අලියා මරල හොඬ සහ කණක් කපාල

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මේවා කරන උන් අල්ලන ලේසියෙන්ම පුළුවන්.
    එත් අල්ලන්නේ නැත්තේ ඇයි?


    ඝාතනය කර හිස කඳින් වෙන් කර, හොඬ සහ කණක් කපා දමා ඇති වන අලියෙකුගේ හිසක් කිරිඳි ඔය ඉවුරෙන් හමුව ඇතැයි වාර්තා වේ.

    402642380_663011312609435_6815539806718983681_n.jpg
    401486344_663011155942784_1962158643391691692_n.jpg

    402636197_663011232609443_5178083499517229851_n.jpg

    402638191_663011352609431_988112892840023808_n.jpg




    දින දෙකකට කලින් එක ලඟ රාත්‍රින් දෙකක්දී වන අලි ජීවිත දෙකක් අහිමි වුනා. ඒ එකම තැනක රැඳිලා තිබුණු ප්‍රාණය නිරුද්ධ සිරුරු දෙක... ඒ රංචුවේ අලි තුන් දෙනෙකු සිටි බවත්, ඉන් දෙදෙනෙකු එසේ මිය ගොස් ඇති බවත් ගම් වාසීන් ප්‍රකාශ කලා... තුන් වෙනි එක්කෙනාට මෙතනට එන්න නොලැබේවා කියලා මං ඒ වෙලාවෙ ප්‍රාර්ථනා කරා... ඒත් ඒ සිද්ධියෙන් හරියටම දින දෙකකට පස්සෙ.... මේ ඒ කිව්ව තුන්වෙනියද.... කලින් මරණ දෙකම දියේ ගිලීයාමෙන් සිදු වූ මරණ බවට පශු වෛද්‍යවරයා නිගමනය කළා. ඒත් මේක අමානුෂික ඝාතනයක්. සතෙකුට උනත් මෙහෙම කුරිරු මරණයක් උරුමකර දෙන්න මිනිස්සුන්ට පුලුවන්ද... කලින් මරණ දෙක තිබුණු තැනට හරියටම මීටර දෙසීයක් පමණ ඉහළින් මේ අලියා ගේ සිරුර අද උදෑසන හමුවුණා. කඳින් වෙන් කර තිබූ මෙම හිසෙහි හොඬවැලත් එක කනකුත් කපා දමා තිබුණා.



    වෙනත් ස්ථානයකදී වෙඩි තබා ඝාතනය කොට ශරීරයේ කොටස් ලෙස කපා කැබලි වෙන්කොට එම කොටස් වෙන් වෙන් වශයෙන් කිරිඳිඔයට ගෙන දමන්නට ඇතැයි සැක කෙරෙනවා. දැනට හමු වී ඇත්තේ මෙම හිස කොටස විතරයි. මෙම වන අලියා ගේ ශරීරයෙහි ඉතිරි කොටස් සොයා වැල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් මේ වන විටත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම අමානුෂික ඝාතනයේ සුලමුල සොයා කුඩාඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා ඇතුළු විශේෂ කණ්ඩායමක් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී. අප සියලු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ද දැඩි ශෝකයට කරුණක් වූ මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ වලදී ප්‍රදේශවාසීන් ද දැඩි කැපවීමකින් ක්‍රියා කළ අතර ඔවුන්ගේ ඒකායන ඉල්ලීම වනුයේ මෙම කුරිරු සිදුවීමට අදාළ සියලු වැරදිකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට ගෙන එන ලෙසයි.

    දිගින් දිගටම සිදු වූ තුන්වැනි වන අලි මරණයත් සමග ප්‍රදේශවාසීන් ද තරමක් නොසන්සුන්තාවයට පත්ව ඇත. වන අලියාගේ මෙම හිස පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ලුණුගම්වෙහෙර ප්‍රදේශය බාර පශු වෛද්‍ය නිලධාරී ධර්මකීර්ති මහතා විසින් හෙට දින සිදුකිරීමට නියමිතය.


     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වගාව පාලු කරපු එකේ තරහ පිරිමහන්න කරපු වැඩක්ද දන්නේ නෑ.
     
    • Sad
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    අහස පොළව උහුලන්නෙ නැති අපරාධ බං මේව. අනේ මංද මේ වගේ දේවල් පෝස්ට් කරන්නත් එපා. දකිද්දිත් අප්පිරිය හිතෙනව. මට දැක්ක වෙලාවෙ ඉඳල පට්ට අප්සට්...
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    දැන් මාසයක් වත් නැද්ද කොහෙද වගා ලිදක හිටපු අලි පැටියෙකුගේ පන පිටින් ද මන්දා කන කපන් ගිහින් තිබුන. අයියෝ පපුව දවලා ගියා 🥺
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අලියාගේ ඔලුවේ කට්ට ගන්න කරාද දන්නේ නෑ . අරන් යන්න හොඩෙත් කපල කන් කපල දාන්න ඇති. :baffled:
    ඔලු කටු ඕන තරම් කැලෙන් හොයා ගන්න පුළුවන් බන්.
    මරන්න ඕනේ නැ.
    මේ වගේ කන්, හොඩේ කපන්නේ නම් පුජා වලට.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,472
    113
    Deffa poojawak kirindi oyata watila me langadi Ali denneka marila thibba (sure ekata marala)

    Gnanakka probably started work again?
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ජන්දෙට ලැස්ති වෙනවා ඩ
    එතකොට ගිය සැරේ ජනාධිපති උන කෙනාද ඒ සැරේ ඇත්තු මරල තිබුනේ?

    View attachment 219022


    මෙයාල තවම සිද්දිය දන්නේ නැතුව ඇති දන්නවනම් මොනවාහරි කරනවා
    bump
     
    • Like
    Reactions: NRTG