ඔටිසම් කියලා කියන්නේ භයානක රෝගී තත්ත්වයක් නෙවෙයි. එහෙත් බොහෝ වැඩිහිටියන් සිතන්නේ මේ ජීවිත කාලයටම විඳවිය යුතු රෝගී තත්ත්වයක් කියලා. ඒ වගේම තමයි අවාසනාවකට අද අප සමාජයේ සිටින බොහෝ දෙනෙක් මෙම ඔටිසම් දරුවන් සමාජයෙන් කොන් කරනවා. ඒක අපි කරන ලොකු වැරැද්දක්.
ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවෙක් ද කියලා සාමාන්‍යයෙන් දරුවෙක් ඉපදිලා මාස 18ක් වගේ කාලයක් යනකොට අපිට දැනගන්න පුලුවන් වෙනවා. ඒ ඔහු හෝ ඇය විසින් කරන යම් යම් අසාමාන්‍ය ක්‍රියාකාරකම් හේතු කොට ගෙන ය. ඒත් මේ බව නිශ්චිතවම අපට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ අවුරුදු තුනක් පමණ ගතවන විට වෛද්‍යවරයෙකු වෙත යොමු කර ලබාගන්නා නිගමනයන්ට අනුවය.
ඔටිසම් තත්ත්වයක් ඇතිවීමට බලපාන හේතු:
මේ සඳහා ස්ථිර හේතුවක් තවම සොයාගෙන නැහැ. නමුත් ළමා මනෝ වෛද්‍යවරයා අනුමාන කරන හේතූන් කිහිපයක් පහත දැක්වෙනවා.
උපත ආශ්‍රිත ගැටලු:බොහෝ වෙලාවට ගර්භනී කාලයේදී ඔබට වැළඳෙන ලෙඩ රෝග සඳහා ඔබ මෙහෙත් ගන්නවා. සමහර වෙලාවට ඒ බෙහෙත් කෙලින්ම ඔබේ දරු ගැබට බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි ගර්භනී අවධියේ දී විවිධ මානසික පීඩාවන්ට ලක් වෙලා තිබුනොත් එයද කෙලින්ම ඔබේ දරු ගැබට බලපානවා. ඒ වගේම තමයි ඔයාල විවිධ උපත් පාලන ක්‍රම අනුගමනය කරනවා. එහෙත් එවැනි අවස්ථාවක වුවත් දරු ගැබක් හට ගැනීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේ වෙලාවක ඔයාලා ඒ දරුවාව හදාගන්නවා. ඒ වගේ අවස්ථාවක ඉපදෙන දරුවා ඔටිසම් දරුවෙක් වෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ප්‍රසූත අවස්ථාවේදී සිදුවන යම් යම් අපහසුකාරී තත්ත්වයක් නිසා මොළයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය යම් අඩුවක් සිදු වුවහොත් එයද ඔටිසම් තත්වයක් ඇතිවීමට හේතු වෙනවා.
ජානමය හා පාරිසරික හේතු: පවුලේ ගොළු බිහිරි සාමාජිකයින් සිටීනම් එම තත්ත්වයද ඔටිසම් වලට බලපානවා. පරීක්ෂණ වාර්තා වලට අනුව හෙලි වෙලා තියෙන තවත් කරුණක් තමයි ගම්බදට වැඩිය ඔටිසම් දරුවන් වැඩි ප්‍රතිශතයක් නගරබදව වාසය කරන බව. ඒකට හේතුවෙලා තියෙන්නේ අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා. දරුවා ජීවත් වන්නේ මෙහෙකාරියක් සමගයි. මව වගේ ඇය දරුවාට ලෙන්ගතු නැහැ. දරුවා සමග ආදරයෙන් කතා කරන්නේ නැහැ. එම දරුවන්ට යහළුවන් සමඟ එකතු වී සෙල්ලම් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් වැඩි හරියක් තනිව ජීවත් වන නිසා ඔටිසම් අවදානමට ලක් වන්නට ඉඩකඩ තිබෙනවා. ගම්බද ජීවත්වන දරුවන්ට මෙම කාරණය හාත්පසින්ම වෙනස් එකක්. ඔවුන් වැඩෙන්නේ මව්පිය සෙනෙහස යටතේ. සෙල්ලම් කරන්න ඕන තරම් යාළුවො ඉන්නවා. ඔවුන්ට කිසිම වෙලාවක තනි වෙන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ.
