අද ලැබුණු නවතම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවට අනුව ක්රිස්ටෝපර් නෝලාන්ගේ "Oppenheimer" සිනමාපටය 2022 වසරේ තිරගත වූ "The Batman" (Robert Pattinson බැට්මෑන්/ බෲස් වේන් ලෙස පණපෙවූ සිනමාපටය) සිනමාපටය ලොව පුරා ඉපැයූ බොක්ස් ඔෆිස් ආදායම වන ඇමරිකානු ඩොලර් මිලියන 771 වාර්තාව පසු කර යන්නට සමත් වුණා. ඒ "Oppenheimer' සිනමාපටය තිරගත කිරීම ආරම්භ කොට ගෙවුණු 6 වැනි සතිය අවසානයේ, එනම් අද දිනය වන විට ලොව පුරා ඉපැයූ බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 777.1 ක් බවට පත්වීමත් සමගයි. මේ අතර ඇමරිකා-කැනඩා බොක්ස් ඔෆිස් දර්ශකය (Domestic box office) තුළ ඇමරිකානු ඩොලර් මිලියන 300 සීමාවට ළගාවීමටත් "Oppenheimer' සිනමාපටය අද දිනයේදී සමත් වුණා.
ඒ වගේම ක්රිස්ටෝපර් නෝලන් විසින් අධ්යක්ෂණය කළ 2010 වසරේ තිරගත වුණු 'Inception' සිනමාපටය ඇමරිකා-කැනඩා බොක්ස් ඔෆිස් දර්ශකය (Domestic box office) තූළ ඉපැයූ ඇමරිකොනු ඩොලර් මිලියන 292.6 (Not adjusted for inflation) වාර්තාව පසුකරමින් ක්රිස්ටෝපර් නෝලන් අධ්යක්ෂණය කළ සිනමාපට අතරින් "Domestic box office" දර්ශකය තුළ වැඩිම ආදායමක් හිමිකරගත් සිනමාපට අතර තෙවැනි ස්ථානයට (The Dark Knight සහ The Dark Knight Rises සිනමාපටයන් පළමු හො දෙවැනි ස්ථානවල පසුවේ) පත් වෙන්නත් මේ සමගම හැකිවුණා. මේ එළබෙන සතියේදී චීනය තුළ "Oppenheimer' සිනමාපටය තිරගත කිරීම ආරම්භ කිරීමට නියමිතව ඇති අතර මේ වනවිට ඇස්මේන්තු කර ඇති ආකාරයට සිනමා ශාලාවන්හීදී තිරගතවන සම්පූර්ණ කාලසීමාව අවසන් වනවිට "Oppenheimer' සිනමාපටය ඇමරිකානු ඩොලර් මිලියන 900-950 අතර ආදායමක් ලොව පුරා උපයනු ඇතැයි ද පුරෝකථනය කොට තිබෙනවා.
එළබෙන සතියේදී චීනයේ තිරගත කිරීම ආරම්භ කිරීමත් සමග මේ වසරේ (2023) ලොව පුරා වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයූ සිනමාපට අතර තෙවැනි ස්ථානයේ පසුවන "Guardians of the Galaxy Vol. 3" සිනමාපටය (ලොව පුරා ඉපැයූ බ්ක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 845.4) පසුකරමින් එම දර්ශකයේ තෙවැනි ස්ථානයට පත්වීමට "Oppenheimer" සිනමාපටයට බොහෝවිට අවස්ථාව හිමිවේවි. මේ වන විට ලොව වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයූ "R rated - bigraphical" ගණයට අයත් සිනමාපටය බවට පත්වීමට ක්රිස්ටෝෆර් නෝලන්ගේ"Oppenheimer' සිනමාපටය සමත් වී ඇති අතර පුරෝකතනය කර ඇති ආකාරයට ඇමරිකානු ඩොලර් මිලියන 950 සීමාවට ළගාවීමට අවස්ථාව ලදහොත් 2018 වසරේ තිරගත වූ "Bohemian Rhapsody" සිනමාපටය (ඇමරිකානු ඩොලර් මිලියන 910.8 ක ආදායමක් ලොව වටා උපයා ඇත) අභිබවමින් ලොව වැඩිම ආදායමක් ඉපැයූ "biographical drama" ගණයට අයත් සිනමාපටය බවට පත්වීම්ට ද 'Oppenheimer' සිනමාපටයට අවස්ථාව උදාවනු ඇත. එමෙන්ම ලොව වටා ඇමරිකානු ඩොලර් බිලියන 1.074 ක බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයූ, 2019 වසරේ තිරගත කළ "Joker' සිනමාපයට පමණක් දෙවැනි වෙමින් ලොව වටා වැඩිම බොක්ස් ඔෆිස් අදායමක් ඉපැයූ "R rated" වර්ගීකරණය ලද සිනමාපටය බවට "Oppenheimer' සිනමාපටය ඉදිරි දින කීපයේදී පත්වේවි.
"Oppeheimer' සිනමාපටයේ බොක්ස් ඔෆිස් ආදායම් සටහන
DOMESTIC (38.6%)
$300,024,260
INTERNATIONAL (61.4%)
$477,174,000
WORLDWIDE
$777,198,260
මෙම ලිපිය හා සම්බන්ධ, මා මීට පෙර ලියා පළකළ ලිපිය
Last edited:
