්ථානයට පත්වීමට "Oppenheimer" සිනමාපටයට බොහෝවිට අවස්ථාව හිමිවේවි. මේ වන විට ලොව වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයූ "R rated - bigraphical" ගණයට අයත් සිනමාපටය බවට පත්වීමට ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ"Oppenheimer' සිනමාපටය සමත් වී ඇති අතර පුරෝකතනය කර ඇති ආකාරයට ඇමරිකානු ඩොලර් මිලියන 950 සීමාවට ළගාවීමට අවස්ථාව ලදහොත් 2018 වසරේ තිරගත වූ "Bohemian Rhapsody" සිනමාපටය (ඇමරිකානු ඩොලර් මිලියන 910.8 ක ආදායමක් ලොව වටා උපයා ඇත) අභිබවමින් ලොව වැඩිම ආදායමක් ඉපැයූ "biographical drama" ගණයට අයත් සිනමාපටය බවට පත්වීම්ට ද 'Oppenheimer' සිනමාපටයට අවස්ථාව උදාවනු ඇත. එමෙන්ම ලොව වටා ඇමරිකානු ඩොලර් බිලියන 1.074 ක බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයූ, 2019 වසරේ තිරගත කළ "Joker' සිනමාපයට පමණක් දෙවැනි වෙමින් ලොව වටා වැඩිම බොක්ස් ඔෆිස් අදායමක් ඉපැයූ "R rated" වර්ගීකරණය ලද සිනමාපටය බවට "Oppenheimer' සිනමාපටය ඉදිරි දින කීපයේදී පත්වේවි.



    "Oppeheimer' සිනමාපටයේ බොක්ස් ඔෆිස් ආදායම් සටහන

    DOMESTIC (38.6%)
    $300,024,260
    INTERNATIONAL (61.4%)
    $477,174,000
    WORLDWIDE
    $777,198,260


    මෙම ලිපිය හා සම්බන්ධ, මා මීට පෙර ලියා පළකළ ලිපිය

    💸🎬👧 නව බොක්ස් ඔෆිස් වාර්තා රැසක් පිහිට වූ 'Barbenheimer' සති අන්තය 💥🎬💰

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,102
    113
    Chandrayan Rocket 10ක්
    නෝලානුත් චන්ද්‍රයාන් එකට ගිය වියදමට වඩා ගාණක් හොයනවා මේ සැරේ. ඕපන්හයිමර් වෙනුවෙන් නෝලාන්ගේ Front end salary (base salary) එක ඩොලර් මිලියන 20 යි. තව ෆිල්ම් එක ලබන මුළු ලාභෙන් (first dollar gross) 20% කුත් හම්බවෙනවා. ඩොලර් මිලියන 100 කට කිට්ටු වෙන්න නෝලාන් විතරක් හොයයි ඕපන්හයිමර් වලින්. :yes: 😎
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,102
    113
    ko barbie?
    "Barbie' ඩොලර් බිලියන 1.340 හොයලා තියෙනවා දැනට. මේ අවුරුද්දෙ රිලීස් වුණු ෆිල්ම්ස්වලින් දෙවැනියට වැඩිම ගාණක් හොයපු ෆිල්ම් එක "Mario bros" ට පස්සේ. ඉදිරි සති 2-3 දි mario bros පහුකරලා මේ අවුරුද්දෙ වැඩිම ගාණක් හොයපු ෆිල්ම් එක barbie වේවි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,102
    113
    d54a7b74-af7d-4482-9ba3-1a29e8803890.jpg


    ඇමරිකානු ඩොලර් මිලියන 845.5 ක බොක්ස් ඔෆිස් ආදායමක් හිමිකර ගත් "Guardians of the Galaxy Vol. 3" සිනමාපටය අභිබවමින් මේ වසරේ තිරගත කළ සිනමාපට අතරින් වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ලොව වටා ඉපැයූ සිනමාපට ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත්වීමට ක්‍රිස්ටෝපර් නෝලාන්ගේගේ "Oppenheimer' සිනමාපටයට ඊයේ දිනයේදී හැකිවුණා. ඒ ලොව පුරා ඉපැයූ බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 853 ක් වීමත් සමගයි. මේ කඩඉම පසු කිරීමට 'Oppenheimer' සිනමාපටය සමත් වූයේ පසුගිය අගෝස්තු 30 වනදා චීනය තුළ තිරගත කිරීම ආරම්භ කිරීමෙන් පසුව ගතවූ දින පහක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 30.3 ක බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයීමත් සමගයි. මේ අතර ක්‍රිස්ටෝපර් නෝලාන් නිර්මාණය කළ සිනමාපට අතර ලොව වටා වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයූ සිනමාපට අතර තෙවැනි ස්ථානයේ සිටි ඇමරිකානු ඩොලර් මිලියන 837.2 ක් උපයාගෙන සිටි 'Inception' සිනමාපටයේ ආදායම් වාර්ථාව පසුකර යාමට ද 'Oppenhiemer' සිනමාපටය සමත් වුණා.

    ‘Equalizer 3’ Clocks Franchise-Best WW Debut; ‘Oppenheimer’ Reaches $851M Global With Strong China Start, ‘Barbie’ Dances To $1.38B+ – International Box Office


    "Oppenheimer' සිනමාපටයෙහි බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථාව


    DOMESTIC (36.4%)
    $310,271,000

    INTERNATIONAL (63.6%)
    $542,713,000

    WORLDWIDE
    $852,984,000​


    90



    මේ වසරේ ලොව පුරා වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයූ සිනමාපට

    RankTitleDistributorWorldwide gross
    1BarbieWarner Bros.$1,381,009,254
    2The Super Mario Bros. MovieUniversal$1,359,754,799
    3Oppenheimer$852,984,000
    4Guardians of the Galaxy Vol. 3Disney$845,522,394
    5Fast XUniversal$719,919,679
    6Spider-Man: Across the Spider-VerseSony Pictures$689,342,516
    7Full River RedEdko Films$673,556,758
    8The Wandering Earth 2CFGC$604,456,556
    9The Little MermaidDisney$569,182,791
    10Mission: Impossible – Dead Reckoning Part OneParamount$560,204,567
     

    Similar threads