ළදරු වියේදී ඇතිවන බරපතළ රෝගී තත්වයන්
දරුවාගේ අම්මා දරුවා ප්‍රසුත කරන කාලයේදී වයසින් ගොඩක් වැඩි නම් ඒ දරුවාට ඔටිසම් තත්වයක් ඇති වෙන්න පුළුවන්
දියවැඩියාව හා අධික තරබාරුව වැනි මවට තිබිය හැකි සංකුලතා
ඔටිසම් දරුවන් සිටින දෙමාපියන්ගේ වගකීම කුමක්ද?
මෙවැනි ක්‍රියාකාරකම් තියෙන දරුවෙකුට කොයිම වෙලාවකවත් ගහන්න එපා. සැරවැර කරන්න එපා. එයාට ආදරය ලබා දෙන්න. ඔටිසම් දරුවකු ගේ මනස වැඩෙන්නේ ඉතාමත් සෙමින්. ඒ වැඩ වලට ඔයාලා කේන්ති ගන්න එපා. එවැනි දරුවන් අනිත් ළමයින් අතරින් කොන් කරන්න එපා. හැකි සෑම විට ම සමාජ ගතකරන්න. ඔවුන් සමග සෙල්ලම් කරන්න. කුඩා කුඩා වචන ඔවුන්ගේ කටින්ම ලබාගැනීමට උත්සාහ දරන්න.
ඔටිසම් දරුවන් සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?
ඔටිසම් සඳහා නිසි ප්‍රතිකාර ක්‍රමයක් තවමත් සොයාගෙන නැහැ. එහෙත් විවිධ රටවල්වල ඒ සඳහා විටමින් වර්ග සහ මොළේ සෛල වර්ධනය කිරීමට අවශ්‍ය විවිධ එන්නත් වර්ග භාවිතා කරනවා. නිවැරදි චිකිත්සක ප්‍රතිකාර මඟින් ද ඔටිසම් අවදානම වළක්වා ගත හැකියි. දරුවාගේ සන්නිවේදන හා අන්තර් ක්‍රියා කුසලතා වර්ධනය කිරීම, හැසිරීම් සම්බන්ධයෙන් ඇති ගැටළු සහගත තත්වයන් සකසා ගැනීම , ස්වාධීන පුද්ගලයකු වශයෙන් සමාජයට මුහුණදීමට දරුවා පුරුදු පුහුණු කරවා ගැනීම වැදගත් වෙනවා.
සාමාන්‍යයෙන් දරුවෙක් දුටුව පමණින් අපට ඔහු ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවෙක් ද යන්න නිගමනය කරන්න බැහැ. ඒ නිසා ඔබේ දරුවාගේ අසාමාන්‍ය හැසිරීම් රටා පවතින්නේ නම් ඒ සඳහා සුදුසුකම් ලත් ෛද්‍යවරයකු වෙත දරුවා රැගෙන යන්න. වෛද්‍යවරයා විසින් එළඹෙන නිගමනයන්ට අනුව ඒ සඳහා වෛද්‍යවරයා විසින් නියම කරන ලද සායන වෙත දරුවා රැගෙන යන්න.
-------
harin neda ithin , ubata wela thiyenne oka thamai
uda tika witharai kyewuwe . kamali thoge baila kiyawanna
------
Post added on Sep 29, 2023 at 5:33 AM