Cryptocurrency investing
ඔව් ඔව්, වැඩියෙන්ම ඉන්නෙ binance futures කරන්න ගිහින් පුපෙන් ගිය උන්. මෙහෙමයි crypto market එකේ Bitcoin ඇරුනම තව ඕනේ තරම් Coin, token තියෙනව වගේම leverage trading ඇරුනම තව ඕනේ තරම් earn කරන්න විදි තියෙනව. උදාහරණ විදිහට spot trading, staking, play to earn games, farming etc. මම මෙතන කියන්න හැදුවෙ spot trading ගැන. Crypto spot market එකේ alt coin එකක් 1-10% වගෙ යන එක සාමාන්‍ය දෙයක්. අපිට තියෙන්නෙ හරියට entry, exit point ගැන ඉගෙන ගන්න. පොඩ්ඩක් හිතන්න ඔයා 1000$ වගේ invest කරල trade කරා කියල. 1% කියන්නෙත් 10$. වැඩෙට බහින්න කලින් හැබයි හොඳ දැනුමක් ඔනේ. ලන්කාවෙ ගොඩක් අය දවසෙන් කෝටිපතියො වෙන්න තමයි කොහෙන් හරි හොරෙක්ගෙන් කෝස් කෑල්ලක් කරල එන්නෙ. එයලා කෙලින්ම බහින්නෙ ලොකු profit ගන්න leverage trading වලට ඉතින් අන්තිමට පුපෙන් යනව. සාමාන්‍යයෙන් පොඩි ගානක් target කරල කරන කෙනෙක්ට හෙමින් යන්න පුලුවන්.
Camping site rent
Camping බඩු rent කරන වැඩෙට මම පෞද්ගලිකව ආස නෑ මහ කරදර වැඩක්. දන්නවනෙ ලංකාවේ අයගෙ හැටි. හොඳ view එකක් පේන කන්දක් වගේ පැත්තක අඩුවට ඉඩම් කෑල්ලක් සෙට් කරගත්ත්නම් camping කරන අයට rent එකට දෙන්න පුලුවන්. හැබයි ඉතින් හොඳ marketing පාරක් දෙන්න වෙනව තැන ගැන.
Cafe
මෙකනම් අපි ඔනේ තරම් fb එකේ කෙල්ලො දාන photo වල දැකල තියෙනවනෙ. මේවගේ ඇති දෙයක් නෑ ගනන් වැඩි එක විතරයි. Cafe වලට ආකර්ෂණය එන්නෙ interior design එකෙන්. ඉතින් පට්ට interior එකක් දාල, කෙල්ලොන්ට photos ගන්න එහෙම හොඳ area එකක් දාල, marketing එකක් දෙන්න පුලුවන් නම් පට්ට.