ඔබෙ මතය

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකක්ද කියන්නෙ ?
     

    Attachments

    • FB_IMG_1693424871234.jpg
      FB_IMG_1693424871234.jpg
      88 KB · Views: 62
    • Like
    Reactions: elakiriaddict

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    සමාජ මාධ්‍ය කැලඹූ දරුවා ගැන ගත් තීරණය

    සමාජ මාධ්‍ය කැලඹූ දරුවා ගැන ගත් තීරණය​


    සිය නිවස දේපළ සියල්ලම සසුනට පූජාකරමින් පැවිදි දිවියට එළැඹි පවුලක් පිළිබඳ පුවතක් කැබිතිගොල්ලෑවෙන් වාර්තා විය.
    මෙලෙස පැවිදි දිවියට එළඹෙන්නේ මව, දියණිය සහ බෑණාය.
    සිව් හැවිරිදි දරුවෙක් සිටින මව්පිය යුවළක් පැවිදිවීමේ සිදුවීමක් පදනම් කරගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල විවිධ තොරතුරු හුවමාරු වෙයි.
    ඇතැමුන් මේ ගැන පළකර තිබුණේ දැඩි විවේචනාත්මක අදහස්ය.
    පසුගිය 27 වැනිදා මෙලෙස පැවිදි දිවියට ඇතුළත් වී තිබුණේ කැබිතිගොල්ලෑව පහළ උස්ගොල්ලෑවේ පදිංචිව සිටි වත්සලා දුෂ්මන්ති සහ ඇයගේ සැමියා වන නුවන් මධුෂංකය.
    33 හැවිරිදි වත්සලා ගිහිකළ වෘත්තියෙන් ගුරුවරියකි.
    ඇය සිය සැමියා සමඟ සසුන්ගතවී තිබුණේ මීට පෙර සසුන්ගත වී සිටි ගිහිකළ ඇගේ සහෝදරයා වන මැදවච්චිය ඇටඹගස්කඩ ඇටවීරගොල්ලෑවේ ගෝසිංග වන අරණේ සේනාසනාධිපති පූජ්‍ය කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමියන්ගේ මඟපෙන්වීම අනුවය.
    ඔවුන් දෙපළ පමණක් නොව වත්සලාගේ මව එසේත් නැත්නම් ගෝසිංග සේනාසනාධිපති හිමියන්ගේ ගිහිකළ මවත් එදිනම සසුන්ගත වී තිබුණි.
    ඥාතීත්වයෙන් මව, දියණිය සහ බෑණනුවන් වන ඔවුන් පැවිදි දිවියට එළඹෙන්නේ කැබිතිගොල්ලෑව පහළ උස්ගොල්ලෑවේ පිහිටි සිය නිවස ඉඩම් ඇතුළු දේපළද සසුනට පූජාකරමිනි.
    ගෝසිංග සේනාසනාධිපති පූජ්‍ය කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නක්.
    "නැගණියගේ පුංචි දරුවා අවුරුදු 4ක් වෙන්නේ ඉතින් ඒ දරුවාද මෙහෙණවර වාසය කරනවා. ඒ දරුවා පැවිදි දිවියට පත්වෙන්න සුදුසු විදිහට නැත්නම් සිල් රැකගන්න විකාල භෝජන ශික්ෂාපදය විශේෂයෙන්ම රැකගන්න පුළුවන් විදිහට හුරුකිරීම් කරනවා. අනතුරුව ඒ දරුවා ඉතා කැමැත්තෙන් ඉන්නවා පැවිදි වෙන්න."
     
    • Like
    Reactions: kitsooftlk

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නියමයක් නෙමෙයි. හැබැයි බැඳලා ළමයි හදන්නම ඕන සසර කලකිරෙන්න. ඔය අස්සේ බිජ්ජට අසීමාන්තිකව සැප දුන්නමත් හැමදේම දාල දුවන්න හිතෙනවා.
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    515
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    ඔය ලමයත් ටිකක් ලොකු උනාම මහණ කරනවලු ඒක නිසා අවුලක් නෑ හැබැයි බැන්දත් ලමයි නොහදම දෙන්න මහණ උනානම් හොඳයි මට හිතෙන්නෙ.
    හේතු හැදෙද්දි තමයි බ්‍රෝ හිත වෙනස් වෙන්නේ. ඒක කලින් කරානම් හොඳයි වගේ කතා ඔක්කොම නිකන් ගොන් කතා විතරයි
     
    • Like
    Reactions: Chimpanzee Putha

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,862
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හේතු හැදෙද්දි තමයි බ්‍රෝ හිත වෙනස් වෙන්නේ. ඒක කලින් කරානම් හොඳයි වගේ කතා ඔක්කොම නිකන් ගොන් කතා විතරයි
    ඔය ලමයගෙ වයස 5~6ක් වෙන්ඩ ඇති ඒ කාලෙ සසර කලකිරෙන්ඩ තරම් හැදුනු හේතු නිසා ඒ ලමයගෙ ජීවිතෙයි අනාගතෙයි වෙන කෙනෙක් තීරණය කරන එකත් ගොන් කතාවක් තමයි.
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    515
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    ඔය ලමයගෙ වයස 5~6ක් වෙන්ඩ ඇති ඒ කාලෙ සසර කලකිරෙන්ඩ තරම් හැදුනු හේතු නිසා ඒ ලමයගෙ ජීවිතෙයි අනාගතෙයි වෙන කෙනෙක් තීරණය කරන එකත් ගොන් කතාවක් තමයි.
    ඉතින් ලොක්කා උන් මහණ නොවුනත් ඔය ළමයාගේ ජීවිතයට බලපෑම් කරණවනේ. ලංකාවේ දෙමවුපියෝ ඉගෙනගන්න බලකරණව මුලින්ම. ඊට පස්සේ බඳින්න බල කරනවා. ඊට පස්සේ ළමයි හදන්න බලකරණවා. ඊට පස්සේ මුණුබුරු මෙහෙම හඩපන් අරම හදාපන් කියලා උපදෙස් දෙනවා. ඉතින් බලපෑම් වීම උන්ගේ මහණ කමෙන් ලොකුවට වෙනසක් වෙන්නේ නෑ නේ...
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ පවුල ගැන දැන්ම මුකුත් කියන්න බැහැ.

    තව අවුරුදු දෙකකින් විතර බලමු. බොහෝ විට ගත්තා තීරණේ ගැන පසුතැවෙන්න ඉඩ තියෙනවා.

    ගොඩාක් දුරට මෙහෙම වෙන්නේ ක්ෂණික මෝචනය වෙන කට්ටිය. අපි බලමුකෝ. :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ පවුල ගැන දැන්ම මුකුත් කියන්න බැහැ.

    තව අවුරුදු දෙකකින් විතර බලමු. බොහෝ විට ගත්තා තීරණේ ගැන පසුතැවෙන්න ඉඩ තියෙනවා.

    ගොඩාක් දුරට මෙහෙම වෙන්නේ ක්ෂණික මෝචනය වෙන කට්ටිය. අපි බලමුකෝ. :yes:
    අප්පට සිරි 🔥🔥