සේවිකාවකට පහරදුන් කඳාන ව්‍යාපාරික යුවළ

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.

    සේවිකාවකට පහරදුන් කඳාන ව්‍යාපාරික යුවළ අත්අඩංගුවට​


    collage.webp


    පෞද්ගලික ආයතනයක් තුළ දී යුවළක එහි සේවය කරන කාන්තාවකට අමානුෂික අන්දමින් පහරදෙන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක් පසුගිය දින කිහිපයේ දී සමාජ මාධ්‍යවල සංසරණය වීමෙන් අනතුරුව එම පුද්ගලයින් සම්බන්ධ පොලිසියට තොරතුරු ලැබී එකී යුවළ අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා විය.

    119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ඊයේ (14) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති මෙම යුවළ කඳානේ සිට ක්‍රියාත්මක KD Express නමැති කුරියර් සේවා ආයතනයක හිමිකරුවන් වන බවත් කසුන් මධුෂංක හා ප්‍රහර්ෂණී අරුණාලි ලෙස සමාජ මාධ්‍ය තුළින්ද කරුණු වාර්තාවී තිබුණි.

    සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතින අමානුෂික ලෙස ඔවුන් සේවිකාවට පහරදෙන වීඩියෝවේදී තරුණියට ආයතනයේ හිමිකරු මුලින්ම පහර දෙන අයුරුත් එම අවස්ථාවේ වාඩිවී සිටින බිරියද නැගිට ටිකකින් ඇයට පහර දෙන අතර පසුව අමානුෂික ලෙස ප්ලාස්ටික් පුටු වලින් ඇයට දෙන්නාම එක්ව පහර දෙනු හඳුනාගන්නට ලැබේ. තරුණිය ප්‍රතිප්‍රහාර දෙන්නට යන්නේ නැත. ඇය බිම ඇද වැටෙන අතර, ඉන් පසුවද ආයතන හිමිකරු යළිත් ඇයට අමානුෂික ලෙස පහරදෙන දෙනු දක්නට ලැබේ.
    පොලිසිය පවසන්නේ පහරකෑ තරුනිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුනේ නැති නමුත් 119 අංකයට ලැබුණ තොරතුරු ඔස්සේ යුවළ අත්අඩංගුවට ගත් බවයි.
    අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය අද (15) දින වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    ආන්දෝලනය මතුකළ වීඩියෝව පහතින්




    source: https://www.gossiplankanews.com/2023/10/blog-post_997.html
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,704
    197,783
    113
    Colombo, Sri Lanka
    යකෝ තිරිසේනේකුටවත් ගහනවද ඔය විදිහට
    අර ගුටි කන එකිත් කොච්චර ගැහුවත් කොන්ඩේ ස්ටයිල් එක හදා ගන්නවා විතරයි
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකෝ තිරිසේනේකුටවත් ගහනවද ඔය විදිහට
    අර ගුටු කන එකිත් කොච්චර ගැහුවත් කොන්ඩේ ස්ටයිල් එක හදා ගන්නවා විතරයි

    thadiyagen guti kala puruduyda manda
    uge spare wheel ekakda danne na

    kari thadiyage muna dakkama thadi pollakin thatteta denna hithenawa
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Loku damage ekak karanna athi :lol:
    මොනව උනත් ගැහුවා කියලා තේරුමක් නැහැනේ. ඩමේජ් එක රිකවර් වෙනවා කියල ද ? අනික ගහපු ගැහිල්ල හැටියට අතක් පයක් කැඩුණේ නැති එක පුදුමයි.